settings icon
share icon
ප්‍රශ්නය

මරණාසන්න මොහොතේ ජීවිත වෙනස් වීම පිළිබදව බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


දේව වචනයේ සදහන් ඉහළ පෙලේ මරණාසන්න මොහොතේ රෑ අවසාන මොහොතේදී ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරීම නම් යේසුස්වහන්සේගේ පසෙකින් කුරුසියේ ඇණ ගසනු ලැබූ අපරාධකරුවාය (ලුක් 23:39–43). ඔහුගේම මරණයට මොහොතකට පෙර මෙම අපරාධකරුවා නොඇදහිලිකාරවූ ක්‍රිස්තුස්වහන්සේට අවමන් කරන්නෙකු වී සිටියේය (මතෙව් 27:44). කෙසේ නමුත් අවසාන මොහොතේදී මෙම අපරාධකරුවා පශ්චාතාප වී යේසුස් වහන්සේ ස්වර්ගයේ රජතුමන් ලෙස ඒත්තු ගනු ලැබීය. ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාදලත් පොරොන්දුව දුන් සේක, එනම් “අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහිය”.

කුරුසියෙහි සිටි අපරාධකරුවා පිළිබද කථාන්තරයේදී අවසාන මොහොතේද හැරීමක් සිදුවිය හැකි නමුත් දේව වචනයේ අපට අනතුරු අගවන්නේ වෙනත් මොහොතක් පැමිණෙන තුරු නොසිට මේ මොහොතේම පශ්චාතාප වන ලෙසය. යොහාන් බවිතීස්ත අනතුරු අගවනු ලැබුටවේ “පසුතැවිලි වෙයල්ලා, ස්වර්ග රාජ්‍යය ළගය” (මතෙව් 3:2). යේසුස්වහන්සේටද වහාම පසුතැවිලි වීම අරභයා ඒ ආකාරයේම පණිවුඩයක් තිබිණ (මතෙව් 4:17).

ජීවිතයේ සංක්ෂිප්තභාවය පිළිබදව දේව වචනය අපට අනතුරු අගවනු ලබයි. “නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” (යාකොබ් 4:14). අපට උපදෙස් දී ඇත්තේ යම් කිසි දිනෙක ජීවිතය වෙනස් කර ගැනීම සලකා බැලීම නොව මේ මොහොතේ විශ්වාස කිරීමටය “අද නුඹලා උන්වහන්සේගේ හඩ අසන්නහු නම් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා” (හෙබ්‍රව් 4:7) අප කිසිවෙකු අපගේ ජීවිතයේ තව කොපමණ කලක් ඉතිරි වී ඇත්ද යන්න හෝ අපගේ මරණයේ තත්වය හෝ නොදන්නෙමුවග අප ක්ෂණිකව අනපේක්ෂිත ආකාරයට මිය යා හැකි හෙයින් මරණාසන්න මොහොතේ ජීවිත වෙනස් වීම ඒතුළින් වැළකී යා හැක. එකම යුක්ති සහගත විකල්පය නම් පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙර්‍ මොහොතේ විශ්වාස කිරීමයි. පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන් දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමි. උන්වහන්සේ කියන සේක. මෙන්න දැන් පිලිගත යුතුවූ කාලයය. මෙන්න දැන් ගැළවීමේ දවසය (2 කොරින්ති 6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණාසන්න මොහොතේ ජීවිත වෙනස් වීම පිළිබදව බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries