settings icon
share icon
ප්‍රශ්නය

යක්‍ෂයාගේ බලවත් පිඩාව ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


කිතුණුවන්ට යක්‍ෂාවේසවීම සිදුවන්නේ නැති බවට ප්‍රබල බයිබලීය සාක්‍ෂියක්වේ. එවිට පැන නඟින ප්‍රශ්ණය වන්නේ එසේ නම් කිනම් ආකාරයේ බලපෑමක් / බලයක් මත යක්‍ෂයෙකුට කිතුණුවෙකුට බලපෑම් කළ හැකිද? බොහෝ බයිබලීය ආචාර්යවරුන් කිතුණුවෙකුට පැමිණෙන යක්‍ෂනික බලපෑම් "යක්‍ෂණික බලවත් පීඩාව" ලෙස විග්‍රහ කෙරෙන්නේ එය ආවේසවිමක, වෙනස පැහැදිලිව වටහා ගන්නා පිණිසය.

යක්‍ෂයා ඇදහිලිවතුන් ගිලගන්නා පිණිස සොයන බව (1පේත්‍රස් 5:8) සහ සාතන් සහ ඔහුගේ යක්‍ෂයන් කිතුණුවන්ට එරෙහිව "කුටෝපායන්" යොදන බව බයිබලය පවසයි (එපීස 6:11). සාතන් යේසුස් වහන්සේ හා උත්සාහ කළා සේම,(ලූක් 4:2) යක්‍ෂණික බලවේගයන් පාපයටඅප යොමු කරණ පිණිසත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට දරණ උත්සාහයන්ට විරුද්ධ වන පිණිසත් පොළොඹවනු ලබයි. කිතුණුවන් මෙවැනි ප්‍රහාරයන්හිදී, ප්‍රතිඵලය බලවත් පීඩාවක් වන අතර යක්‍ෂයාට ජයගන්නට ඉඩ හැරිය යුතුද? යක්‍ෂණික පීඩාව යනු තාවකාලිකව කිතුණුවෙක්ව ජයග්‍රහණය කරන අවස්ථාවක් වන අතර, පාපයට යොමුවන පිණිසත් ප්‍රබලසාක්‍ෂියක් සහිතව දෙවියන් වහන්සේට සේවය කිරිමට තිබූ හැකියාවටබාධා පමුණුවමින් සාර්ථකවපරීක්‍ෂාවටලක් කිරීමය. කිතුණුවෙක් දිගටමඇයගේ / ඔහුගේ ජිවිතයේ යක්‍ෂණික පීඩාවට ඉඩ දෙන්නේ නම්, කිතුණුවාගේ සිතිවිලි, හැසිරීම් රටාව සහ ආත්මිකත්වයට වලට බලපෑම් කරන තරම් බලවත් වූ බලයක් දක්වා වර්ධනය විය හැක. දිගටම පාපයන්ට යොමු වන කිතුණුවා විශාල සහ ඉමහත් පීඩාවකට තමන්ව විවෘත කරනු ලබයි. පාපෝච්චාරණය සහ පශ්චාත්තාපය නැවත දෙවියන් වහන්සේ හා සමගිවීමට සහ සහභාගිත්වයට පැමිණීමට අවශ්‍ය වේ. එමෙන් යක්‍ෂණික බලය බිඳලන්නට හැක්කේ කාටද? මෙය පිළිබඳව අපෝස්තුලු යොහාන්තුමා අති විශාල ධෛර්ය කිරීමක් කරයි "දෙවියන් වහන්සේ ගෙන් ඉපද සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමු. එහෙත් දෙවියන් වහන්සේ ගෙන් උපන් තැනැත්තේ තමාව ආරක්‍ෂා කර ගන්නේය. නපුරා ඔහුට අත ගසන්නේ නැත" ( 1 යොහාන් 5:18).

කිතුණුවන්ට ජයග්‍රහණය සඳහා බලය සහය ක්‍ෂණික පීඩා වලින් නිදහස සෑම වෙලාවකම ඇත. යොහාන්තුමා මෙසේ ප්‍රකාශකරයි " ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින් ය" (1 යොහාන් 4:4). නමුත් නුඹලා තුළ වාසය කරන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ගේ බලය (රෝම 8:9) නිරතුරුවම යක්‍ෂයාගේ පීඩාවෙන් ජය ගන්නා පිණිස පවතී. කිසිම යක්‍ෂයෙකුට හෝ සාතන්ට හෝ කිතුණුවෙක් ශුද්ධාත්මයාණන් වහන්සේට යටත්ව එමඟින් යක්‍ෂණික පීඩාවෙන් ජය ලැබීම වළකාලන්නට නොහැකිය. පේත්‍රස්තුමා යක්‍ෂයාට විරුද්ධව සිටින පිණිස ඇදහිලිවතුන් ධෛර්යමත් කරයි "ඇදහිල්ලෙහි ස්ථීරව සිට" (1 පේත්‍රස් 5:9). ඇදහිල්ලෙහි ස්ථීරව සිටීම යනු ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය මත රඳා පැවතෙමින් යක්‍ෂණික බලපෑම් වලට විරුද්ධව සිටීමය. ඇදහිල්ල ගොඩ නැඟෙන්නේ ආත්මික විනයානුකුල කිරීමකට දේව වචනයෙන් පෝෂණයවීම, නොනවත්ව කෙරෙන යාච්ඤා සහ භක්තිවන්ත සහභාගිත්වය වේ. මෙම කාරණා කරණකොටගෙන අපගේ ඇදහිල්ල ශක්තිමත් කර ගැණිම නිසා ඇදහිල්ලේ පළිහ ගෙන "නපුරාගේ සියලූ ගිනි හෙලි නිවන්නට" (එපීස 6:16) හැකිවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යක්‍ෂයාගේ බලවත් පිඩාව ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries