settings icon
share icon
ප්‍රශ්නය

තමා කළ ප්‍රාතිහාර්යන් ගැන අන් අයට නොකියන ලෙස යේසුස් මිනිසුන්ට අණ කළේ ඇයි?

පිළිතුර


ලාදුරු රෝගියකු සුව කිරීමෙන් පසු (මාර්ක්1:41-42 ට අනුව උන් වහන්සේ මහා අනුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැයි වදාළ සේක.) යේසුස් දැඩි අනතුරු ඇඟවීමකින් ඔහුට එක්වරම පිටත් කර හැරියේය. ඔබ මෙය කිසිවෙකුට නොකියන ලෙස (මාර්ක්1:43-44 ට අනුව උන් වහන්සේ මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලා ගන්නැයි ඔහුට තදින් අණදී) අපගේ චින්තනයට අනුව ප්‍රාතිහාර්යන් ගැන සෑම කෙනෙකුම දැන ගැනීමට යේසුස් කැමති බව පෙනේ. නමුත් එවැනි ප්‍රාතිහාර්යන් පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තම මෙහෙවරට බාධාවක් විය හැකි බවත් ඔහුගේ පණිවිඩයෙන් මහජන අවධානය වෙනතකට යොමු කළ හැකි බවත් යේසුස් දැන සිටියේය. මෙය හරියට සිදුවු බව මාර්ක් පොතේ සඳහන් වී ඇත. ආශ්චර්යමත් ලෙස සුවය ලැබීම ගැන මේ මිනිසාගේ උද්යෝගය තුළ ඔහු අකීකරු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට තම දේව සේවය නගරයෙන් සහ කාන්තාර ප්‍රදේශවලට ගෙන යාමට සිදුවිය. (මාර්ක්1:45 ට අනුව එහෙත් ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා දස දෙස පතුරුවා හැරියේය. එහෙයින් කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන් පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස් වල නැවතුණ සේක. එසේ වුවද, සමූහයා සියළු දිශා භාග වලින් උන්වහන්සේ වෙත පැමිණියහ.) එහි ප්‍රතිඵලයක් වශයෙන් යේසුස්ට තවදුරටත් නගරයකට විවෘතව ඇතුළු විය නොහැකි නමුත් හුදකළා ස්ථානවල පිටත රුඳී සිටියේය. එහෙත් ජනයා තවමත් ඔහු වෙතට පැමිණියේය.

ඊට අමතරව ක්‍රිස්තුස් වහන්සේ ලාදුරු රෝගියා පිරිසිදු කළද, ඔහුට තවමත් දේශයේ නීතියට කීකරු විය යුතු යැයි නියම කළේය. එකවරම පූජකයා වෙතට යන්න, ඔහු සුවය ලැබීම ගැන කථා කිරීම නතර කිරීමෙන් ප්‍රමාද නොවන්න. ඔහු එක්වරක් නොගියහොත්, නපුරු මනසක් ඇති මිනිසුන් ඔහු ඉදිරියෙහි ගොස් පූජකවරයාට අගතියක් කර, සුවකිරීම සැබෑ සුවයක් ලෙස ප්‍රකාශ කිරීම වළක්වාලීමට ඉඩ ඇත, මන්ද එය කරනු ලැබුවේ යේසුස් වහන්සේ විසින් බැවිනි. එය සැබෑ ප්‍රාතිහාර්යක් වීමට එරෙහිව යුදෙව්වන් අතර කිසිදු අඟතියක් නොතිබීම සඳහා පූජකවරයා එය නියම ප්‍රතිකාරයක් ලෙස ප්‍රකාශ කිරීම තවදුරටත් වැදගත්ය.

අවසානයේදී යේසුස් වහන්සේ කැමති වූයේ ඔහු කළ ප්‍රාතිහාර්යන් කෙරෙහි මිනිසුන් අවධානය යොමු කිරීම නොව, ඔහු ප්‍රකාශකළ පණිවිඩය සහ ඔහු මිය යන මරණයයි. අදත් එය එසේමැයි. දෙවියන්වහන්සේ කැමති වන්නේ වෙනත් සුව කිරීම් සහ හෝ ප්‍රාතිහාර්යන් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීමේ සුවකිරීමේ ප්‍රාතිහාර්යන් කෙරෙහි අප අවධානය යොමු කිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

තමා කළ ප්‍රාතිහාර්යන් ගැන අන් අයට නොකියන ලෙස යේසුස් මිනිසුන්ට අණ කළේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries