settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය අපට අසහනය පිළිබඳව කුමක් පවසයිද? කිනුනුවෙක් අසහනයෙන් ඉවතට පැමිණෙන්නේ කෙසේද?

පිළිතුර


අසහනය පුළුල් තත්වයකි, මිලියන ගණන් මිනිසුන්ට බලපෑමක් ඇති කරයි, කිතුනුවන් හා කිතුනුනොවූවන් දෙකොටසටම. එම අසහන තත්වයන් වලට මුහුණදී තිබෙන අයට දුක, කෝපය, අසාර්ථකබව, තෙහෙට්ටුව හා නොයෙකුත් තවත් ලක්‍ෂණ වේ. ඔවුන් වැඩකට නැති පුද්ගලයෙක් බවට හැඟෙන්නට පටන් ගනී. දිවිනසා ගැනීම්, මීට පෙර සතුටින් ජීවත්වූ දේවල් හා මිනිසුන්ව එපා වේවි. මෙම අසහන තත්වය හට ගන්නේ ජීවිතයේ ප්‍රශ්න (ගැටලු) වලට මුහුණ දීමත් සමගය. රැකියාව අහිමි වීම, ආදරය කරපු කෙනෙකුගේ මරණය හෝ මනෝවිද්‍යාත්මක ප්‍රශ්න නින්දාව හා පහත් කොට සැලකීම.

බයිබලය අපට පවසනවා ප්‍රීතියේ හා ප්‍රශංසාවෙන් පූර්ණ වන්න කියලා (පිලිප්පි 4:4; රෝම 15:11), එම නිසා දෙවියන් වහන්සේ අප සියලු දෙනාම ප්‍රීතියෙන් සිටීමට සැලසුම් කර ඇත. මෙය අසහනකාරි තත්වයකට මුහුණ දෙන කෙනෙකුට ලෙහෙසි නොවේ. මෙයට ප්‍රතිකර්මය ඇත්තේ දෙවියන් වහන්සේගේ යාච්ඤාවේ ත්‍යාගයෙනි, බයිබලය ඉගෙන ගැනීම, එය අපගේ ජීවිතවලට අදාල කර ගැනීම, කණ්ඩායම් උපකාරය, ඇදහිලිවන්තයන් අතර සහභාගිත්වය, පසුතැවීම, සමාවදීම හා උපස්ථානය. අපි සිහියට ගත යුතු දෙය නම් අප තුළම ගිලා බැස නොසිටීමය. නමුත් අපගේ උත්සහය පිටතට යොමු කිරීම, අසහනකාරි තත්වයෙන් එලියට ඒමට හැකිය. එම තත්වයෙන් පෙලෙන අය තමා ගැන සිතන එක නවතා ක්‍රිස්තුස් වහන්සේ හා අනෙක් අයටත් යොමු කිරීම කරතොත්.

හැඟීම් විරහිත අසහනය වෛද්‍යවරයෙකුව මුණ ගැසිය යුතුම තත්වයකි. එය සමහරවිට අවාසනාවන්ත ජීවිත කටුකත්වය නිසා සිදුවීමක් නොවන්ට තිබුනා. එමෙන් කෙනෙකුගේ කැමැත්තෙන් එය සැහැල්ලුකර ගැනීමටද අපහසුය. සමහර කිතුනු විශ්වාසයන්ට පටහැනිව හැඟීම් විරහිත අසහනය නිතරම පාපය නිසා ඇතිවූවක් නොවේ. අසහනය සමහර අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර / උපස්ථාන අවශ්‍ය ශාරීරික දුර්වලතාවයක් නිසා ඇතිවූවක් වියද හැක. නියත වශයෙන්ම දෙවියන් වහන්සේට ඕනෑම රෝගයක් තත්වයක් සුව කිරීමට හැකිය. කෙසේ වෙතත්, සමහර තත්වයන් තුළ අසහනකාරි තත්වයට වෛද්‍යවරයෙකු බැහැදැකීම තුවාලයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීම හා සමානය.

මේ අසහනකාරි තත්වයෙන් පෙලෙන අයට කාන්සාවෙන් සැහැල්ලුවී ඉවතට ඒම උදෙසා කිරීමට ඇති කාරණා කිහිපයක් ඇත. ඔවුන් වචනය තුළ සිටින බවට ඔවුන් තුල සහතිකයක් තිබිය යුතුය. ඔවුන්ට එසේ නොහැඟුනත්, හැඟීම් අපව අයාලේ ගෙනයයි. නමුත් දෙවියන් වහන්ස්ගේ වචනය නොවෙනස්ව ස්තීරවම පවතී. අපි ශක්තිමත් ඇදැහිල්ල පවත්වා ගත යුතුය. දෙවියන් වහන්සේ තුළ එමෙන්ම උන් වහන්සේව තදින් අල්ලාගත යුතුය. අප ජීවිතයේ අපහසුතාවයන් හා ප්‍රශ්නවලට මුහුණ දෙන විටදීද. බයිබලයේ අපට පවසනවා අපට දරන්න බැරි දුකක් නොදෙන බවට (1 කොරින්ති 10:13). අසහනකාරි තත්වයට පත්වීම පාපයක් නොවේ. පීඩාවට මුහුණ දෙන ආකාරයට කෙනෙක් තමාටත් ගණන් දිය යුතුය, අවශ්‍ය මූල්‍යමය උපකාරය කබා ගැනීම එකතුව. “එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල ඵලවන ප්‍රංශාව නැමැති පූජාව උන් වහන්සේ කරණකොට ගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු” (හෙබ්‍රෙව් 13:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය අපට අසහනය පිළිබඳව කුමක් පවසයිද? කිනුනුවෙක් අසහනයෙන් ඉවතට පැමිණෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries