ප්‍රශ්නය
දෙවියන්වහනසේ කෝප වන්නේද?
පිළිතුර
දෙවියන්වහන්සේගේ කෝපය ගැන කථා කරන ශුද්ධ ලියවිල්ලේ ඡේද නොසලකා හැරීම මෝඩකමකි. ඔව්, දෙවියන්වහන්සේ කෝප වේ; මේ පිළිබඳව බයිබලයේ බොහෝ උදාහරණ ඇත. ඔහු “සෑම දිනකම තම උදහස විදහා දක්වයි” (ගීතාවලිය 7:11).
කෙසේ වෙතත්, අපි දෙවියන්වහන්සේගේ කෝපය එම චිත්තවේගයේ අපගේම අත්දැකීම් සමඟ සමාන නොකළ යුතුය. අප නැවත බයිබලය දෙස බැලිය යුතුය. එපීස 4:26-27 අපට පවසන්නේ කෝපය අත්විඳිය හැකි නමුත් පාපයක් නොවන බවයි. දෙවියන්වහන්සේට පව් කළ නොහැකි බැවින්, උන් වහන්සේගේ කෝපය ධර්මිෂ්ඨ බව අපි දනිමු. යාකොබ් 1:20 හි පවසන පරිදි, “මනුෂ්‍ය කෝපය දෙවියන්වහන්සේ කැමති ධර්මිෂ්ඨකම ඇති නොකරයි.”
දෙවියන්වහන්සේගේ කෝපයට හේතුව පදවල සන්දර්භය හෙළි කරයි. දෙවියන්වහන්සේගේ චරිතය උල්ලංඝනය වන විට දෙවියන්වහන්සේ කෝප වේ. දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ හා ශුද්ධය. මෙම ගුණාංග කිසිවක් පාවා දිය නොහැක (නික්මයාම 20:4-6; යෙසායා 42:8). දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය හා ඊශ්‍රායෙලයේ රජවරුන් උන්වහන්සේට කීකරු වීමෙන් වැළකී සිටින සෑම අවස්ථාවකදීම කෝප විය (උදා: 1 රාජාවලිය 11:9-10; 2 රාජාවලිය 17:18). කානාන්හි ජාතීන්ගේ දුෂ්ට ක්‍රියා, එනම් ළමා පූජා සහ ලිංගික විකෘති කිරීම්, දෙවියන්වහන්සේගේ කෝපය ඇවිස්සුවේ, දේශයෙන් දුෂ්ටකම ඉවත් කරන ලෙස සෑම පුරුෂයෙකුම, ස්ත්‍රියක්ම, දරුවෙකු හා සතෙකුම මුළුමනින්ම විනාශ කරන ලෙස ඔහු ඊශ්‍රායෙලයට අණ කළ නිසාය (ද්විතීය කථාව 7 :1–6). දෙමව්පියන් තම දරුවන්ට රිදවන ඕනෑම දෙයකට කෝප වනවා සේම, දෙවියන්වහන්සේගේ කෝපය යොමු වන්නේ උන්වහන්සේගේ සෙනඟට හා උන්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවයට හානි කරන දෙයකට ය. පරමාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, “දුෂ්ටයන්ගේ මරණය ගැන මම සතුටු නොවෙමි, ඔවුන් ඔවුන්ගේ මාර්ගවලින් හැරී ජීවත්වීමය” (එසකියෙල් 33:11).
අළුත් ගිවිසුමේ, යේසුස්වහන්සේ එවකට සිටි ආගමික ගුරුවරුන් හා නායකයන් සමඟ කෝපයට පත් වූයේ ආගම තමන්ගේ වාසියට යොදා ගැනීම සහ මිනිසුන් වහල්භාවයේ තබා ගැනීම නිසාය (යොහන් 2:13-16; මාක් 3:4-5). රෝම 1:18 අපට පවසන්නේ දෙවියන්වහන්සේගේ කෝපය හෙවත් උදහස පැමිණෙන්නේ “ඔවුන්ගේ දුෂ්ටකමින් සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ දේව භක්තිය හා දුෂ්ටකමට” විරුද්ධවය. එබැවින් දෙවියන්වහන්සේ මිනිසුන් තුළ ඇති දුෂ්ටකම ගැන කෝප වන අතර, උන්වහන්සේ තුළ සැබෑ ජීවිතය හා නිදහස සොයා ගැනීම පිණිස ඔවුන් නපුරෙන් ඈත් කිරීමේ උත්සාහයකදී උන්වහන්සේ එම දුෂ්ටකමට විරුද්ධ වේ. උන්වහන්සේගේ කෝපයෙන් පවා, දෙවියන් වහන්සේගේ අභිප්‍රේරණය මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමයයි; පාපය විනාශ කළ සම්බන්ධතාවය නැවත ඇති කිරීමට.
දෙවියන්වහන්සේ පාපයට යුක්තිය හා දඞුවම ගෙන ආ යුතු අතර, යේසුස් ස්වාමින්වහන්සේව ස්වාමීන් හා ගැළවුම්කාරයා ලෙස පිළිගත් අය තවදුරටත් දෙවියන්වහන්සේගේ උදහසට යටත් නොවේ. මන්ද? මක්නිසාද යේසුස් වහන්සේ කුරුසියේ දෙවියන්වහන්සේගේ උදහසේ සම්පූර්ණ මිනුම අත්විඳ ඇති නිසා අපට එසේ කිරීමට සිදු නොවනු ඇත. යේසුස්වහන්සේගේ මරණය “සමාව දීම” හෝ තෘප්තිය යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.
“එබැවින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින අයට දැන් දඞුවමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කරණකොටගෙන ජීවනය දෙන ආත්මයාණන්ගේ නීතිය ඔබව පාපයේ හා මරණයේ නීතියෙන් නිදහස් කර ඇත. මක්නිසාද ව්‍යවස්ථාවෙන් එය කළ නොහැකි වූයේ මාංශයෙන් දුර්වල වූ නිසාය, දෙවියන්වහන්සේ තම පුත්‍රයාව පව්කාර මාංසයට සමානව පාප පූජාවක් ලෙස යැවීමෙන් එය කළේය. මාංසය අනුව නොව ආත්මයාණන්වහන්සේට අනුව ජීවත් වන ව්‍යවස්ථාවේ ධර්මිෂ්ඨ අවශ්‍යතාවය අප තුළ සම්පූර්ණ වන පිණිස උ්න්වහන්සේ මාංසයේ පාපය හෙළා දුටුවේය” (රෝම 8:1-4).
English
දෙවියන්වහනසේ කෝප වන්නේද?