settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරනවාද?

පිළිතුර


යාච්ඤාව යනු දෙවියන්වහන්සේ සමග සන්නිවේදනය කිරීමේ ක්‍රියාවයි. යේසුස්වහන්සේ පොළොවේ සිටියදී යාච්ඤාව ජීවිතයේ විශාල කොටසක් බව අපි දනිමු (ලූක් 6:12; මාක් 14:32; මතෙව් 26:36). උන් වහන්සේ තම පියා සමඟ තනිවම සැලකිය යුතු කාලයක් ගත කළේය. බොහෝ විට, උන්වහන්සේ යාච්ඤා කළ දේ ගැන අපට අනුමාන කළ හැකිය. කෙසේ වෙතත්, අළුත් ගිවිසුමේ ස්ථාන කිහිපයක් අපට උන්වහන්සේ යාච්ඤා කළ දේ හරියටම කියයි.

මතෙව් 19:13 හි උන්වහන්සේ කුඩා දරුවන් වෙනුවෙන් යාච්ඤා කළා. ලූක් 22:32 හි උන්වහන්සේ අපට පවසන්නේ පේතෘස්ගේ ඇදහිල්ල ශක්තිමත්ව පවතින ලෙස උන්වහන්සේ යාච්ඤා කළ බවය. යොහන් 17 හි, යේසුස් වහන්සේගේ උත්තම පූජක යාච්ඤාව, උන්වහන්සේ තම අනුගාමිකයන් උදෙසා සහ “ඔවුන්ගේ පණිවිඩය තුළින් මා විශ්වාස කරන අය උදෙසා” යාච්ඤා කළේය (20 පදය). ඒ අපි! දැන් යේසුස්වහන්සේ නැවත ස්වර්ගයට නැඟී ඇති අතර, උන්වහන්සේ තවමත් අප වෙනුවෙන් යාච්ඤා කරයි. අප වෙනුවෙන් උන්වහන්සේගේ සේවය දිගටම පවතී (හෙබ්‍රෙව් 7:25).

යේසුස්වහන්සේ අපගේ “නීතිවේදිය් පියාණන් වහන්සේ උදෙසා” (1 යොහන් 2:1). නීතිඥයෙකු යනු තවත් අයෙකු වෙනුවෙන් නඩුවක් ඉල්ලා සිටින අයෙකි. තමන් වෙනුවෙන් කතා කළ නොහැකි අය වෙනුවට නීතිඥයින් පෙනී සිටිති. යේසුස්වහන්සේ අපගේ උපදේශකයා ලෙස පියාණන්වහන්සේ ඉදිරියෙහි සිටගෙන අප වෙනුවෙන් ආයාචනා කරයි. යේසුස්වහන්සේගේ උපදෙස් පලදායී වනු ඇත. මක්නිසාද පියාණන් වහන්සේ පැවසුවේ “මේ මාගේ පුත්‍රයාය, මම ප්‍රේම කරමි. ඔහු ගැන මම සතුටු වෙමි” (මතෙව් 3:17). යේසුස්වහන්සේ අප උදෙසා කරන යාච්ඤා නිරන්තරයි, සහ ඒවා පරිපූර්ණයි.

අපට ක්‍රිස්තුස්වහන්සේ තුළ නීතිඥයෙකු ඇත, නමුත් අපට ද චූදිතයෙකු ඇත: සාතන්, අපට දිවා රෑ චෝදනා කරයි (එළිදරව් 12:10; සෙකරියා 3:1). අපගේ මාරාන්තික සතුරා දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපගේ පාප විකාශනය කරයි. නමුත් රෝම 8:33-34 පවසනවා සාතන්ගේ ද්වේෂය ගැන අප කරදර විය යුතු නැති නිසා අපගේ නීතිඥ යේසුස්වහන්සේ වඩා බලවත්: “දෙවියන්වහන්සේ තෝරාගත් අයට විරුද්ධව චෝදනා කරන්නේ කවුද? යුක්තිසහගත කරන්නේ දෙවියන්වහන්සේ ය. එසේ නම් හෙළා දකින තැනැත්තා කවුද? කිසි කෙනෙක නැහැ. මියගිය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ - ඊටත් වඩා, ජීවනයට උත්ථාන වූ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින අතර අප වෙනුවෙන් මැදිහත් වේ.

යොහන් 17 හි, යේසුස්වහන්සේ තම අනුගාමිකයන් වෙනුවෙන් යාච්ඤා කරන අතර, එම යාච්ඤාවෙන් යේසුස්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරන දේවල් ඉගෙන ගත හැකිය. යේසුස්වහන්සේ අප උදෙසා යාච්ඤා කරන්නේ අප මේවා කර මේ දේවල් කරන ලෙසයි:

• දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගන්න (3 පදය)

• ඇදහිල්ල අත්හැර යෑමෙන් ආරක්ෂා වන්න (11 පදය)

• පියා සහ පුත්‍රයා එකා මෙන් ආත්මයෙන් සිටින්න (11 පදය)

• උන්වහන්සේගේ ප්‍රීතියෙන් පිරී යන්න (13 පදය)

• නපුරු තැනැත්තාගෙන් වළකින්න (15 පදය)

• දේවවචනය තුළින් විශුද්ධ වන්න (17 පදය)

• පරම්පරා ගණනාව පුරාම ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්සත් වී සිටින්න (20-21 පද)

• අපගේ ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේගේ පණිවිඩය ලොවට ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න (23 පදය)

• සදාකාලයටම ස්වර්ගයෙහි උන්වහන්සේ හා එක්වන්න (24 පදය)

• පියා සහ පුත්‍රයා අතර ඇති එකම ප්‍රේමය අත්විඳින්න (26 පදය)

හෙබ්‍රෙව් 4:14-16හි යේසුස්වහන්සේ අපගේ උත්තම පූජකයා ලෙස විස්තර කරයි. උන්වහන්සේ අප උදෙසා කළ මැදිහත් වීම නිසා අපට පියාණන් වහන්සේ වෙතට පිවිසිය හැකිය. මක්නිසාද යත්, අපගේ දුර්වලකම් ගැන සංවේදනය කළ නොහැකි උත්තම පූජකයෙකු අප සතුව නැත, නමුත් අප සිටින ආකාරයටම සෑම ආකාරයකින්ම පරීක්ෂාවට ලක් වූ අයෙකු අප සතුව ඇත, නමුත් උන්වහන්සේ පව් නොකළේය. එබැවින් අපි දෙවියන් වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත විශ්වාසයෙන් ළඟා වෙමු. එවිට අපට දයාව ලැබෙනු ඇති අතර අපගේ අවශ්‍යතා සඳහා අපට උපකාර කිරීමට කරුණාව ලැබේ. ” මේ ජීවිතයේ අපට මුහුණ දීමට සිදුවිය හැකි දේ තිබියදීත්, අප යේසුස් වහන්සේට අයිති නම් උන්වහන්සේ නිතරම අප උදෙසා යාච්ඤා කරන බවට විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries