settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සාතන්ට ප්‍රේම කරනු ලබන සේක්ද?

පිළිතුර


එසේ නොවේ, දෙවියන්වහන්සේ සාතන්ට ප්‍රේම කරනු නොලබන සේක. එහෙයින් අපද එසේ නොකළ යුතු වෙමු. දුෂ්ට සහ අශුද්ධ දේට දෙවියන්වහන්සේට ප්‍රේම කළ නොහැකි අතර සාතන් ඒ සියල්ලම විදහා පායි. ඔහු වූ කලී සතුරාය (1 පේත්‍රස් 5:8); නපුරාය (මතෙව් 6:13); බොරුවේ පියා සහ මිනීමරන්නෙක්ය (යොහාන් 8:44); දෙවියන්වහන්සේගේ සෙනගට වරද තබන්නාය (එළිදරව් 12:10); පරීක්ෂකයා (1 තෙසලෝනික 3:5); උඩගු දුෂ්ට සහ සාහසික (යෙසායා 14:12–15); වංචනිකයා (ක්‍රියා 13:10); ප්‍රයෝගකාරයා (එපීස 6:11); සොරා (ලුක් 8:12); එමෙන්ම වෙනත් බොහෝ දුෂ්ට ක්‍රියාවන්වේ. ඔහු වනාහී දෙවියන්වහන්සේ ද්වේශ කරනු ලබන සියල්ලම වේ. සාතන්ගේ හදවත ස්ථිර වී දෙවියන්වහන්සේගේ වෛරයෙන් සනාථ වී ඇති අතර ඔහුගේ විනිශ්චය නිශ්චිතය, ඔහුගේ විනාශය නියතය. එළිදරව් 20 හි සාතන් කෙරෙහි වන අනාගත සැලසුම විස්තර කරනු ලබන අතර ඔහු කෙරෙහි ඇති ප්‍රේමයක් පිළිබදව කිසිඳු කොටසක් නොමැත.

අපගේ සතුරන්ට ප්‍රේම කරන්න යන යේසුස්වහන්සෙගේ ආඥාව (මතෙව් 5:44) වූ කලී මෙලොව තුළ ඇති අන්තර් පුද්ගල සබදතා ආණ්ඩු කරනු පිණිසය. අප දෙවියන්වහන්සේට මෙන්ම දෙවියන්වහන්සේගේ ප්‍රතිරූපයට අනුව නිර්මාණය කර ඇති මනුෂ්‍යයාටද (අපගේ සතුරන් ඇතුළුව) ප්‍රේම කරන්නෙමු. දේව දූතයන් දෙවියන්වහන්සේගේ ප්‍රතිරූපයට අනුව නිර්මාණය කර නොමැත. අපට කිසිවිටෙකත් ශුද්ධ දූතයන්ට ප්‍රේම කරන ලෙස පවසා නොමැති අතර කිසිසේත්ම දුෂ්ට දූතයන්ට ප්‍රේම කරන ලෙස පවසා නොමැත.

සාතන් වූ කලී අප ප්‍රේම කරන දෙවියන්වහන්සේට සෑම අන්දමකින්ම ආචාර සම්පන්න නොවූවෙක් හෙයින් අපට සාතන්ට ප්‍රේම කළ නොහැක. අප සාතන්ට ප්‍රේම කළෙමු නම් අපට දෙවියන්වහන්සේට ද්වේශ කිරීමට බල කරනු ලබන්නේ ශුද්ධත්වය පාපයේ ප්‍රතිවිරුද්ධය හෙයිනි.

සාතන්ට සමාව නොලැබෙන බව දෙවියන්වහන්සේ විසින් මේ වන විටත් නිර්ණය කොට තිබෙන සේක; අප වනාහී කුරුසියෙහි පෙන්වනු ලැබූ දෙවියන්වහන්සේගේ පූජනීය ප්‍රේමයේ වස්තූන් වෙමු. දෙවියන්වහන්සේ ප්‍රේමණීයව මනුෂ්‍යය වර්ගයා මුදන අවස්ථාවේදී උන්වහන්සේ සාතන්ව “ලැජ්ජාවට පත් කීරීම” කළ සේක (කොලොස්සි 2:15). සාතන් පිළිබදව දෙවියන්වහන්සේගේ විනිශ්චට අප කෙරෙහි උන්වහන්සේට ඇති ප්‍රේමයෙහි කොටසක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සාතන්ට ප්‍රේම කරනු ලබන සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries