settings icon
share icon
ප්‍රශ්නය

ස්ථිර තීරණ ගැනීම සඳහා බයිබලානුකුල මූලධර්ම මොනවාද?

පිළිතුර


ස්ථිර තීරණ ගැනීම ආරම්භ වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත වටහා ගැනීමෙනි. තම ශික්ෂා පද අනුගමනය කිරීමට උනන්දුවක් දක්වන අයට දෙවියන්වහන්සේ තම කැමැත්ත හෙළි කිරීමට ප්‍රිය කරයි (ගීතාවලිය 33:18; 35:27; 147:11). තීරණ ගැනීමේදී අපගේ ආකල්පය විය යුත්තේ "මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්තය" (ලූක් 22:42; මතෙව් 6:10).

දෙවියන්වහන්සේ සිය කැමැත්ත අපට මූලික වශයෙන් ආකාර දෙකකින් හෙළි කරයි. පළමුව, උන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන: "සත්‍යයේ ආත්මයාණන් පැමිණි විට, උන්වහන්සේ ඔබට සියලු සත්‍යයන් කරා මඟ පෙන්වනු ඇත. මක්නිසාද උන්වහන්සේ තමාගේම අධිකාරිය මත කථා නොකරනු ඇත." (යොහන් 16:13; 1 යොහන් 2:20, 27 ද බලන්න). දෙවනුව, දෙවියන්වහන්සේ තම කැමැත්තෙන් තම වචනය තුළින් එළිදරව් කරයි: "ඔබගේ වචනය මාගේ පාදවලට පහනක් සහ මාගේ මාවතට ආලෝකයක්ය" (ගීතාවලිය 119:105; ගීතාවලිය 19:7-9; 2 පේත්‍රැස් 1:19 බලන්න).

තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආකල්පයක් හෝ ක්‍රියාවක් පිළිබඳව විනිශ්චයක් කිරීම ඇතුළත් වේ. තීරණ යනු කැමැත්තෙහි ක්‍රියාවක් වන අතර ඒවා සැමවිටම මනස, චිත්ත වේගයන් හෝ දෙකම කෙරෙහි බලපෑම් ඇති කරයි. අප ගන්නා තීරණ ඇත්ත වශයෙන්ම අපගේ හදවතේ ආශාවන් පිළිබ්ඹු කරයි (ගීතාවලිය 119:30). එමනිසා, තීරණයක් ගැනීමට පෙර ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් "මාව සතුටු කිරිමට උත්සාහය ගන්නේද? නැතහොත් ස්වාමින්වහන්සේට සතුටු කිරීමට මා තෝරා ගන්නේද" යන්නයි. යෝෂුවා ප්‍රමිතියක් නියම කළේය: "ස්වාමින්වහන්සේට සේවය කිරීම ඔබට නරකව පෙනේ නම්, ඔබ කාහට සේවය කරන්නේදැයි මේ දවසේම ඔබම තෝරාගන්න… නමුත් මා සහ මාගේ පවුලේ අය සමිඳාණන්වහන්සේට සේවය කරන්නෙමු" (යෝෂුවා 24:15; රෝම 12:2).

අපගේ ජීවිතයේ අතීතය, වර්තමානය සහ අනාගතය යන සමස්ත පින්තූරය දෙවියන්වහන්සේ දකී. උන්වහන්සේගේ වචනය හා ආත්මය තුළින් උන් වහන්සේ අපට එළිදරව් වන ආකාරයට උන්වහන්සේ අපට උගන්වයි, උපදෙස් දෙයි. දෙවියන්වහන්සේ අපට මෙම පොරොන්දුව දී ඇත: "මම ඔබට උපදෙස්දී ඔබ යායුතු මාර්ගයෙන් ඔබට උගන්වන්නෙමි. මාගේ ඇස තාකෙරේ යොමු කොට තට දැනමිතිකම් දෙන්නෙමි " (ගීතාවලිය 32:8; ගීතාවලිය 25:12). දෙවියන්වහන්සේව විශ්වාස කරනවා වෙනුවට අපගේ සිත අපේම ආශාවන් අනුගමනය කරන විට දෙවියන්වහන්සේගේ කැමැත්ත නුසුදුසු හෝ අප්‍රසන්න යැයි පෙනෙන අවස්ථා තිබේ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත සැමවිටම අපගේ ප්‍රයෝජනය සඳහා බව අපි අවසානයේදී ඉගෙන ගනිමු (ගීතාවලිය 119:67; හෙබ්‍රෙව් 12:10-11).

නැවතත්, ස්ථිර තීරණ ගැනීමේ ප්‍රධාන යතුර නම් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීම සහ අපගේ හදවතේ ඇති ආශාවන් අනුගමනය නොකිරීමයි: "මිනිසෙකුට හරියැයි පෙනෙන මාර්ගයක් ඇත, නමුත් එහි අවසානය මරණයට මාර්ගයයි" (හිතෝපදේශ 14:12 හිතෝපදේශ 12:15; 21: 2). අප ගැන නොව දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තබන විට, උන්වහන්සේට ප්‍රසන්න තීරණ මොනවාදැයි අපි ඉක්මනින් සොයා ගනිමු.

පළමුව, දෙවියන්වහන්සේ ආරම්භ කරන එම තීරණවලට ආශීර්වාද කරන අතර උන්වහන්සේගේ වචනයට අනුකූලවේ: "මම ඔබට ප්‍රඥාවේ මාර්ගය ඉගැන්වූවෙමි. මම ඔබව ධර්මිශ්ධ මාවත් වලට ගෙන ගියෙමි" (හිතෝපදේශ 4:11; ගීතාවලිය 119:33 ද බලන්න). දෙවනුව, දෙවියන්වහන්සේ තම අරමුණ ඉටු කරන තීරණවලට ආශීර්වාද කරන අතර උන්වහන්සේගේ ශක්තිය මත රඳා පවතී: "දෙවියන්වහන්සේ ඔබ තුළ ක්‍රියා කිරීමටත් උන් වහන්සේගේ යහපත් අරමුණට අනුව ක්‍රියා කිරීමටත් ක්‍රියා කරයි" (පිලිප්පි 2:13; පිලිප්පි 4:13 ද බලන්න).

ඊට අමතරව, දෙවියන්වහන්සේගේ මහිමයට හේතු වන එම තීරණවලට ආශීර්වාද කරයි: "ඔබ කන්නේ හෝ බොන්නේ හෝ ඔබ කරන ඕනෑම දෙයක් දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා කරන්න" (1 කොරින්ති 10:31). උන්වහන්සේගේ චරිතය පිළිබ්ඹු කරන, යුක්තිය, කරුණාව සහ නිහතමානි කම ප්‍රවර්ධනය කරන තීරණවලට උන්වහන්සේ ආශීර්වාද කරයි. "මනුෂ්‍යයා, යහපත් දේ උන්වහන්සේ ඔබට පෙන්වා ඇත. සමිඳාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යුක්ති සහගත ලෙස ක්‍රියා කිරීමට, දයාවට ප්‍රේම කිරීමට සහ ඔබේ දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කිරීමට" (මීකා 6:8; 1 කොරින්ති 10:31; 1 තිමෝති 4:12 ද බලන්න). ඇදහිල්ලෙන් ගන්නා එම තීරණ වලට උන්වහන්සේ ආශීර්වාද කරයි: "ඇදහිල්ලෙන් තොරව දෙවියන්වහන්සේව සතුටු කළ නොහැක. මක්නිසාද උන්වහන්සේ වෙතට එන ඕනෑම කෙනෙක් උන් වහන්සේ සිටින බවට විශ්වාස කළ යුතු අතර උන්වහන්සේව ඕනෑ කමින් සොයන අයට විපාක දෙයි" (හෙබ්‍රෙව් 11:6).

තම දරුවන්ට ප්‍රඥාව ලබා දෙන බවට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව අප අමතක නොකළ යුතුය. "ඔබගෙන් කිසිවෙකුට ප්‍රඥාව නොමැති නම්, ඔහු සැක නොකර සියල්ලන්ටම නොමසුරුව දෙන දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුතුය. එය ඔහුට දෙනුලැබේ" (යාකොබ් 1:5 ; 1 තෙසලෝනික 5:17). අපි ප්‍රඥාව ඉල්ලා යාව්ඤා කරන විට, අපගේ යාව්ඤාවට පිළිතුරු දීමට දෙවියන්වහන්සේව විශ්වාස කළ යුතුය. "උන්වහන්සේ අසන විට උන් වහන්සේව විශ්වාස කළ යුතුය, සැක නොකළ යුතුය. මක්නිසාද සැක කරන්නා මුහුදේ රැල්ලක් මෙනි. ස්වාමින්වහන්සේගෙන් තමාට කිසිවක් ලැබෙනු ඇතැයි ඒ මිනිසා නොසිතිය යුතුය" (යාකොබ් 1:6-7). දෙවියන් වහන්සේගේ වේලාව එන තෙක් අපි බලා සිටින විට ඉවසීමද වැදගත්ය: "ඉවසීමෙන් බලා සිටීමෙන් පසු ආබ්‍රහම්ට පොරොන්දුවූදේ ලැබුණි" (හෙබ්‍රෙව් 6:15).

වේදනාකාරී තේරීමක් සිදුවන විට තීරණ ගැනීම වඩාත් අපහසුවේ. සමහරවිට, නිවැරදි ක්‍රියා මාර්ගයද අපට යම් ආකාරයකින් රිදවනු ඇත. අපට වැඩිපුරම කරුණාව අවශ්‍ය වන්නේ මෙතැනදීය. ක්‍රිස්තුස්වහන්සේගේ මහිමය උදෙසා දුක් විඳීමට අප සැබවින්ම කැමතිද? "එබැවින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් පීඩා විඳි බැවින්, එකම චින්තනයෙන් සන්නද්ධ වන්න. මක්නිසාද මාංසයේ දුක් විඳින ඕනෑම කෙනෙක් පාපයෙන් වැළකී සිටියි. එවිට මාංසයේ ඉතිරි කාලය ජීවත් වන්නේ මිනිස් ආශාවන් උදෙසා නොවේ. දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා" (1 පේත්‍රැස් 4:1-2).

අද තීරණයක් ගන්නවාද? මඟ පෙන්වීම සඳහා දෙවියන්වහන්සේගේ වචනය දෙස බලන්න. උන්වහන්සේට පමණක් සැපයිය හැකි සමාදානයෙන් සැන සෙන්න (පිලිප්පි 4:7). ප්‍රඥාව ඉල්ලන්න, උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත මෙහෙයවනු ඇත: "සමිඳාණන්වහන්සේ කෙරෙහි මුළු හදවතින්ම විශ්වාස කරන්න, ඔබේම අවබෝධයට නැඹුරු නොවන්න. ඔබේ සියලු මාර්ග වලින් උන්වහන්සේ පිළිගන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරයි" (හිතෝපදේශ 3:5-6; යෙසායා 58:11; යොහන් 8:12 ද බලන්න).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්ථිර තීරණ ගැනීම සඳහා බයිබලානුකුල මූලධර්ම මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries