settings icon
share icon
ප්‍රශ්නය

විවාහය යන්නෙහි අර්ථ දැක්වීම කුමක්ද?

පිළිතුර


ලොව පුරා,අවම වශයෙන් රටවල් 17 ක් වත් සමලිංගික හවුල්කරුවන් අතර විවාහය නීතිගත කර ඇත. නිසැකවම,විවාහය පිළිබඳ සමාජීය අර්ථ දැක්වීම වෙනස් වෙමින් පවතී. නමුත් විවාහය නැවත අර්ථ දැක්වීම රජයකට ඇති අයිතියක්ද,නැතහොත් විවාහය පිළිබඳ අර්ථ දැක්වීම දැනටමත් ඉහළ අධිකාරියක් විසින් නියම කර තිබේද? උත්පත්ති 2 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආදම් (පළමු මිනිසා) තනිව ජීවත් වීම හොඳ නැති බවයි. සියලු සතුන් එහි සිටියත් ඒ කිසිවක් ආදම්ට සුදුසු සහකරුවෙකු නොවේ. එබැවින්,දෙවියන් වහන්සේ මැවීමේ විශේෂ ක්‍රියාවකින් කාන්තාවක් කරයි. පද කිහිපයකට පසුව, ස්ත්‍රිය "ඔහුගේ භාර්යාව" ලෙස හැඳින්වේ (උත්පත්ති 2:25).

දෙවියන්වහන්සේ විසින්ම පැවිදි කරන ලද පළමු විවාහයේ දර්ශනය ඒදන් විය.

අනාගත විවාහයන් සියල්ල නිර්වචනය කර ඇති ප්‍රමිතිය උත්පත්ති පොතේ කතුවරයා සටහන් කරයි: "මිනිසෙක් තම පියා සහ මව අත්හැර තම බිරිඳ සමඟ එක්සත්ව සිටියි, ඔවුන් එක මාංශයක් බවට පත්වේ" (උත්පත්ති 2:24).

මෙම ශුද්ධ ලියවිල්ලේ ඡේදය දෙවියන්වහන්සේ විවාහය සඳහා නිර්මාණය කර ඇති ආකාරය තේරුම් ගැනීමට කරුණු කිහිපයක් සපයයි. පළමුව, විවාහයට පුරුෂයෙකු හා ස්ත්‍රියක් සම්බන්ධ වේ. "භාර්යාව"යන හෙබ්‍රෙව් වචනය ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිතය. එයට "ස්ත්‍රියක්"හැර වෙන කිසිවක් අදහස් කළ නොහැකිය. පුරුෂයෙකු හා ස්ත්‍රියක් හැර වෙනත් කිසිවක් සම්බන්ධ විවාහයක් ගැන ශුද්ධ ලියවිල්ලේ කිසිදු ඡේදයක් නොමැත. පවුලක් පිහිටුවීමට හෝ මිනිස් ප්‍රජනනය අලිංගිකව සිදුවිය නොහැකිය. දෙවියන්වහන්සේ ලිංගිකත්වය නියම කර ඇත්තේ විවාහක යුවළක් අතර පමණක් බැවින්, දෙවියන්වහන්සේගේ සැලසුම වන්නේ පුරුෂයෙකු හා ස්ත්‍රියක් ලිංගික සම්බන්ධතාවයකට පැමිණ දරුවන් ඇති කර ගන්නා විට පවුල් ඒකකය සෑදීමයි. දෙවියන්වහන්සේ විවාහය සඳහා නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳ උත්පත්ති 2 හී දෙවන මූලධර්මය නම් විවාහය ජීවිත කාලය පුරාම පැවතීමයි. 24 වන පදයේ පවසන්නේ දෙදෙනාම "එක මාංශයක්" බවට පත්වන බවයි. ඒවව ආදම්ගේ පැත්තෙන් ගත් අතර, ඇය වචනානුසාරයෙන් ආදම් සමඟ එක් මාංශයක් විය. ඇගේ සාරය බිම නොව ආදම්ගෙන් සෑදී ඇත. ඉන් පසුව සිදුවන සෑම විවාහයක්ම ආදම් සහ ඒව අතර ඇති එකමුතුකම පිළිබ්ඹු කිරීමකි. ඔවුන්ගේ බැඳීම "මාංසයේ"තිබූ නිසා ඔවුහු සදහටම එකට සිටියහ. පළමු විවාහය සඳහා දෙදෙනාට වෙන්වීමට ඉඩ සලසන ගැලවීමේ වගන්තියක් ලියා නොමැත. එනම් දෙවියන්වහන්සේ විවාහය ජීවිතය සඳහා නිර්මාණය කළ බවය. පුරුෂයෙකු හා ස්ත්‍රියක් විවාහ වීමට කැප වූ විට,ඔවුන් "එක මාංශයක්"බවට පත්වේ,මරණය දක්වා එකිනෙකා සමඟ සමීපව බැඳී සිටිති.

විවාහය සඳහා දෙවියන්වන්සේගේ සැලසුම පිළිබඳ මෙම ඡේදයේ තුන්වන මූලධර්මය වන්නේ ඒක විවාහයයි (ඵකභාර්ය සේවනයයි). "මිනිසා"සහ "භාර්යාව"යන හෙබ්‍රෙව් වචන ඒකීය වන අතර බහු භාර්යාවන්ට ඉඩ නොදේ. ශුද්ධ ලියවිල්ලේ සමහර පුද්ගලයින්ට බහුවිධ භාර්යාවන් සිටියද, දෙවියන් වහන්සේ විවාහය සඳහා නිර්මාණය කර ඇත්තේ එක් පුරුෂයෙකු හා එක් ස්ත්‍රියක් බව මැවීමේ වාර්තාවෙන් පැහැදිලි වේ. පහසු දික්කසාදය පිළිබඳ අදහසට විරුද්ධ වන ලෙස යේසුස්වහන්සේ උත්පත්ති වාර්තාවට ආයාචනා කළ විට යේසුස්වහන්සේ මෙම මූලධර්මය අවධාරණය කළේය (මතෙව් 19:4-6).

දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත කර ඇති දේ වෙනස් කිරීමට ලෝකය අපේක්ෂා කිරීම පුදුමයක් නොවේ. "මාංසය විසින් පාලනය කරනු ලබන මනස දෙවියන්වහන්සේට සතුරු ය; එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නොවේ, එසේ කළ නොහැක" (රෝම 8: 7). "විවාහය" යනුවෙන් ඔවුන් හඳුන්වන දෙයට තමන්ගේම නිර්වචන ඉදිරිපත් කිරීමට ලෝකය උත්සාහ කළද, බයිබලය තවමත් පවතී.

විවාහය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීම නම් ජීවිතය සඳහා එක් පිරිමියෙකු හා එක් කාන්තාවක් එක්වීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහය යන්නෙහි අර්ථ දැක්වීම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries