settings icon
share icon
ප්‍රශ්නය

සිද්ධාන්තවාදි දේවවේදය නම් කුමක්ද රෑ?

පිළිතුර


සිද්ධාන්තවාදි දේවවේදයට එම නාමය ලැබුනේ ග්‍රීක සහ ලතින් වචනයක් වන ඩොග්මා යන්නෙන් වන අතර එය දේවවේදය පිළිබදව සදහන් කිරීමේදී සරලවම අදහස් කරනුයේ "විධිමත් සහ බලයලත් ලෙස තහවුරු කර ඇති ඉගැන්වීමක් හෝ ඉගැන්වීම් සමූහයක්" ලෙසය. මූලික වශයෙන් සිද්ධාන්තවාදි දේවවේදය යනු රෝමානු කතෝලික සභාවල ඕලන්ද රෙපරමාදු සභාව ආදී සංවිධානාත්මක සභා මණ්ඩලයක් විසින් පිළිගත් නිල හෝ "අනම්‍යශීලි" දේවවේදය වේ.

සිද්ධාන්තවාදි දේවවේදය‍ යන පදය ප්‍රථම වරට 1659 දී එල්ග රයින්හාඩ් විසින් රචිත කෘතියක මාතෘකාව ලෙස ප්‍රකාශයට පත් වූ විශ්වාස කෙරෙන අතර ප්‍රතිශෝධනයෙන් අනතුරුව මෙම යෙදුම වඩාත් පුළුල් ලෙස භාවිතා වූ අතර සභාව නිල වශයෙන් සකස් කර ඇති ඇදහිල්ලේ ලිපි ඛාණ්ඩයන් නම් කරනු පිණිස භාවිතා කරන ලදී. සිද්ධාන්තවාදි දේවවේදයට කදිම නිදසුනක් නම් දේවවේදවාදී ගැටළු විසදීමට සහ මිථ්‍යාදෘෂ්ඨික ඉගැන්වීම් වලට එරෙහිව ස්ථාවරයක් ගැනීමට උත්සාහ කළ මුල් සභා විසින් සකස් කරන ලද ඉගැන්වීම් ප්‍රකාශනයන් හෝ සිද්ධාන්තග්‍රාහයන්ය. සභා මණ්ඩලයන් තුළින් පිටතට ආ ඇදහිලි ක්‍රම සහ සිද්ධාන්තග්‍රාහයන් සියලූම කිතුණුවන්ට ආධිපත්‍යය පැවරීම හෝ ඔවුන් කෙරෙහී බැදීමක් ඇති කරනු ලැබුවේ සභාව විසින් නිල වශයෙන් සහතික කරනු ලැබූ හෙයිනි. සිද්ධාන්තවාදි දේවවේදයෙහි එක් අභිප්‍රායක් නම් කිතුණු ධර්මයට අත්‍යවශ්‍යය යයි සැලකෙන එසේම ප්‍රතික්ෂේප කරනු ලැබූවහොත් මිථ්‍යදෘෂ්ඨිය සංස්ථාපනය කරනු ලබන්නාවූ ඉගැන්වීම් ක්‍රමවත්ව දැක්වීමටත් සන්නිවේදනය කිරීමට සභා ශරීරයට හැකියාව ලබා දීමය.

සිද්ධාන්තවාදි දේවවේදය ඇතැම් අවස්ථා වලදී ක්‍රමානුකූල දේව ධර්මය හා සමග පටලවා ගනු ලබන අතර මෙම පද දෙක මාරුවෙන් මාරුවට භාවිතා කරනු ලැබෙිග කෙසේ නමුත් මෙම පද දෙක අතර විචක්ෂණ මෙන්ම වැදගත් විෂමතා දක්නට ලැබේ. ක්‍රමානුකූල දේවවේදය හා සිද්ධාන්තවාදි දේවවේදය අතර වෙනස අවබෝධ කර ගැනීමට නම් "සිද්ධාන්තවාදි" යන පදය මගින් ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශයන් පමණක් නොව එම ප්‍රකාශයන්ගේ විනයානුගත මෙන්ම බලයලත් සහතිකයත් අවධාරණය කරනු ලබයි. ක්‍රමානුකූල දේවවේදය හා සිද්ධාන්තවාදි දේවවේදය අතර ඇති මූලික වෙනස නම් ක්‍රමානුකූල දේවවේදය යම් සභාවකින් හෝ විනයානුගත සභා ශරීරයකින් කිසිඳු නිල අවසරයක් හෝ අනුමැතියක් අවශ්‍යය නොවන අතර සිද්ධාන්තවාදි දේවවේදය සෘජුවම යම් සුවිශේෂී සභා ශරීරයකට හෝ නිකායකට සම්බන්ධ වී තිබේ. සිද්ධාන්තවාදි දේවවේදය සාමාන්‍යයෙන් සාකච්ඡා කරනු ලබන්නේ එකම ඉගැන්වීම වන අතර ක්‍රමානුකූල දේවවේදය හා සේම බොහෝ විට භාවිත කරනු ලබන්නේ එකම දළ සටහන සහ ව්‍යූහය වන නමුත් එසේ කරනුයේ නිශ්චිත නිකායකට හෝ සභාවකට අනුබද්ධිත දේවවේදවාදී ස්ථාවරයෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සිද්ධාන්තවාදි දේවවේදය නම් කුමක්ද රෑ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries