settings icon
share icon
ප්‍රශ්නය

මිදිමේසේවයයනුකුමක්ද? එයබයිබලානුකුලද?

පිළිතුර


"මිදිමේ සේවය" යන්නෙහි සාමාන්‍යයෙන් එකඟවූ අර්ථදැක්වීම සාමාන්‍යයෙන් අවධානය යොමු කරනුයේ භූතයන් හෝ ආත්මයන් පලවා හැරීම කෙරෙහිය. නිදසුනක් වශයෙන්, මිදිමේ සේවයේ යෙදි සිටින දේව සේවකයකු කෝපයෙන් මිදීමට යමෙකුට උපකාර කිරීමට උත්සාහ කළ හැකිය. මිදිමේ සේවයේ අවධානය යොමුවන්නේ කෙනෙකුගේ ජීවිතයේ අධ්‍යාත්මික බලකොටු ඉරා දැමීම, අභ්‍යන්තර සුවය සොයා ගැනීම සහ සියලු සතුරන් කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමය. බොහෝ අය ආත්ම සම්බන්ධතා, ශාප සහ භූතයන්ගේ "නීතිමය අයිතිවාසිකම්" ගැන සඳහන් කරති. බයිබලානුකුලව, යක්ෂයන් හෝ නපුරු ආත්මයන් සාතන් සමඟ ස්වර්ගයේ කැරලි ගැසූ දේවදූතයන් ලෙස හැඳින්වේ (එළිදරව් 12:4, 9; යෙසායා 14:12-20; එසකියෙල් 28:1-19).

සාතන් ගැනත් ඔහුගේ භූතයන් ගැනත් ශුද්ධ ලියවිල්ලෙහි තරමක් දුරට තිබේ. ඔවුන්ගෙන් මිදිම එතරම් දෙයක් නැත, මිදිම "දේව සේවයක්" ලෙස කිසිවක් පවසා නැත. සභාවේ සේවාවන් එපීස 4:11 හි දක්නට ලැබේ. සභාවේ අත්තිවාරමවූ ප්‍රේරිතයන් සහ අනාගතවක්තෘවරුන් පළමු වැන්නන් විය. යේසුස්වහන්සේ ප්‍රධාන ගලවිය (එපීස 2:20). ඊළඟට ලැයිස්තු ගත එවැන්ජලිස්තවරුන්, පසුව දේවගැතිවරුන් සහ ගුරුවරුන්වේ. අන්ධකාර ආත්මයන් දුරුකිරීමේ හැකියාව අධ්‍යාත්මික ත්‍යාගයක් ලෙස හෝ සේවයේ යුතුකමක් ලෙස ලැයිස්තු ගත කර නොමැත.

යක්ෂාත්ම පලවා හරින ආකාරය පිළිබඳව යේසුස්වහන්සේ සිය ගෝලයන්ට දුන් උපදෙස් පිළිබඳව අපට කිසිදු වාර්තාවක් නොමැතිවීම සිත් ගන්නා කරුණකි. මතෙව් 12:43-45 හැරෙන්නට, යම් අවබෝධයක් ලබාදී ඇත. යේසුස්වහන්සේගේ නාමයෙන් හා අධිකාරයෙන් යක්ෂයන් තමන්ට යටත් බව ගෝලයන් සොයා ගත් විට ඔවුහු ප්‍රීති වූහ (ලූක් 10:17; ක්‍රියා 5:16; 8:7; 16:18; 19:12). නමුත් යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ, "ආත්මයන් ඔබට යටත් වන නිසා ඒ ගැන ප්‍රීති නොවන්න, නමුත් ඔබගේ නම් ස්වර්ගයේ සටහන්වී තිබීම ගැන ප්‍රීති වන්න" (ලූක් 10:20).

නිශ්චිත "ගැලවීමේ සේවයක්" ලබා දෙනවා වෙනුවට, යේසුස්වහන්සේගේ බලවත් නාමයෙන් අපට අධිකාරිත්වයක් ඇත. දිනක් යොහාන් විසින් යේසුස් වහන්සේට "කෙනෙක් ඔබේ නාමයෙන් යක්ෂාත්ම පලවා හරිනවා අපි දුටුවෙමු. ඔහු අපේ කෙනෙක් නොවන හෙයින් නවත්වන්න කියා ඔහුට පැවසුවේය."යන්න "ඔහුව නවත්වන්න එපායැයි," යේසුස්වහන්සේ පැවසීය. 'මක්නිසාද මාගේ නාමයෙන් ප්‍රාතිහාර්යයක් කරන කිසිවෙකුට ඊළඟ මොහොතේ මා ගැන නරක දෙයක් කීමට නොහැකිය. මක්නිසාද අපට විරුද්ධ නොවන්නේ කවුරුන් හෝ අප උදෙසාය" (මාර්ක් 9:38-40). යක්ෂාත්මයන් කෙරෙහි අධිකාරිය යනු පැහැදිලිවම දෙවියන්වහන්සේගේ බලය ක්‍රියාවේ ඇති බවත් යක්ෂාධිපතියාට විශේෂ මිදිමේ සේවයක් තිබේද නැද්ද යන්න.

අධ්‍යාත්මික යුද්ධයේ අවධාරණය 1යොහන් 4:4 වැනි පදවලින් ඉස්මතු කර දක්වයි, "ආදරණීය දරුවෙනි, ඔබ දෙවියන්වහන්සේගෙන් වන අතර ලෝකයෙන් ජය ගෙන ඇත. ජයග්‍රහණය අප සතුවන්නේ අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් නිසාය. ඇදහිලිවන්තයන්ට අතීතයේ පුරුදු හා ඇබ්බැහිවීම් සමඟ ඔවුන්ගේ අරගල ජය ගත හැකිය, මන්ද "දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ සෑම කෙනෙක්ම ලෝකය ජය ගනී" (1 යොහන් 5:4). අපට යාච්ඤාව, දේව භක්තික උපදෙස් සහ හොඳ සභාවක සහයෝගය අවශ්‍ය නමුත් අවශ්‍යයෙන්ම "මිදිමේ සේවයක සේවකයෙකු" අවශ්‍ය නොවේ.

අපට පවසා ඇත්තේ "අවදියෙන් හා සන්සුන්ව සිටින්න. ඔබේ සතුරා වන යක්ෂයා ගිල දමන සිංහයෙකුමෙන් යමෙකු ගිල දැමීමට සොයන බවයි. ඇදහිල්ලෙන් ස්ථිරව සිටිමින් ඔහුට විරුද්ධ වන්න. ඔබ ටික කාලයක් දුක් විඳීමෙන් පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාලික මහිමයට ඔබව කැඳවූ සියලු කරුණාවේ දෙවියන්වහන්සේ ඔබව යථා තත්වයට පත්කර ඔබව ශක්තිමත් හා ස්ථිර කරනු ඇත" (1 පේත්‍රැස් 5:8-10).

කිතුනු ජීවිතයේ ජයග්‍රහණය සඳහා යතුර නම් මොහොතින් මොහොත ශුද්ධාත්මයාණන්ගෙන් පිරි සිටිමයි (පාලනය කර බල ගැන්වීම) (එපීස 5:18). "දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් මෙහෙයවනු ලබන අය දෙවියන්වහන්සේගේ දරුවෝය" (රෝම 8:14). නැවත ඉපදුම නොලත් කිසිවෙකු තුල ශුද්ධාත්මයාණන් වාසය නොකරනු ඇත (යොහන් 3:3-8; 2 තිමෝති 2:19; ක්‍රියා 1:8; 1 කොරින්ති 3:16), එබැවින් අධ්‍යාත්මික ජයග්‍රහණයේ පළමු පියවර වන්නේ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල තැබීමයි. එවිට, ප්‍රීතිවන්න යෙසුස්වහන්සේ ඔබ තුල සිටින අතර උන්වහන්සේගේ බලය හා ජය්‍රහණය ඔබ සතු බව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිදිමේසේවයයනුකුමක්ද? එයබයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries