settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ අනාගතය ගැන දන්නා සේක්ද?

පිළිතුර


දිවැසි කියමන් ඇතුඵව දේවවචනය සැමවිටම සම්පුර්ණයෙන්ම නිවැරදිය. යේසුස් වහන්සේ යුදා දේශයේ බෙත්ලෙහෙම් නගරයේ උපදින බවට මීකා 5:2 මගින් අනාවරණය කළ දිවැසි කියමන වෙත අවධානය යොමු කරන්න. මීකා මෙම අනාවැකිය ප්‍රකාශ කලේ ක්‍රි. පුර්ව 700 වර්ෂයේ දී හෝ ඊට ආසන්න වකවානුවකය. ඊට ශත වර්ෂ 7 කට පමණ පසුව ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ කොතැනකද? යුදා දේශයේ බෙත්ලෙහෙම් නගරයේය (ලූක් 2:1–20, මතෙව් 2:1–12).

"විද්‍යාව කථා කරයි" නම් කෘතිය මගින් පීටර් ස්ටෝන් නැමැත්තා පෙන්වා දෙන්නේ දිවැසි ලියවිලි වල ඇති අහඹුතාවය, සම්භාතාව නම් විද්‍යාව (එනම් යමක් විය හැකි බව) මගින් නිශ්ප්‍රභා වන බවය. ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධව පවසා ඇති දිවැසි කියමන් 8 ක් මගින් ස්ටෝනර් සොයා ගත්තේ, එක් මනුෂ්‍යයකු හට එම දිවැසි කියමන් 8 ම සම්පුර්ණ කිරීමට හැකි ප්‍රවනතාවය 1:10–17 දක්වා බවය. ඒ අනුව එම ප්‍රවනතාවය 100,000,000,000,000,000 කින් 1 ක් බවය. සැබවින්ම යේසුස් වහන්සේ දිවැසි කියමන් 8 කට වැඩි ප්‍රමානයක් සම්පුර්ණ කර ඇත. එබැවින් දේවවචනය මගින් අනාගතය ගැන පල කර ඇති අනාවැකි සම්පුර්ණයෙන්ම නිවැරදි බවට කිසිම සැකයක් නැත.

දෙවියන්වහන්සේට අනාගතය ගැන අනාවැකි කීමට හැකි බැවින් උන්වහන්සේ නිසැකයෙන්ම අනාගතය ගැන දන්නා සේක. යෙසායා දිවැසි වරයා දෙවියන්වහන්සේ ගැන මෙසේ සදහන් කලේය. "පුරාණයේ සිදු වු දේ සිහි කරගෙන මා පමණක් දෙවිදාණන් බව, මා හා සමාන අන් කිසිවකු නැති බව පිලිගන්න. අවසානය තෙක් කුමක් වන්නේදැයි පටන්ගැන්මේ සිටම මම කීවෙමි. සිදුවන්න යන දේ පුරාණයේ සිටම මම ප්‍රකාශ කලෙමි. මා අදහස් කල දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි." (යෙසායා 46:9–10) පටන්ගැන්මේ දී වැඩසිටිමටද, අවසානය ගැන නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකි එකම තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ සියල්ල දන්නා කෙනෙකි. උනවහන්සේ සිදුවන හා සිදුවිය හැකි සියඵ දේ දන්නා සේක. සදාතනික, සියල්ල දන්නා දෙවිතුමා ලෙස උන්වහන්සේ අපගේ අතීතය, වර්තමානය සහ අනාගතය පුරාවටම අප සමග ජීවත් වන සේක. දෙවියන්වහන්සේ ඇල්ෆා සහ ඔමෙගාය, එනම් පටන්ගැන්ම සහ අවසානය වේ (එලිදරව් 21:6).

මේ තාක් සම්පුර්ණ වී නොමැති දිවැසි කියමන් දේව වචනයේ තවමත් අඩංගු වී ඇත. දෙවියන්වහන්සේ අනාගතය දන්නා බැවින්, සියඵම දිවැසි කියමන් කෙදිනක හෝ සම්පුර්ණ වන බවට අපට විශ්වාසය තැබිය හැකිය. එම ක්‍රියාවන් සිදුවන්නේ දෙවියන්වහන්සේගේ සැලසුම හා උන්වහන්සේගේ වේලාව අනුවය. අනාගතය රදා පවතින්නේ කවුරුන් අතද යන්න අපි දනිමුව. එනම්, එකම වු සැබෑවු, පෞද්ගලික වු, සදාතනික හා සෑම දේ දන්නා, දේව වචනයේ සදහන් දෙවියන්වහන්සේගේ අතෙහිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ අනාගතය ගැන දන්නා සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries