settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙයිද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට කෙටි පිළිතුර නම් "ඔව්!" දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇත්තේ, අපගේ ජීවිත සඳහා උන්වහන්සේගේ කැමැත්තට අනුකූලවන දේ අප ඉල්ලනවිට, අප ඉල්ලනදේ උන්වහන්සේ අපට ලබා දෙන බවය (1 යොහන් 5:14-15). කෙසේ වෙතත්, මේ සඳහා එක් අවවාදයක් ඇත: අපි සෑමවිටම පිළිතුරට අකමැති විය හැකිය.

අපි බොහෝදේ ඉල්ලා යාච්ඤා කරන්නෙමු. සමහර හොඳ, නරක, සමහරක් අර්ථ විරහිතය. නමුත් අප ඉල්ලනදේ නොසලකා දෙවියන්වහන්සේ අපගේ සියලු යාච්ඤා වලට සවන් දෙයි (මතෙව් 7:7). උන්වහන්සේ තම දරුවන් නොසලකා හරින්නේ නැත (ලූක් 18:1-8). අප උන්වහන්සේ සමඟ කථා කරනවිට, සවන්දීමට හා ප්‍රතිචාර දැක්වීමට උන්වහන්සේ පොරොන්දුවී ඇත (මතෙව් 6:6; රෝම 8:26-27). උන්වහන්සේගේ පිළිතුර "ඔව්" හෝ "නැත" හෝ "රැඳී සිටින්න, දැන් නොවේ" යන්නෙහි යම් වෙනසක් විය හැකිය.

දෙවියන්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙනවාද? — දෙවියන්වහන්සේ "ඔව්"යැයි පැවසූවිට.

1 සාමුවෙල්ගේ පොතේ පළමු පරිච්ඡේද දෙකෙහි, හන්නා යාච්ඤා කර ඇයට දරුවෙකු ලබා දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලයි. බයිබලානුකුල කාලවලදී කාන්තාවකට ලැජ්ජාවේ සලකුණක් ලෙස සැලකූ ඇයට පිළිසිඳ ගැනීමට නොහැකිවිය. හන්නා ඉතා ඕනෑ කමින් යාච්ඤා කළාය. ඇය යාච්ඤා කිරීම දුටු පූජකතුමා සිතුවේ ඇය බීමත්ව සිටින බවය. නමුත් දෙවියන්වහන්සේ හන්නාට සවන්දුන් අතර, දරුවෙකු බිහිකිරීමට උන් වහන්සේ ඇයට ඉඩ හැරියේය.

යේසුස්වහන්සේ පැවසුවා, "ඔබ මාගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක්, පියාණන්වහන්සේ පුත්‍රයාණන් මහිමයට පමුණුවන පිණිස මෙය කරන්නෙමි" (ශු. යොහන් 14:13). ඔබ යම් දෙයක් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඤා කර දෙවියන්වහන්සේ එය ඔබට ලබාදී ඇත්නම්, එය උන් වහන්සේගේ කැමැත්ත බව ඔබට සහතික විය හැකිය. දෙවියන්වහන්සේ එය සිදුවීමට ඉඩ නොදී කිසිවක් සිදු නොවේ (රෝම 8:28).

දෙවියන්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙනවාද? දෙවියන්වහන්සේ "එපා" යැයි පැවසූවිට.

ශු. යොහන් 11 හී මරියාට සහ මාර්තාට අවශ්‍යවූයේ යේසුස්වහන්සේ මිය යන තම සහෝදරයාව සුව කරනවාටයි. නමුත් යේසුස්වහන්සේ ලාසරුස්ට මැරෙන්න ඉඩ දුන්නා. තමාට මෙතරම් ප්‍රේම කළ මේ ශෝක ජනක කාන්තාවන්ට උන්වහන්සේ "එපා" යැයි කීවේ ඇයි? ලාසරුස් උදෙසා උන්වහන්සේට වඩා විශාල දේවල් සැලසුම් කර තිබූ නිසා, කිසිවෙකුට සිතාගත නොහැකි දේවල්.

"නැත" යනු අපට ලැබිය හැකි අමාරුම පිළිතුරකි. එහෙත්, නැවත වරක්, දෙවියන්වහන්සේ සියල්ල දන්නා බවත් ඉතිහාසයේ සමස්ත කාල රාමුව ගැන දන්නා බවත් මතක තබා ගැනීම වැදගත්ය. අපි නොදන්න සෑම අවස්ථාවකම කළ හැකි සෑම තේරීමක්ම උන්වහන්සේ දනී. උන්වහන්සේ "විශාල පින්තූරය" දකී; අපි අර්ධ බුරුසුවක් දකිමු. හිතෝපදේශ 3:5 පවසනවා "සමිඳාණන්වහන්සේ කෙරෙහි මුළු හදවතින්ම විශ්වාස කරන්න, ඔබේම අවබෝධයට නැඹුරු නොවන්න." අපට "නැත" පිළිතුරක් ලැබුණුවිට, අප ඉල්ලා සිටි ඕනෑම දෙයක් දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවන බව අප විශ්වාස කළ යුතුය.

දෙවියන්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙනවාද? — දෙවියන්වහන්සේ "බලා සිටින්න, දැන් නොවේ" යැයි පැවසූවිට.

සමහරවිට "බලා සිටීම" ඇසීම "නැත" යන්න ඇසීමට වඩා අපහසුය, මන්ද එයින් අදහස් කරන්නේ අප ඉවසිලිවන්ත විය යුතු බවයි (රෝම 8:25). බලාසිටීම දුෂ්කර වුවත්, අපට ස්තුතිවන්ත විය හැකිය දෙවියන්වහන්සේ පාලනය කර ඇති අතර උන්වහන්සේගේ කාලය පරිපූර්ණවනු ඇතැයි විශ්වාස කරයි (රෝම 12:12; ගීතාවලිය 37:7-9).

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතයට හොඳම දේ. ඔබ අනවශ්‍ය ලෙස දුක් විඳිනවාට උන්වහන්සේ කැමති නැත. යෙරෙමියා 29:11 මෙසේ පවසයි. ඉවසිලිවන්ත වන්න, උන්වහන්සේ ඔබේ ප්‍රේමණීය පියා බව දැන ගන්න (ගීතාවලිය 46:10).

පිලිප්පි 4:6 ඔබ දෙවියන්වහන්සේගෙන් ඉල්ලීම් කරනවිට: "කිසිම දෙයක් ගැන කරදර නොවන්න. නමුත් සෑම දෙයකදීම යාච්ඤාවෙන් හා ස්තුති දීමෙන් ඔබගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න." දෙවියන්වහන්සේ ප්‍රතිචාර දක්වනවිට, උන්වහන්සේගේ පිළිතුරට ඔබ එකඟ වුවත් නැතත්, උන්වහන්සේගේ ප්‍රඥාව පිළිගැනීමට සූදානම්ව සිටින්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries