settings icon
share icon
ප්‍රශ්නය

යක්‍ෂයා / සාතන් පුද්ගලයෙක්ද බලයක්ද / නපුරේ පුද්ගලාරෝපණයක්ද?

පිළිතුර


සාතන් ජීවත් නොවන බවට බෝහෝ දෙනෙකුට ඒත්තු ගන්වන්ට උත්සාහ කළද සාතන් සැබවින්ම පවතින පුද්ගල භාවයක් ඇත්තෙකු වන අතර සියලු අවිශ්වාසකම් වලද සියලු ලොව ඇති සදාචාර සහ ආත්මික නපුරේ මූලාශ්‍රයද වේ. ඔහුව බයිබලය තුළ බොහෝ නම් වලින් හදුන්වනු ලැබේ. සාතන් ඇතුලත්ව-අරුත "එදිරිකාරයා" යෝබ් 1:6, රෝම 16:20), යක්‍ෂයා එනම් "පරීක්‍ෂකයා / විරුද්ධකාරයා" මතෙව් 4:1, 1 පේත්‍රස් 5:8), ලුසිෆර් (යෙසායා 14:12), සර්පයා (2 කොරින්ති 11:3, එළිදරව් 12:9), සහ තවත් බොහෝ වේ.

පුද්ගලයෙක් ලෙස සාතන්ගේ පැවතීම යේසුස් වහන්සේ එසේ හදුනා ගැනිමෙන් ඔප්පු වේ. බොහෝ අවස්ථා වල යේසුස් වහන්සේ ඔහුව හදුන්වා දෙනු ලැබුවේ එලෙසය (උදා: ලූක් 10:18, මතෙව් 4:10) එමෙන්ම "ලෝකයේ අධිපතියා" ලෙසද හදුන්වනු ලැබීය (යොහාන් 12:31, 14:30, 16:11).

පාවුල්තුමා සාතන්ව "මේ ලෝකයේ දෙවියා" ලෙසද (2 කොරින්ති 4:4) සහ "ආකාශයේ බලයේ අධිපතියා" ලෙසද හදුන්වනු ලැබීය (එපීස 2:2). අපෝස්තුලු යොහාන් "මුළු ලෝකයා නපුරා තුළ බවද"1 යොහාන් 5:19 පවසන ලද අතර ඒ සමඟින්ම "මුළු ලෝකයා රවටන්නා යක්‍ෂයා බව" එළිදරව් 12:9 පවසයි. මෙය කලාතුරකින් පුද්ගලයකු සම්බන්ධ නොවූ ශක්තියක් හෝ නපුරේ පුද්ගලා රෝපණයක් පිළිබඳ ගෙනෙන්නාවූ විස්තරයක් විය හැකිය.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සහ ලෝකය මවන්නට ප්‍රථම "ගණන් නැති දේවදූත සේනාවක්" (හෙබ්‍රෙව් 12:22), මවන ලද බවත් ඔවුන් මහත් ශක්තියක් හා දැන ගැන්මකින් යුක්ත වු ආත්මීක භාවයක් ඇති ස්වර්ගීක සේනාවක් බව ලියවිල්ල අපට උගන්වයි. මොවුන් අතරින් අග්‍රගණ්‍ය කොටස වන්නේ කෙරුබයන් වන අතර ඔවුන් දෙවියන් වහන්සේගේ සිංහාසනය අභිමුඛයෙහි සේවයේ යෙදෙන්නා වූ අය වේ. ඒ සමඟම පටන්ගැන්මේදී "අභිෂේකලත් කෙරුබයා" සාතන්ම විය (එසකියෙල් 28:14). ඔභු "දැනගැන්මෙන් හා ඥානයෙන් පූර්ණව සහ අලංකාරයෙන් සම්පූර්ණව" සිටියේය.

කෙසේ වුවද දෙවියන් වහන්සේ සාතන් නපුරු ආත්මික ජීවියෙක් ලෙස මවනු ලැබුවේ නැත. දේවදූතයන්, මනුෂ්‍යයා මෙන්ම නිදහස් ආත්මයක් ලෙස මවනු ලැබූ අතර ඔවුන් සිතීමට නොහැකි / කල්පනා ශක්තියක් නොමැති යන්ත්‍රයක් මෙන් මවනු ලැබුවේ නැත. දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රතික්‍ෂේප කරන්නටත් එතුමාණන්ගේ අධිකාරිත්වයට විරුද්ධව කැරළි ගසන්නටත් ඔවුන් කැමති වූයේ නම් ඔවුන්ට ඒ සඳහා මුළු හැකියාව තිබුණෝය.

මෙම මූලික පාපය, මනූෂ්‍යයා සහ දේවදූතයන් දෙගොල්ලන් අතරම ද්විත්ව පාපය වන අවිශ්වාසය හා උඬඟුකම වූයේය. "මම ස්වර්ගයට නැඟී, මගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා මහොත්තමයාණන්ට සමාන වන්නෙමියි" සාතන් සිත තුළ සිතා ගත්තේය (යොසායා 14:13-14). නැවතත්, මෙවැනි ක්‍රියාවක් හෝ අභිචේතනයක් පුද්ගලයෙක් හා සම්බන්ධ නොවූ / අපුද්ගල බලයක් / ශක්තියක් විය හැකිය.

යේසුස් වහන්සේද සාතන්ගේ සමහර චරිත ස්වභාවයන් හා ගති ලක්ෂණ පිළිබඳව අපට කියා දෙනු ලැබූ සේක. "ඔහු පටන්ගැන්මේ පටන් මිනී මරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑව තුළ නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කළ තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය (යොහාන් 8:44).

කිතුණුවන් සාතන්ගේ නියම ස්වභාවය දැන ගැනීම හා ගොරවන සිංහයෙකුමෙන් කාව ගිලගනිම්දෝයි සෙවිල්ලෙන් ඇවිදින යක්‍ෂයාව තේරුම් ගැනීම / වටහා ගැනීම ඉතා වැදගත් වේ (1 පේත්‍රස් 5:8). අපගේම ශක්තියෙන් යක්‍ෂයා ගෙනෙන පාපයෙන් හා පරීක්‍ෂා වලින් ජය ගන්නට නොහැකි නමුත් ශක්තිමත්ම සිටිය යුතු ආකාරය පිළිබඳ ලියවිල්ල අපට කියා දෙයි. අප දෙවියන් වහන්සේගේ මුළු ආයුධ කට්ටලය පැළඳ පරීක්‍ෂාවට විරුද්ධව සිටිය යුතුය (එපීස 6”13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යක්‍ෂයා / සාතන් පුද්ගලයෙක්ද බලයක්ද / නපුරේ පුද්ගලාරෝපණයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries