settings icon
share icon
ප්‍රශ්නය

විරුද්ධ ලිංගිකයෙකු සමීප මිත්‍රතවයකින් ඇසුරු කිරීමේ හා විවහාවීමේ බලාපොරොත්තුවෙන් විරුද්ධ ලිංගිකයෙකු ඇසුරු කිරීම අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර


විරුද්ධ ලිංගිකයෙකු ඇසුරු කිරීම මෙන්ම විවාහවීමේ බලාපොරොත්තුවෙන් විරුද්ධ ලිංගිකයෙකු ඇසුරු කිරීම, විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහා ඉවහල් වන ක්‍රම දෙකකි. කිතුනුවන් නොවන අය අතරේ විරුද්ධ ලිංගිකයන් සමීප මිත්‍රතවයෙන් ඇසුරු කිරීම සිදුකරන්නේ සමීපවු කායික සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් වුවද, කිතුනුවන් හට මෙවැනි අරමුණක් පිළිගැනීමට නොහැකි අතර, එය එවැනි ඇසුරක් සඳහා හේතුවක්ද නොවිය යුතුය. බොහෝ කිතුනුවන් මෙවැනි ඇසුරු කිරීම් සාමාන්‍ය මිත්‍රත්වයට වඩා වැඩි තත්වයක් ලෙස සලකන අතර, දෙපාර්ශවයම විවාහ වීමට සුදුසු යුවලක් බවට පත්වන තුරු එම මිත්‍රතවය දිගටම පවත්වා ගනිති. මෙවැනි ඇසුරු කිරිම් මගින්, පළමුව හා ප්‍රධානකොට කිතුනුවකු හට තමා විවහා වීමට බලාපොරොත්තු වන සහකරු හෝ සහකාරිය තමා මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ ගැන විශ්වාස කරන්නේ දැයි සොයා දැනගත හැක. ඇදහිලිවතුන්, නොඇදහිලිවතුන් සමග විවාහ නොවිය යුතු බව බයිබලයේ අපට අවවාද කරන අතර එයට හේතුව නම් ආලෝකයේ ජීවත් වන අයට අන්ධකාරයේ ජීවත් වන අය සමග සමාදානයෙන් ජීවත්විය නොහැකි බවය (2 කොරින්ති 6:14–15). මීට පෙර දැක්වු පරිදි විරුද්ධ ලිංගිකයන් ඇසුරු කරන කාලයේදි කිසිම කායික සම්බන්ධතාවයක් නොතිබිය යුතු අතර, එවැනි සම්බන්ධතාවයක් පැවැත්වීම සඳහා විවාහ වන තුරු සිටිය යුතුය. (1 කොරින්ති 6:18)

විවාහවීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කරන දෙදෙනෙකු අතර (ස්පර්ශය, අත් ඇල්ලීම හෝ සිඹීම) ඇතුඵ කිසිම කායික සම්බන්ධතාවයක් නොතිබිය යුතුය. මෙවැනි ඇසුරු කිරීම් වලට බොහෝ දෙනෙක් තම පවුලේ අය, දෙමව්පියන් ඉදිරියේ තම කාලය ගත කරති. ඊට අමතරව මෙවැනි යුවල් වල හැමවිටම ඔවුන්ගේ ඇසුරට අරමුණ කර ගන්නේ තම සහකරු තමා සමග විවාහ වීමට සුදුසු කෙනෙකු දැයි දැනගැනීමට බව පෙන්නුම් කරති. විවාහ වීමට බලාපොරොත්තුවෙන් පවත්වන ඇසුර, කායික සමීපතාවයක් හෝ සංවේදීතාවයක් නිසාවෙන් ඒ දෙදෙනාගේම අරමුණ අඳුරු කිරීමට ඉඩ නොදී එකිනෙකාව ඇත්ත වශයෙන්ම දැන හඳුනාගැනීමට මග සලසයි.

මෙම ක්‍රම දෙකෙහිම ගැටඵ අඩංගු විය හැක. විරුද්ධ ලිංගිකයෙකු මිත්‍රතවයෙන් සමීපව ඇසුරු කරන කෙනෙකුට තමා එම තැනැත්තා හෝ තැනැත්තිය සමග තනිවම ගත කරන වේලාවන් වලදි ඔහුගේ හෝ ඇයගේ ආකර්ශනීය භාවය හේතුවෙන්, පාලනය කරගත නොහැකි පරීක්‍ෂා වලට මුහුණ දීමට සිදුවන බව පෙනී ඇත. විරුද්ධ ලිංගිකයෙකු සමග සමීප මිත්‍රතවයකින් ඇසුරු කරන කිතුනු යුවලකට එම ඇසුරට යම්කිසි සීමාවක් තබාගත යුතු අතර, එය ඉක්මවා නොයාමට කැපවිය යුතුය. එසේ කිරීමට ඔවුන්ට අසීරු බව හැගේ නම්, ඔවුන් එක්ව ගතකරන කාලය ක්‍රිස්තුස්වහන්සේ සෑම විටම ගෞරවයට පත් කරන බව තහවුරු කරගත යුතු අතර, ඔවුන්ගේ සම්බන්ධතාවය හිරකර තබා ගැනීමට පාපයට ඉඩ නොදිය යුතුය. විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඇසුරු කරන යුවලකගේ මෙන්ම විරුද්ධ ලිංගිකයෙකු සමග සාමාන්‍ය සමීප ඇසුරක් පවත්වන යුවලකගේ දෙමව්පියන්, තම දරුවන් ඇසුරු කරන තැනැත්තා ගැන හොඳින් සොයා බැලිය යුතු අතර, ඔවුන් එම දරුවන් හට බුද්ධිමත්, කාලෝචිත අවවාද සහ මගපෙන්විම් ලබාදෙන මාර්ගයක් විය යුතුය.

විවාහවීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කිරීමේදී එය තුලද යම් අසීරුකම් ඇත. සමහර අය මෙම ඇසුරු කිරීම තමාට සහකරුවෙකු සොයා ගැනීමට ඇති එකම මාර්ගය බව සලකන අතර, අන් සමහරු එය අසාධාරණ, සීමාව ඉක්මවා පාලනය කිරීමකට යටත් වන බවද පෙන්වති. ඊට අමතරව කෙනෙක් සමාජය සහ තම පවුලේ සමාජිකයන් ඉදිරිපිට පෙන්වන මුහුණුවර, ඉන් පිටත ඇති "සැබෑ" මුහුණුවරමද යන්න දැනගැනීමට අසීරුය. යම් තැනැත්තෙකු හෝ තැනැත්තියෙකු තමා තනිවම සිටින විට ඇති ගතිලක්‍ෂණ සමාජය ඉදිරිපිටදි පෙන්වන ගතිලක්‍ෂණ හා සමාන නොවේ. එසේම යම් යුවලක් තනිවම හමු නොවන්නේ නම්, සංවේදීව හා අධ්‍යාත්මිකව එකිනෙකා හඳුනාගැනීමට අවස්ථාවක් නොලැබේ. ඊට අමතරව විවාහවීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කරන තත්තවය, දෙමව්පියන් විසින් සැලසුම් කළ විවාහයක් සඳහා මායිම් රේඛාවක් බවට පත් කරන අතර එමඟින් තරුණ වයසේ පසුවන එම පාර්ශවයන් (පාර්ශවයන් දෙදෙනාටම හෝ එක් පාර්ශවයකට) තුළ පසුබෑමකට ලක් විය හැක.

දේවවචනයේ විරුද්ධ ලිංගිකයෙකු සමීපව ඇසුරු කිරීම හෝ විවාහවීමේ බලාපොරොත්තුවෙන් විරුද්ධ ලිංගිකයෙකු ඇසුරු කිරීම සම්බන්ධව කිසිම නියෝගයක් දී නොමැති බව මතකයේ තබා ගත යුතුය. යම් යුවලක් එක්ව කාලය ගත කරන ආකාරය හෝ වේලාව ගැන විමසීමට වඩා, එම යුවල තුළ ඇති ක්‍රිස්තියානි ගතිලක්‍ෂණ සහ අධ්‍යාත්මික පරිණතභාවය වැදගත්ය. අධ්‍යාත්මිකය සිතා බැලූවහොත්, දේව අනුග්‍රහය ලත් ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් විවාහ වී, දෙවියන්වහන්සේ මහිමයට පත්කරමින් පවුලක් ගොඩනැඟීමේ ක්‍රියාවලිය, එම තත්වය අත්කර ගැනීම සඳහා ඔවුන් උපයෝගි කරගත් ක්‍රමයට වඩා බොහෝ සෙයින් වැදගත්වේග එහෙයින් ඔබ කෑවත්, බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න (1 කොරින්ති 10:31).

අවසාන වශයෙන් විරුද්ධ ලිංගිකයෙකු සාමාන්‍ය මිත්‍රතවයෙන් ඇසුරු කිරීම හෝ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කිරීම යන ක්‍රියා දෙකම, තමන්ට ගත හැකි එකම ක්‍රියාමාර්ගය යයි සලකන අයව, තමාගේ පුද්ගලික මතය පෙරදැරි කරගෙන ඔවුන් හෙලා දැකීම නොකිරීමට අප සැලකිලිමත් විය යුතුය. මෙම සියඵ කරුණු සම්බන්ධව දේවවචනයේ කිසිවක් සඳහන් වී නොමැති බැවින්, අනෙක් අයගේ පෞද්ගලික මතයන් ගැන තැකීමක් නොකර, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සමගිතාවය ගැන මහත් වැදගත් කමක් අප සිත්තුළ තිබිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විරුද්ධ ලිංගිකයෙකු සමීප මිත්‍රතවයකින් ඇසුරු කිරීමේ හා විවහාවීමේ බලාපොරොත්තුවෙන් විරුද්ධ ලිංගිකයෙකු ඇසුරු කිරීම අතර ඇති වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries