ප්‍රශ්නය
දෙවියන් වහන්සේ හා කලකිරීම වරදක්ද?
පිළිතුර
දෙවියන් වහන්සේ හා කලකිරීම අනිවාර්ය වරදක් හෝ පාපයක් නොවේ. මක්නිසාද එය මනුෂ්‍ය ස්වාභාවයේ කොටසක් වේ. කලකිරීම යන පදයේ අර්ථය වන්නේ කෙනෙකුගේ බලාපොරොත්තු, ආශාවන් අපේක්‍ෂාවන් ඉටු නොවූ විට ඇති වන අතෘප්තිකර භාවයයි. දෙවියන් වහන්සේ අපගේ බලාපොරොත්තුන් තෘප්තියට පමුණුවන්නට අසමත් වූ විට හෝ අපගේ අපේක්‍ෂාවන්ට අනුව ජීවත් නොවූ විට නිතැතින්ම කලකිරීම ගලා එයි. දෙවියන් වහන්සේ ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන් යන අපගේ සිතිවිල්ලට අනුව ක්‍රියා නොකළ විට අප එතුමා සමඟ කලකිරීමට පත්වෙන අතර එතුමා ගේ ක්‍රියා කලාපය පිළිබඳව අමනාප වේ. මේ බැවින් අස්ථීර ඇදහිල්ලකට යොමු විය හැකි වන අතර ඊට විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ගේ ස්වෛරීභාවය සහ යහපත්කමද ඇතුලත් විය හැකිය.
අප සිතන ආකාරයට දෙවියන් වහන්සේ ක්‍රියා නොකළ විට, එය එතුමාගේ නොහැකියාව නොව එසේ නොකරන්නට එතුමා ගන්නාවූ තෝරා ගැනීම නිසාය. මෙය එතුමාගේ පාර්ශවයෙන් අත්තනෝමතික හෝ චපලක්‍රියාවක් ලෙස දැක් වුනත් හාත්පසින්ම ඊට ප්‍රතිපක්‍ෂ / ප්‍රතිවිරුද්ධ දෙය සැබෑව වේ. එතුමාගේ ධර්මිෂ්ඨ පරමාර්ථය ඉටු වෙන පිණිස ක්‍රියා කරන්නට හෝ නොකරන්නට තීරණය කරණු ලබන්නේ එතුමාගේ නිර්දෝෂ ශුද්ධ කැමැත්තට අනුවය. දෙවියන් වහන්සේ ගේ සැලසුමට පිටතින් කිසිවක් සිදු නොවේ. විශ්වය සැරිසරන / පාවෙන සෑම අංශුවක් / අණුවක් එතුමාගේ පාලනය යටතේ සිදු වන අතර, ලොව පුරා සිටින සෑම පුද්ගලයෙක්ම ගන්නා තීරණ සහ ඔවුන් ගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේ ගේ කැමැත්ත විසින් වටලා ඇත. යෙසායා 46:11 හි එතුමා මෙසේ පවසයි. "මම නැගෙනහිරින් ගිජු පක්‍ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවා ගන්න තැනන් වහන්සේය. එසේ, මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි". එපමණක්ද නොව කුරුල්ලන්ද කොයියම් ආකාරයකින් හෝ එතුමාගේ පෙර නියමයේ සැලසුමට ඇතුලත් වී ඇත. තව දුරටත් එතුමාගේ සැලසුම් හා කාලයන්ද අපට දන්වන පිණිස එතුමා අවධීන් තෝරා ගන්නා ලදී (යෙසායා 46:10). සමහර එතුමාගේ ක්‍රියාවන් වටහා ගන්නට හැකි වූවද සමහර ඒවා නොහැකි වේ (යෙසායා 55:9). සහතික වශයෙන් අපි එකක් පමණක් දන්නෙමුව, එනම් අපට වටහා ගැනීමට හැකි වූවත් නොහැකි වූවත් (රෝම 8:28) අප එතුමාට අයිති වූවන් නම් කුමක් කරත් එය අපගේ යහපත සඳහා වේ.
එතුමා සමඟ අමනාපවීම මඟ හරවා ගැනීමට ඉතාම සුදුසු දෙය නම් අපගේ කැමැත්ත එතුමාගේ කැමැත්තේ පෙළට ගෙන එතුමාගේ අභිමතයට සියල්ල යටත් කීරීමයි. එසේ කිරීමෙන් දෙවියන් වහන්සේ සමඟ කලකිරීමෙන් අපව ලක්වනවා පමණක් නොව අපගේ ජීවිතයේ එදිනෙදා සිදුවන සිදුවීම් වලදී අවලාද කීමෙන් හා පැමිණිලි කිරීමෙන් කලින්ම වළක්වාලයි. ඊශ්‍රායෙල්වරුන් වනාන්තරයේදී එතුමාගේ බලය, මුහුද දෙබෑ කිරීම, මන්නා සහ වටුවන් සැපයීම හා දේව මහිමය ගිනි ටැඹක ( නික්මයාම 15:16, ගණන් කථාව14:2-37) ආකාරයෙන් ඔවුන් සමඟ ගමන් කිරීම වැනි බොහෝ හාස්කම් දුටුවත් නොයෙක් වර ඔවුන් දෙවියන් වහන්සේව ග්‍රහණයට අසු කරමින් ප්‍රශ්ණ කරන ලදී. නිරතුරුවම දෙවිදුන් එතුමාගේ විශ්වාසවන්ත භාවය තම සෙනඟ සමඟ තැබුවත් ඔවුන් මැසිවිලි කියන ලද අතර දෙවියන් වහන්සේ සමඟ අමනාප විය. ඒ මන්ද කිවතොත් ඔවුන් ගේ අභිලාෂයන් පරිදි ක්‍රියා නොකළ බැවිනි. එතුමාගේ කැමැත්තට යටත් වෙමින් එතුමා විශ්වාස කරනවා වෙනුවට ඔවුන් නිරතුරුව අඬ දබර හා වියවුල් තත්වයක පසු විය.
අපි අපගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්ත හා එකට බැඳීමට සලස්වා යේසුස් වහන්සේ සමඟ " මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා " (ලූක් 22:42) කියා ප්‍රකාශ කිරීමට හැකිවන විට පාවුල්තුමා 1 තිමොති 6:6-10 සහ පිලිප්පි 4: 11-12 පවසන ලද තෘප්තිය / සෑහීමට පත්වීම අපටද අත් දකින්නට හැකිය. දෙවියන් වහන්සේ තමන් වෙත එවන ලද ඕනෑම දෙයකින් සෑහීමට පත් වෙන්නට පාවුල්තුමා ඉගෙනගන්නා ලදී. එතුමා දෙවියන් වහන්සේ විශ්වාස කොට තමාවයටත් කරනු ලැබුවේ ශුද්ධ, ධර්මිෂ්ඨ, පරිපූර්ණ, ප්‍රේමණීය සහ දයාවන්ත වූ දෙවිදුන් පොරොන්දු වූ පරිදි සියල්ල යහපත සඳහා එකට ක්‍රියා කරවන බව දැන ගෙනය. English
දෙවියන් වහන්සේ හා කලකිරීම වරදක්ද?