settings icon
share icon
ප්‍රශ්නය

යක්‍ෂනික බලකොටු ජයගන්නේ කෙසේද?

පිළිතුර


යක්‍ෂනික බලකොටු ජයගැනීමට පෙර යක්‍ෂනික බලකොටු යනු කුමක්දැයි අප හරියටම තේරුම් ගත යුතුය. බලකොටුව යන වචනය අළුත් ගිවිසුමෙහි එක් වරක් පමණක් දක්නට ලැබේ (2 කොරින්ති 10:4). "බලකොටුව" ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයේ තේරුම "ආරක්‍ෂාව සැලසීම සඳහා බලකොටුවක් " යන්නයි. මෙම ජේදයේ ප්‍රේරිත පාවුල් කොරින්තියේ සභාවට තර්ක විතර්ක හා දෙවියන් වහන්සේගේ දැනුමට එරෙහිව නඟා ඇති සෑම උතුම් මතයක්ම විනාශ කරන්නේ කෙසේද යන්නට උපදෙස් දෙයි (2 කොරින්ති 10:5).ඔවුන් මෙය කරනු ලබන්නේ ආයුධ භාවිතා කිරීමෙන් නොව "දිව්‍යමය බලය" මඟිනි. උතුම් තර්ක හා මතවාද උඩඟුකම හා නපුර හා නිෂ්ඵල පරිකල්පනයෙහි ප්‍රතිඵලයකි. යක්‍ෂයන් වාසය කරන්නාවු බලකොටු එසේ නම්, යක්‍ෂනික යුද්ධයේ හරය මෙයයි. එනම් යක්‍ෂනික බලකොටු ජය ගැනීමට දෙවියන් වහන්සේට ඇති බලයයි.

එපීස 6:10-18 දෙවියන් වහන්සේ තම අනුගාමිකයන්ට ලබා දෙන සම්පත්, එනම් දෙවියන් වහන්සේගේ සන්නාහය ගැන පාවුල් විස්තර කරයි. නිහතමානිකම හා යැපීම යන ආකල්පයෙන් දෙවියන් වහන්සේගේ සම්පත් අපෙන් ලබා ගන්නේ කෙසේද යන්න මෙහිදි අපට කියනු ලැබේ. "ස්වාමින් වහන්සේ තුළ" හා "උන්වහන්සේගේ බලයේ ශක්තියෙන් " බලවත්ව සිටිය යුතු බව සලකන්න. අපි අපගේම ශක්තියෙන් යක්‍ෂ බලකොටු අල්ලා නොගනිමුව. අපි ආරක්ෂක සන්නාහයේ පළමු කොටස් පහෙන් ආරක්‍ෂා වන අතර දෙවියන් වහන්සේ ගේ වචනය වන ආත්මයේ කඩුව වන එක් ප්‍රහාරාත්මක අවියක් භාවිතා කරමු. අපි මේ සියල්ල කරන්නේ "සියලු ආකාරයේ යාඤාවන් හා ඉල්ලීම් සමඟ සමිඳාණන්වහන්සේගේ සියලු සෙනඟ උදෙසා යාච්ඤා කිරීමෙනි (18 වන පදය). එපීස 6:12 සහ 13 පාවුල්තුමා මෙසේ සඳහන් කරයි. "මක්නිසාද අපේ පොර බැඳීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකර ගෙන ස්ථීරව සිටින්ටත් පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුද අරගන්න."

ඇදහිලිවන්තයෙකු සංවර්ධනය කිරීමට අවශ්‍ය එක් පුරුද්දක් වන්නේ එපීස 6: 10-18 අවධානය යොමු කරමින් ආත්මීක ඇදුම් "නිරතුරුව දිනපතා පැළඳ" ගෙන සිටීමය. යක්‍ෂයාට සහ ඔහුගේ උපායන්ට එරෙහිව ජයග්‍රහණය ලබා දීමට එය බොහෝ දුරක් යයි. මෙහිදි පාවුල්තුමා සදහන් කරන්නේ අප මාංශයේ ගමන් කරනවිට (අප මිනිස් සිරුර තුළ ජීවත් වෙමින් හුස්ම ගන්නා අතර) අප මාංශයට අනුව යුද්ධ නොකරන බවයි. (අපට මාංශමය ආයුධ වලින් අධ්‍යාත්මිකව සටන් කළ නොහැකිය.) නමුත් අප ආත්මික සම්පත් හා ආයුධ කෙරෙහි අවධානය යොමු කරන විට දෙවියන් වහන්සේ අපට ජයග්‍රහනය ලබා දෙන අපට පෙනේ. දෙවියන් වහන්සේගේ මුළු යුද්ධායුද පැළඳ සිට, දෙවියන් වහන්සේගේ වචනය සමඟින් සටන් කරමින් එතුමන් වහන්සේගේ ආත්මයෙන් සන්නද්ධව යාච්ඤාවෙහි යෙදී සිටින කිතුනුවන්ට එරෙහිව කිසිදු අමනුෂ්‍ය බල කොටුවකට නැඟී සිටින්නට නොහැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යක්‍ෂනික බලකොටු ජයගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries