settings icon
share icon
ප්‍රශ්නය

වර්තමාන ලොව තුළ යක්‍ෂනික ආත්ම වල ක්‍රියාකාරිත්වයක් වෙත්ද?

පිළිතුර


අවතාර, හොල්මන් කිරීම, භුතවේදීන් මළවුන් සමඟ සබඳකම් ඇති කර ගැනීමට ප්‍රයත්න දරන්නා වූ රැස්වීම, ටාරොට් කාඩ්ස් (කාඩ් 78 කින් යුත් ක්‍රීඩාවක්), ඔව්ජා පුවරුව, දෑවාණ බෝල-ඔවුන්ට පොදුවේ ඇත්තේ මොනවාද? ඒවා බොහෝ මනුෂ්‍යයන්ට චිත්තාකර්ෂණීය වේ, මක්නිසාද අපගේ භෞතික පැවැත්මේ සීමාවෙන් ඔබ්බට ගියාවු නොදන්නා වූ ලොවක් තුළ සැඟවුණ ඇත්ත දැනගැනීමේ හැකියාවකට අන්තර්දෘෂ්ටියකට ඔවුන්ව ගෙන යයි. එමෙන්ම එය බොහෝ දෙනෙකුට එවැනි ක්‍රියාවන් අහිංසක සහ හානියකින් තොර දෙයක් ලෙස පෙනෙයි.

මෙවැනි විෂයන් කෙරෙහි ළඟාවන බොහෝ අය බයිබලීය නොවන දෘෂ්ටිකෝණයකින් බලන අතර අවතාර / හොල්මන් යනු, කුමන හේතුවක් නිසා හෝ "ඊළඟ අදියරට" පිවිසෙන්නට නොහැකිවූ මළ මිනිසුන් බවය. හොල්මන් / අවතාර විශ්වාස කරන්නවුන්ට අනුව හොල්මන් දැකිමේ විවිධ ක්‍රමයන් තුනකි. 1. අවශිෂ්ඨ හොල්මන් දැකීම (වීඩියෝවක් පිළිවැයීමක් කිසිදු ආත්මයක් සමඟ සැබෑ අන්තර් ක්‍රියාවක් නොමැතිව) 2. මනුෂ්‍යය ආත්ම සමඟ හොල්මන් කිරීම, ඔවුන්ගේ ස්වභාවයන් හොඳ හෝ නරක (නමුත් දුෂ්ට නොවේ). එවැනි ආත්ම වලට නිරායාශයෙන් අන් අයගේ අවධානය ලබා ගැනීම අවශ්‍ය වන අතර අනෙකුත් අය ඇස් රතු වන තෙක් විහිළු කරන අය වේ. නුමුත් මේ කිසිවකු සැබවින්ම කිසිවෙකුට හානි නොකරයි. 3. මනුෂ්‍යය නොවන ආත්මයන් සමඟ හෝ යක්‍ෂනික ආත්ම සමඟ අන්තර් ක්‍රියාවල නියැලීම. මෙවැනි භුතාර්ථයන්ට මනුෂ්‍යය ආත්මසේ කෝලම් කර හැකිය / හැසිරිය හැකිවාක් මෙන්ම හානිදායක වන අතර භයංකාරද වේ.

බයිබලීය නොවන මූලාශ්‍ර වලින් අවතාර / හොල්මන් ගැන කියවන කල, කතෘවරයා බයිබලයට හෝ බයිබලීය චරිත වලට යොමු කල පමණින් (මිකායෙල් හෝ අග්‍ර දේවදූතයා වැනි අය) එය බයිබලීය දැක්මකින් ඔහු ගෙන හැර පෑමක් සිදු නොවූ බව මතකයේ තබා ගත යූතුය. කතෘවරයාගේ තොරතුරු පිළිබඳ අධිකාරිත්වයක් සඳහන් නොවූ කළ "මෙවැන්නක් ඇය / ඔහු දැන ගත්තේ කෙසේද" "මෙවැනි අධිකාරිත්වයක් ඇයට / ඔහුට ලැබුණේ කෙසේද" යන්න පාඨකයා තමාගෙන්ම විමසා ගැනීමක් කළ යුතුය. උදාහරණයක් ලෙස යක්‍ෂයන් මනුෂ්‍යය ආත්ම ලෙස කෝලම් කරණ බව / හැසිරෙන බව කතෘවරයා දන්නේ කෙසේද? අවසානයේදී එවැනි විෂයන් බයිබලීය නොවන මූලාශ්‍ර වලින් ගෙන හැර පාන්නාවූ අය ඒවා තමාගේම සිතිවිලි මත / අන් අයගේ සිතිවිලි / හෝ අතීතයේ අත්දැකීමක් හෝ මවා ගත් ඒවා විය යුතුය. කෙසේ වුවද යක්‍ෂනික ආත්ම මුළා කරන බව තමන්ගේම පිළිගැනීමේ අත්තිවාරම මත ගොඩනඟා ගැනීම නිසා ත්‍යාගවන්ත හා දයාශීලී මනුෂ්‍යය ආත්ම ලෙස අනුකරණය කිරීමෙන් ලැබෙන අත්දැකීම් කරණකොටගෙන මුළාවිය හැක. යමෙකුට මේ විෂය පිළිබඳව නිවැරදි දැක්මක් / වටහා ගැනීමක් ලබා ගැනීමට නම් සියයට සියයක් නිවැරදි මූලාශ්‍රය වන දේව වචනය වන බයිබලයට යායුතුය. මෙවැනි දේවල් පිළිබඳ බයිබලයට පැවසීමට ඇති කුමක්දැයි අපි විමසා බලමු.

1. බයිබලය කිසිදිනක හොල්මන් කිරීමක් ගැන කතා කරන්නේ නැත. ඊටත් වඩා බයිබලය අපට උගන්වන්නේ පුද්ගලයෙකු මියගියවිට, එම පුද්ගලයාගේ ආත්මය මෙම ස්ථාන දෙකෙන් එකකට යන බවයි. එම පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගත්තෙකු නම් ස්වර්ගයෙහි වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට එම පුද්ගලයාගේ ආත්මය ප්‍රවේශය ලබයි. (පිලිප්පි 1:21-23, 2 කොරින්ති 5:8). පසුව මළවුන් ගෙන් නැගිටීමේදී ඔහුගේ ශරීරය සමඟ නැවත එකතු වනවා ඇත (1 තෙසලෝනික 4:13-18). පුද්ගලයා යේසුස් වහන්සේ අදහා ගත්තකු නොවේ නම් ඔහුගේ ආත්මය වද වේදනා විඳින නිරය නැමති ස්ථානයකට දමනු ලැබේ (ලූක් 16:23).

පුද්ගලයා ඇදහිලිවන්තයෙකු හෝ නොඇදහිලිකාරයෙකු වුවද පුද්ගලයන් සමඟ අන්තර් ක්‍රියා වලට යොමුවීමක් හෝ සන්නිවේදනය වීමක් සඳහා හෝ මෙලොවට පිවිසීමක් සිදුනොවන අතර පැමිණෙන විනිශ්චයෙන් බේරී පළායමකට තරවටු කිරීමක් සඳහා හෝ එසේ සිදුවන්නේ නැත (ලූක් 16:27:31). ජීවමාන අයෙක් සමඟ මළවුන් අතරට ගියාවූ පූද්ගලයෙකුගේ අන්තර් ක්‍රියාවක් ගැන බයිලයේ සිදුවීම් දෙකක් සඳහන් වේ. පළවෙනි එකනම් ඊශ්‍රායලයේ රජ සාවුල් භුතාවිෂ්ටය කරණකොගෙන මළ ප්‍රොපේත සාමුවෙල් හමුවන්නට ගත් උත්සාහය. දෙවියන් වහන්සේ සාවුල්ගේ නැවත අකීකරුවීමේ විනිශ්චය ප්‍රකාශ කරණ පිණිස අවසර දෙන ලදී (1 සාමුවෙල් 28: 6-19). දෙවන අවස්ථාව අන් වෙසක්වීමේදී එලියා සහ මොසෙස් යේසුස් වහන්සේ සමඟ සිදුවූ අන්තර් ක්‍රියාව මතෙව් 17:1-8. කෙසේ වුවද මොසෙස් සහ එලියාගේ ප්‍රකාශවීමේදී කිසිදු "අවතාරයක් වැනි" ක්‍රියාවක් සිදුවූයේ නැත.

2. ලියවිල්ල නැවත නැවත නොපෙනෙන දේවදුතයන්ගේ සංසරණයක් ගැන සඳහන් කරයි (දානියෙල් 10:1:21). සමහර අවස්ථාවල මෙම දේවදූතයන් ජීවත්වන මනුෂ්‍යයන් හා අන්තර් ක්‍රියා වලට යොමූ වේ. නපුරු / යක්‍ෂනික ආත්ම හෝ යක්‍ෂයන්ට සැබවින්ම මනුෂ්‍යයන්ට ඇතුල්විය / වැහිය හැකිය, ඔවුන් තුළ ජීවත්වෙමින් ඔවුන් පාලනය කළ හැකිය. (මාර්ක් 5:1-20 උදාහරණයකට බලන්න.) සුභාරංචි පොත් 4 සහ ක්‍රියා පොතෙහි යක්‍ෂ ආත්ම වැහීම පිළිබඳව හා යහපත් දේවදූතයන් ප්‍රකාශවීම් සහ ඇදහිලිවතුන්ට උපස්ථාන කිරීම පිළිබඳව සමහර සිදුවීම් වාර්තාවේ. යහපත් සහ අයහපත් දේවදූතයන් දෙගොල්ලන්නටම අධිස්වාභාවික සිදුවීම් සිද්ධවීමට ක්‍රියා කළ හැකිය (යෝබ් 1-2, එළිදරව් 7:1, 8:5, 15:1,16).

3. සමහර මනුෂ්‍යයන් නොදන්නා දේවල් පිළිබඳව යක්‍ෂයන් දන්නා බව ලියවිල්ල පෙන්වා දෙයි (ක්‍රියා 16:16-18, ලූක් 4:41). මෙම නපුරු ආත්ම බොහෝ කලක සිට පැවෙතෙන බැවින් ජීවමාන සීමාසහිත ජීවිත කාලයක් ඇති මනුෂ්‍යයන් නොදන්නාවු දේවල් ස්වාභාවිකවම ඔවුන් දන්නවා විය හැකිය. මන්ද සාතන්ට සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යාහැකිය (යෝබ් 1-2), යක්‍ෂයන්ටද සමහර අනාගත විශේෂිත සිදුවීම් දැන ගැනීමට අවසර ඇතිමුත්, මෙය අනුමාන කල්පනාවකි.

4. ලියවිල්ල පවසන්නේ සාතන් බොරුවේ පියා සහ මුළාකරන්නා බවත් (යොහාන් 8:44, 2 තෙසලෝනික 2:9) සහ ඔහු "ආලෝකයේ දූතයා" ලෙස වෙස් ගන්නා බවත්ය. ඔහුව අනුගමනය කරන්නා කවුරුන් නමුත් මනුෂ්‍යයන් වේවා වෙන යමෙක් වේවා එම මුළාවම පරිහරණය කරයි (2 කොරින්ති 11:13-15).

5. සාතන්ට සහ යක්‍ෂයන්ට (මනුෂ්‍යයන් සමඟ සසඳන කල) මහත් බලයක් වේ. මිකායෙල් අග්‍ර දේවදූතයාද සාතන් සමඟ ගනුදෙනු වලදී විශ්වාස කලේ දෙවියන් වහන්සේගේ බලය පමණමය (යූද් 1:9). නමුත් දෙවියන් වහන්සේගේ බලය හා සසඳන කළ සාතන්ගේ බලයේ කිසිවක් නැත (ක්‍රියා 19: 11-12, මාර්ක් 5:1-20) සහ සාතන්ගේ නපුරු අභිප්‍රාය එතුමන්ගේ යහපත් පරමාර්ථයන් ඉෂ්ඨ කිරීමට පරිහරණය කිරීමට එතුමන්ට හැකිය (1 කොරින්ති 5:5, 2 කොරින්ති 12:7).

6. මිත්‍යාලබ්දි ක්‍රියාවන් යක්‍ෂ නමස්කාරයන් හෝ අශුද්ධ ආත්ම ලොව සමඟද කිසිම සම්බන්ධකමක් තබා නොගන්නා ලෙසද දෙවියන් වහන්සේ අපට අණ කරයි. මෙයට භුතාවිෂ්ට, උපවිෂ්ටිය, අහූජා ලෑල්ල, හඳහන, ටාරොට් කාඩ් (කාඩ් 78 කින් යුත් ක්‍රීඩාවක්) ආත්ම හැසිරවීම් ඇතුලත් වේ. දෙවියන් වහන්සේ මෙවැනි ක්‍රියාවන් පිළිකුලක් ලෙස සළකයි (ද්වීතීය කථාව 18:9-12, යෙසායා 8:19-20, ගලාති 5:20, එළිදරව් 21:8). සහඑ වැනි දේවල්වලට යොමුවී සිටින අය මහත් ව්‍යසනයන්ට ආරාධනා කරයි (ක්‍රියා 19:13-16).

7. එපීසියේ ඇදහිලිවතුන් මිත්‍යාලබීදි විෂයාංකයේ ගනුදෙනු වලදී (පොත්, සංගීතය, ආභරන, ක්‍රීඩා වැනි දෑ) අන් අයට ආදර්ශයක් දෙන ලදී. ඔවුන් එවැනි දේවල් හා සම්බන්ධවීම පාපයක් ලෙස පාපෝච්චාරණය කරන ලද අතර එවැනි ප්‍රසිද්ධියේ පූළුස්සන ලදී (ක්‍රියා 19”:17-19).

8. සාතන් ගේ බලයෙන් නිදහස්වීම ලබාගත හැක්කේ දෙවියන් වහන්සේ තුලින් ලැබෙන ගැලවීම හරහා පමණි. ගැලවීම පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුබභාරංචිය අදහා ගැනීමෙන් / විශ්වාස කිරීමෙන් ය (ක්‍රියා 19:18, 26,16-18). යක්‍ෂනික පටලැවිල්ලකින් බේරීමට ගැලවීම නොමැතිව ගන්නා උත්සාහය නිරර්තක එකක් වේ. ශද්ධාත්මයාණන් වහන්සේගේ සභිමුඛත්වයෙන් තොර හිස් වූ හදවතකට යේසුස් වහන්සේ තරවටු කරමින් කියා සිටියේ එවැනි හදවතක් ඊටත් වඩා නපුරු යක්‍ෂයන් හත් දෙනෙකුට සූදානම් කරනු ලැබූ ස්ථානයක් ලෙස බවය (ලූක් 11:24-26). නමුත් පාපයට කමාව සඳහා ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙන විට, ශුද්ධාද්මයාණන් වහන්සේ මුදවා ගැනීමේ දවස දක්වා පුද්ගලයා තුළ රුදෙන පිණිස පැමිණේ (එපීස 4:10).

සමහර විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ ප්‍රතිරූපකයා / මිත්‍යා වෛද්‍යයා

English



නැවතත් සිංහල මුල් පිටුවට

වර්තමාන ලොව තුළ යක්‍ෂනික ආත්ම වල ක්‍රියාකාරිත්වයක් වෙත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries