settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ සාතන්ව මැව්වාද?

පිළිතුර


දෙවියන් වහන්සේ මෙතෙක් නිර්මාණය කර ඇති, පවතින හෝ ඇති සියල්ල මැව්වේය. (යොහාන් 1:3 එනම් උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදන ලද්දේය සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.) මෙයට භෞතික පැවැත්ම, පදාර්ථය මෙන්ම අධ්‍යාත්මික ජීවින්ද ඇතුළත්වේ. (කොලොස්සි1:15-17 උන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුදුලාණෝය. මක්නිසාද සිංහාසනය වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේය: සියළු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ): තමා තුළ සහ තමා තුළම සිටීමට බලය ඇති එකම පුද්ගලයා — ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත — සහ ස්වයං පැවැත්මක් ඇති දෙවියන්වහන්සේය. (නික්මයාම 3:14) එනම් එවිට දෙවියන්වහන්සේ කථා කොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියන සේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට : ස්වයම්භු නම් තැනැන්වහන්සේ නුඹලා වෙතට මා එවූ සේකැයි කියන්නැයි කීසේක.) එබැවින් අනෙක් සියළුම ජීවින් දෙවියන්වහන්සේ විසින් මවන ලද අතර දෙවියන්වහන්සේට අයත්වේ. (ගීතාවලිය 24:1) එනම් පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝදස්වාමින්ගේය.

බබිලෝනියේ රජු සහ ටෙයර් රජු ගැන අනාවැකිමය, බයිබලානුකුල යොමු දැක්වීම් තිබේ. මෙම පුද්ගලයන් බොහෝ විද්වතුන් විසින් සාතන්ගේ වර්ග ලෙස සලකනු ලැබේ. (යෙසායා 14:12-15 එනම් දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතීන් හෙළා දැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි. මම වළාකුල් මුදුන් පසු කොට ඉහළ නඟින්නෙමි: මහෝත්තමයාණන්ට සමාන වන්නෙමියි කීයෙහිය. එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. එසකියෙල් 28:13-17 මෙම ඡේද දෙක පාඨකයාට සාතන් සහ ඔහුගේ මූලාරම්භය හා ඉතිහාසය පිළිබඳ විස්තර ලබාදේ. යෙසායා 14 හි 12 වන පදය පවසන්නේ සාතන්ගේ ආරම්භය ස්වර්ගයේ බවයි. එසකියෙල් 28 වන ඡේදයේ පවසන්නේ සාතන් කෙරුබ්වරුන්ගේ කෙනෙකු ලෙස (14 වන පදය-නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය.) මැවූ බවත් (13 වන පදය-එනම් නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රදරන් කාන්තිද නඛමානික්‍යද සූර්යකාන්තිද නීලමානික්‍යද රතු කැටද මරකතදරන්ද නුඹේ වැස්මව තිබූණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය.) ඔහු තුළපාපය සොයා ගන්නා තෙක් නිර්දෝෂි බවත්ය.

සාතන්ගේ පාපයේ මුල උඩඟුකම ලෙස බයිබලය විස්තර කරයි (එසකියෙල් 28:17 එනම් නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක් කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි). සාතන්ව ස්වර්ගයෙන් නෙරපා හැරීමට පෙර, ඔහු ඇතුළත හා පිටත ඉතා සුන්දර වන්නට ඇත (එසකියෙල් 28:12 එනම් නුඹ සම්පූර්ණකම මුද්‍රා කරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය). එසකියෙල් 28:15 සාතන්ව "නිර්දෝෂි ලෙස මැවූ බවත්, ඔහුගේ පාපය ඔහුගේම ක්‍රියාවෙන් බවත් පැවසීමට සැළකිලිමත්වී ඇත. (එසකියෙල් 28:16-18) එමනිසා දෙවියන් වහන්සේ සාතන්ව මැව්වේ තමා තුළම ඇති පාපයෙන් බව විශ්වාස කිරීම වැරදිය. දෙවියන්වහන්සේ ශුද්ධ වන අතර ඔහුගේ ස්වභාවයට පටහැනි කිසිවක් නිර්මාණය නොකරයි. ගීතාවලිය 86:8-10 එනම් ස්වාමිවරුනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත: ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත. ස්වාමිනි, ඔබ මැවූ සියළු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාර කරමින්, ඔබගේ නාමයට ගෞරව කරන්නෝය, ගීතාවලිය 99:1-3 එනම් ස්වාමින් වහන්සේ රජකම් කරන සේක: මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබ්වරුන් පිට වැඩ හිඳින සේක: පොළොව සෙලවේවා. ස්වාමින්වහන්සේ සියොන්හි උතුම්ය: උන් වහන්සේ සියළු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා: උන්වහන්සේ ශුද්ධ සේක. යෙසායා 40:25 එනම් ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසන සේක, යෙසායා 57:13 මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාළයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනැන්වහන්සේ මෙසේ කියන සේක. මම උසස්වූ ශුද්ධ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත් කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසය කරමි.

එබැවින් දෙවියන්වහන්සේ සාතන්ව මැවූ බව පැවසීම නිවැරදි වුවත්, දෙවියන් වහන්සේ සාතන් තුළ පාපය මැවූ බව පැවසීම කිසිවිටෙකත් නිවැරදි නොවේ. සාතන් තමාගේම ක්‍රියා මාර්ගය තෝරා ගත්තේය. (යෙසායා 14:13 එනම් නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි.) දෙවියන් වහන්සේ කිසිවිටෙකත් පාපය ඇති නොකරයි. (යාකොබ් 1:13 එනම් යමෙක් පරික්ෂා කරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරික්ෂා කරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරික්ෂා කරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරික්ෂා නොකරන සේක. ) පාපය කළ හැකි ලෝකයක් ඔහු මැව්වත්, යම් දවසක දෙවියන් වහන්සේ සාතන් සහ (එළිදරව් 20:10 එනම් ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය": ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධ කරනු ලබති.) සහ ඔහුගේ සගයන් සදාකාල දඬුවමට සීමා කිරීමෙන් සියළු පාපයන් තුරන් කිරීමට යයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ සාතන්ව මැව්වාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries