settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය කිතුණුවන්ට ඇදහිල්ල ආරක්‍ෂා කරගැනීමට පවසනවාද නැතහොත් ඇදහිල්ල වෙනුවෙන් විවාද කිරිමට පවසනවාද?

පිළිතුර


ප්‍රත්‍යුත්තර වේදය යන පදය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රේෂඨ බයිබල් පදය වන්නේ 1 පේත්‍රස් 3:15 ය. එහි පවසනු ලබන්නේ "තමන් සතුව තිබෙන්නාවූ බලාපොරොත්තුව" රැකගැනීම සඳහා ඇදහිලිවතුන් ආවරණයක් සදා ගත යුතු බවය. ක්‍රියාශීලිව මෙය කිරීමට එකම මඟ අප අදහන්නේ මක්නිසාද / අපි අදහන්නේ කුමක්ද යන්න හොඳාකාරව අධ්‍යනය කිරීමය. "ක්‍රිස්තුස් වහන්සේට කීකරුවිය යුතුයි යන සිතිවිල්ල වහල් භාවයට පමුණුවන්නාවූ සහ දෙවියන් වහන්සේගේ දැනගැන්මට එරෙහිව රඟපාන්නාවූ සෑම ක්‍රියාවක්ම හා සෑම විවාදයක්ම විනාශ කිරීමට" පාවුල්තුමා 2 කොරින්ති 10:5 පවසන ලද ආකාරයට අපව එම අධ්‍යයනයන් සූදානම් කරනු ඇත. පාවුල්තුමා දේශණා කරන ලද දෙය ඔහුගේ ජීවිතයේ ක්‍රියාවෙහි යොදවන ලදී. විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්‍ෂා කරගැනීම දිනපතා ඔහුගේ ක්‍රියාවක් විය (පිලිප්පි 1:7). එතුමා ප්‍රත්‍යුත්තර වේදය වෙත නැවත වාරයක් යොමුවෙමින්, තමන්ගේ සේවයෙහි කොටසක් බව එම පරිච්ජේදයේදීම පවසන ලදී (පදය 16) තීතස් 1:9 හි, ප්‍රත්‍යුත්තර වේදය සභාවෙහි නායකත්වයේ අවශ්‍යතාවයක් ලෙස හඟවන ලදී. යේසුස් වහන්සේගේ අපොස්තළුවරයෙකු වන යූද් " ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එකවරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලන ලෙස අවවාද කරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑ විය (පදය 3).

අපෝස්තළුවරුන්ට මෙම අදහස් පැමිණියේ කොහෙන්ද? තමාගේ ස්වාමියාගෙන්මය. යේසුස් වහන්සේ තමන්ගේම ප්‍රත්‍යුත්තර වේදය විය, මන්ද එතුමා තමන් වහන්සේ ගැන විශ්වාස කරන්නේ තමන් සපයා ඇති සාක්‍ෂි වලින් බව නිරතුරුව ප්‍රකාශ කරන ලදී (යොහාන් 2:23, 10:25, 10:38, 14:29). එලෙසම මුළු බයිබලය පුරාවටම, දෙවියන් වහන්සේ අප ඇදහිය යුතු දෙය ස්ථීර කරන පිණිස දිව්‍යමය හාස්කම් බොහොමයක් වේ (නික්මයාම 4:1-8,1 රාජාවලිය 18: 36-39, ක්‍රියා 2:22-43, හෙබ්‍රෙව් 2:3-4, 2 කොරින්ති 12:12). සාක්‍ෂියක් නොමැති දෙය විශ්වාස කිරිම මනුෂ්‍යයා ඝෘජුවම ප්‍රතික්‍ෂේප කරයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා තර්කාන්විත බුද්ධිමත් කොටසක් ලෙස මවන ලද හෙයින්, අප බුද්ධිමත්ව ජීවිත් විය යුතු බවට එතුමා බලාපොරොත්තු වන කල්හි අප පුදුම විය යුතු නැත. නොර්මන් ගෙයිස්ලර් පවසන අන්දමට" මෙහි අරුත වන්නේ ඇදහිල්ලට මෙතුළ කිසිදු ඉඩක් නොමැති බව නොවේ. නමුත් උන්වහන්සේට අවශ්‍යයවන්නේ අන්ධකාරය හරහා පැනීමක් නොව සාක්‍ෂි අතරින් ඇදහිල්ලේ පියවරක් තැබීමය.

මෙම පැහැදිලි බයිබලීය ඉගැන්වීම් වලට සහ උදාහරණ වලට විරුද්ධවන්නන් "දෙවියන් වහන්සේගේ වචනය ආරක්‍ෂා කරගත යුතු නැති" බව පවසන්නට හැකිය. නමුත් ලොව කිනම් ලියවිල්ල දෙවියන් වහන්සේගේ වචනය වීද? යමෙක් මෙයට පිළිතුර දෙන්නට උත්සුකවීද, ඔහු කරන්නේ ප්‍රත්‍යුත්තර වේදයය. මනුෂ්‍යයන්ගේ කාරණා කරණකොට දෙවියන් වහන්සේ පිළිබඳ යමක් පැවසිමට නොහැකි බව ප්‍රකාශ කරනු ඇත. නමුත් එම ප්‍රකාශයම දෙවියන් වහන්සේ පිළිබඳ "සාධාරණ" පැවසීමක්ය. එසේ නොවන්නේ ඇදහීමට කරුණක්ද නොවන්නේය. යමෙකුට ඔබව කිතුණු දහම ගෙන ඒමට කතා කළහැකි නම්, තවකෙකුට ඔබව පිටතට ගැනීමටද කතා කළ හැකිය" යන ජනප්‍රිය පැවසිමක් වේ. මෙය ප්‍රශ්ණයක් වන්නේ මන්ද? පාවුල්තුමාම කිතුණු දහම පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳ මිණුම් දණ්ඩක් (මළවුන්ගෙන් උත්ථානවීම) 1 කොරින්ති 15 ලබා දුන්නේය. එයට අශුභවාදී ලෙස පිළිතුරු සපයන්නන් තමන්ගේ සැදැහැවත්කම වැරදි ස්ථානයක තබා ඇත.

ප්‍රත්‍යුත්තර වේදය පමණක් හෝ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලපෑමක් නොමැතිව කෙනෙකු ගැළවීමේ ඇදහීමට ගෙන ආ නොහැකිය. මෙය බොහෝ අයගේ මනසෙහි සාවද්‍ය උභතෝකෝටික ප්‍රශ්ණයක් මැවිය හැකිය. නමුත් එය "ප්‍රාණයට එරෙහිව තර්කය" නොවිය හැක.දෙකම විය නොහැක්කේ මන්ද? ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ඇදහීම සඳහා යම් තත්වයකට ගෙන ආ යුතුය. නමුත් සපුරාලීම ඔහු සතු කොටසය. සමහරුන් සමඟ දෙවියන් වහන්සේ පරීක්‍ෂා එවනු ලබයි සමහර අයට හැඟීම් මත අත්දැකීම් එවනු ලබයි. දෙවියන් වහන්සේට තමන් වහන්සේ කැමති සේ ඕනෑම දෙයක් පරිහරණය කළ හැකිය. නමුත් අප බොහෝ ස්ථාන වල හා හැකි සැම අවස්ථාවකම සුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රත්‍යුත්තර වේදය පාවිච්චි කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය කිතුණුවන්ට ඇදහිල්ල ආරක්‍ෂා කරගැනීමට පවසනවාද නැතහොත් ඇදහිල්ල වෙනුවෙන් විවාද කිරිමට පවසනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries