settings icon
share icon
ප්‍රශ්නය

යක්ෂයන්ට තමන්ව අජීවි හෝ අප්‍රාණික වස්තුවකට බදවා ගෙන සිටිය හැකිද?

පිළිතුර


යක්ෂයන්ට තමන්ව භෞතික වස්තූන් වලට බදවාගෙන සිටිය හැකිය යන අදහසට දේව වචනානුකූල අනුමත කිරීමක් නොමැත. සැබවින්ව මෙම විශ්වාසය කොටස් ගනු ලබන්නේ සජීවිවාදී සංස්කෘතීන් තුළ මිථ්‍යා සහ ගුප්ත විශ්වාසයන් වල නියැලෙන්නන් අතරය.

සමහරුන් පවසනු ලබන්නේ ක්‍රියා 19:19 වැනි පද වලට අනුව අනාදියේ සිටි විජ්ජාකරුවන් තමන්ගේ විජ්ජා පොත් පුලූස්සා දමනු ලැබුවේ වස්තූන් සතුව යක්ෂයන් සිටිය හැකි බව සනාථ කරනු වස්ය. එනමුත් එම පාඨයෙන් එවැන්නක් සදහන් කරනු නොලබයි. මෙම නව ඇදහිලිවන්තයන් විසින් විජ්ජා පොත් පුලූස්සා දමනු ලැබුවේ ව්‍යාජ දේ පැතිරීම වළක්වා මේ වන විට ඔවුන් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් බව විදහා දැක්වීම පිණිස බව අනුමාන කළ හැක.

යක්ෂයන් නොඇදහිලිකාරයන්ට හිරිහැර කරනු ලබන බව හෝ ඔවන් තුළට අරක් ගනු ලබන බව දේව වචනයේ සනිටුහන්වේ. එනමුත් යක්ෂයන් වස්තූන් තුළ හෝ ඒවා වලට තමන්ව බදවාගෙන ඇති බව කිසිඳු කථාන්තර හෝ යක්ෂයන්ට වස්තූන් වලට තමන්ව බදවාගෙන සිටීම පිළිබදව හෝ දේව වචනයෙහි අනතුරු ඇගවීම් කරනු නොලබයි. ගුප්ත ක්‍රියාවන් දුෂ්ට ආත්මයන් ආකර්ෂණය කර ගනු ලබන අතර ඇතැම් වස්තූන් එම ක්‍රියාවන්හී යොදා ගනු ලබන හෙයින් යක්ෂයන්ට වස්තූන් වලට තමන්ව බදවාගෙන ඇති බවට දක්නට ලැබිය හැකි නමුත් එයින් අදහස් කරනු ලබන්නේ යක්ෂයන් වස්තූන් වලට තමන්ව බදවාගෙන ඇති බව නොවේ. ඔවුන්ව ආකර්ෂණය කරනු ලබන්නේ ගුප්ත ක්‍රියාවලියන්මවේ. ගුප්ත ක්‍රියාවන්හී යෙදී සිටින්නන් ක්‍රිස්තුස්වහන්සේ තුළට පැමිණි කළ ඔවුන්ට නිතර උපදෙස් දෙනු ලබන්නේ ඔවුන්ගේ එම පොත් පත් සහ වස්තූන්ගෙන් මිදෙන ලෙසය; එසේ කරනු ලබන්නේ ඒවා තුළ යක්ෂයන් සිටින නිසා නොව එම පොත් පත් සහ වස්තූන් අනාගතයේ පරීක්ෂා වන්ට ලක්වීමට මූලාශ්‍රයන් නොවන පිණිසය.

යක්ෂයාගේ පරීක්ෂා වලින් ආරක්ෂා වන පිණිස අවදිව සහ සුපරික්ෂාකාරීව අප සිටීය යුතු නමුත් (1 පේත්‍රස් 5:8) ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් යක්ෂයන්ට බිය විය යුතු නොවේ. ප්‍රධානතම කරුණ දෙවියන්වහන්සේට යටත් වෙමින් ක්‍රිස්තුස්වහන්සේ තුළ දිනපතා ගමන් කිරීමයථ “එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත.” (යාකොබ් 4:7). අපෝස්තුළුවූ යොහාන් සදහන් කර ඇති අන්දමට ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තබා ඇත්තන්ට බිය වීමට කිසිඳු කාරණාවක් නොමැතග “මාගේ ප්‍රිය දරුවෙනිල නුඹලා දෙවියන්වහන්සේට අයිතිව ලෝකයෙහි සිටින තැනන්වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හූ ලෝකයෙන් වෙති” (1 යොහාන් 4:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යක්ෂයන්ට තමන්ව අජීවි හෝ අප්‍රාණික වස්තුවකට බදවා ගෙන සිටිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries