settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට අපව අවශ්‍යද?

පිළිතුර


දෙවියන්වහන්සේ ශුද්ධ, සදාකාලික, සර්වබලධාරී සහ මුළුමනින්ම ස්වයංපෝෂිතය. උන්වහන්සේට කිසිම මවනු ලැබු දෙයක් අවශ්‍ය නැත, නමුත් අපට උන්වහන්සේ අවශ්‍යය. මුළු මැවිල්ලම රඳා පවතින්නේ දෙවියන්වහන්සේ පමණක් පවත්වාගෙන යන ජීවිතය මතය. "උන්වහන්සේ ගවයන් සඳහා තණ කොළ වැඩීමට සලස්වයි" සහ "සියලු ජීවීන් නිසි වේලාවට ඔවුන්ගේ ආහාර ලැබිමට උන්වහන්සේ දෙස බලයි. . . උන් වහන්සේ ඔවුන්ගේ හුස්ම ඉවතට ගත්විට, ඔවුන් මිය ගොස් දූවිල්ලට හැරීයයි (ගීතාවලිය 104:14, 27, 29).

දෙවියන්වහන්සේ, අනෙක් අතට, කිසිවක් හෝ කිසිවෙකු මත රඳා නොපවතී. උන්වහන්සේට කිසිදු අඩුවක් නැත, සීමාවක් නැත, හිගකමක්ද නැත. උන්වහන්සේ සුදුසුකම් හෝ ව්‍යතිරේකයක් නොමැති "මම වෙමි" (නික්මයාම 3:14). ජීවත්ව සිටීමට හෝ සම්පූර්ණ බවක් දැනීමට උන් වහන්සේට යමක් අවශ්‍ය නම්, උන්වහන්සේ දෙවියන්වහන්සේ නොවනු ඇත.

ඉතින් දෙවියන්වහන්සේට අපව අවශ්‍ය නැත. එහෙත්, පුදුම සහගත ලෙස, උන්වහන්සේ අපට උද්‍යෝගයෙන් ප්‍රේම කරන අතර උන්වහන්සේගේ යහපත්කමින් උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේ සමඟ සදහටම ජීවත් වීමයි. අවුරුදු 2,000 කට පෙරදෙවියන්වහන්සේම මාංශවත්වි, පොළොවට පැමිණ, අපගේ පාපයට කුලිය ලෙස තමන් වහන්සේවදි, අප කෙරෙහි උන්වහන්සේගේ ගැඹුරු ප්‍රේමය ඔප්පු කිරීමටත් උන්වහන්සේගේ ජීවිතයම දුන්නේය. උන්වහන්සේ අපව සමගි කිරීම සඳහා අවසාන මිල ගෙවා ඇති අතර කිසිවෙකු ඔවුන්ට අවශ්‍ය නැති හෝ වටිනාකමක් නැති දෙයක් සඳහා ඉහළ මිලක් ගෙවන්නේ නැත.

තම භූමික දේව සේවයේ අවසානයේදී තමාට සිදුවන්නේ කුමක්ද යන්න යේසුස්වහන්සේ නිසැකවම දැන සිටියේය (මාක් 8:31; යොහන් 18:4). ගෙත්සෙමනේ උන්වහන්සේගේ වේදනාවෙන්, උන්වහන්සේට ඉක්මනින් සිදුවීමට යන පීඩා ගැන යාච්ඤා කරමින් සිටියදී, උන්වහන්සේගේ ඇහිබැමෙන් ලේ මුසු දහඩිය ගලා ගියේය (ලූක් 22:44). යෙසායා 52:14 හි අනාවැකිය යේසුස්වහන්සේ හොඳින් දැන සිටියේය. "උන්වහන්සේගේ පෙනුම කිසිම මනුෂ්‍යයෙකුගේ පෙනුමට වඩා විකෘතිවී ඇති අතර උන් වහන්සේගේ ස්වරූපය මිනිස් ස්වරූපයට වඩා විනාශවී ඇත." මනුෂ්‍ය පුත්‍රයා ඇටකටුවලට තෙක් හම ගසා ඔහු තවදුරටත් මිනිසෙකුට සමාන නොවේ. එම වධහිංසා පැමිණවීම ඊටත් වඩා දරුණු දෙයක්, කුරුස පත් කිරීම, මෙතෙක් සැලසුම් කර ඇති වඩාත්ම වේදනාකාරී හා නපුරු ක්‍රමයයි.

ක්‍රිස්තුස්වහන්සේ හා එක්වූ පසු, අපව උන්වහන්සේගෙන් වෙන් කිරීමට කිසිවකට නොහැකිය. රෝම 8:38-39: "මක්නිසාද මරණයට හෝ ජීවිතයට, දේවදූතයන්ට හෝභූතයන්ට, වර්තමානයට හෝ අනාගතයට හෝ කිසිම බලයකට, උසකට හෝ ගැඹුරකට හෝ වෙනත් කිසිම මැවීමකට හැකියාවක් නැති බව මට විශ්වාසයි. අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න."

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් අලුත් කරනු ලැබේ. උන් වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ ගැඹුර අපට වැටහෙයි: "මා ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියේ ඇණ ගසනු ලැබූ අතර මම තව දුරටත් ජීවත් නොවෙමි, නමුත් ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වේ. මා දැන් ශරීරයේ ජීවත් වන ජීවිතය, මා ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙනි. උන්වහන්සේ මට ප්‍රේම කර මා උදෙසා උන් වහන්සේව දුන් සේක" (ගලාති 2:20).

ඔබටත් දෙවියන්වහන්සේ ඔබ කෙරෙහි ඇති සදාකාලික ප්‍රේමයේ ගිලී සදාකාල ජීවනයේ නිශ්චිත භාවය දැන ගත හැකිය. ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කරුවා ලෙස පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට මෙහි දිගටම කියවන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට අපව අවශ්‍යද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries