settings icon
share icon
ප්‍රශ්නය

මෙසියස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ගැන හෙබ්‍රෙව් ලියවිල්ල අනාවැකි පළකරන්නේ කොහේද?

පිළිතුර


හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම මෙසියස්වහන්සේගේ පොරොන්දුව පැහැදිලිව දක්වා ඇත. මෙම මෙසියස්වහන්සේ ගැන අනාවැකි සියගණනක්, සමහරවිට යේසුස්ක්‍රිස්තුස් ඉපදීමට අවුරුදු දහස් ගණනකට පෙර සිදුකරන ලද අතර, ඒවා ඉටුකිරීම සඳහා මෙලොව මෙතෙක් ගමන් කළ එකම පුද්ගලයා යේසුස්ක්‍රිස්තුස්වහන්සේය. ඇත්ත වශයෙන්ම, උත්පත්ති සිට මලාකී දක්වා මෙම අභිෂේකලත් තැනැත්තාගේ පැමිණීම විස්තර කරන නිශ්චිත අනාවැකි 300 කට අධික සංඛ්‍යාවක් ඇත. උන්වහන්සේගේ කන්‍යා උපත, බෙත්ලෙහෙමේ උපත, යූදා ගෝත්‍රයෙන් උන්වහන්සේගේ උපත, දාවිත් රජුගෙන් පැවත එන පරම්පරාව, උන්වහන්සේගේ පව් රහිත ජීවිතය සහ උන්වහන්සේගේ සෙනඟගේ පව් වෙනුවෙන් කළ පව් කමාව, යුදෙව්වන්ගේ මරණය හා නැවත නැඟිටීම විස්තර කරන අනාවැකිවලට අමතරව යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ඉතිහාසයේ සිදුවීමට බොහෝ කලකට පෙර මෙසියස්වහන්සේ හෙබ්‍රෙව් අනාවැකිමය ලියවිලිවල මනාව ලේඛන ගත කර ඇත.

මෙසියස්වහන්සේගේ මරණය පිළිබඳව හෙබ්‍රෙව් ලියවිල්ලෙහි ඇති වඩාත්ම ප්‍රසිද්ධ අනාවැකි අතුරින් ගීතාවලිය 22 වන ගීතිකාව සහ යෙසායා 53 කැපී පෙනේ. ගීතාවලිය 22 වන ගීතිකාව යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට වසර දහසකට පෙර යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම පිළිබඳව වෙනමම අනාවැකි පළකර ඇති හෙයින් එය පුදුම සහගතය. මෙන්න උදාහරණ කිහිපයක්. මෙසියස්වහන්සේගේ දෑත් සහ පාද "සිදුරු කරන බව" (ගීතාවලිය 22:16; යොහන් 20:25). මෙසියස්වහන්සේගේ කටු නොකඩන බව (පුද්ගලයෙකුගේ මරණය වේගවත් කිරීම සඳහා කුරුසියේ ඇණ ගසනු ලැබූ පසු සාමාන්‍යයෙන් කකුල් කඩනවා ඇත) (ගීතාවලිය 22:17; යොහන් 19:33). මිනිසුන් මෙසියස්වහන්සේගේ ඇඳුම් සඳහා දාදු දමනු ලැබු බව(ගීතාවලිය 22:18; මතෙව් 27:35). "දුක් විඳින දාසයා" යන අනාවැකිය ලෙස හඳුන්වන සම්භාව්‍ය මෙසියස්වහන්සේගේ අනාවැකිය වන යෙසායා 53, මෙසියස්වහන්සේ සෙනඟගේ පාප වෙනුවෙන් කළ මරණය විස්තර කරයි. යේසුස්වහන්සේ ඉපදීමට අවුරුදු 700 කට පෙර යෙසායා උන්වහන්සේගේ ජීවිතය හා මරණය පිළිබඳ විස්තර සපයයි. මෙසියස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබේ (යෙසායා 53:3; ලූක් 13:34). මෙසියස් වහන්සේ තම සෙනඟගේ පව් උදෙසා කරන පූජාවක් ලෙස මරණයට පත්වේ (යෙසායා 53:5–9; 2 කොරින්ති 5:21). මෙසියස්වහන්සේ තම චෝදනා කරන්නන් ඉදිරියේ නිහඩව සිටිය බව(යෙසායා 53:7; 1 පේත්‍රැස් 2:23). මෙසියස්වහන්සේ ධනවතුන් සමඟ භූමදාන කරනු ඇත (යෙසායා 53:9; මතෙව් 27:57-60). මෙසියස්වහන්සේගේ මරණයේදී අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබු බව (යෙසායා 53:12; මාක් 15:27).

යුදෙව් මෙසියස්වහන්සේගේ මරණයට අමතරව, උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථානවීම ගැනද පුරෝකථනය කර ඇත. නැවත නැඟිටීමේ අනාවැකි පිළිබඳව වඩාත් පැහැදිලිව හා වඩාත්ම දන්නා දෙය නම්, ගීතාවලිය 16:10 හි ඊශ්‍රායෙලයේ දාවිත් රජු විසින් ලියන ලද එකක් වන අතර, යේසුස් වහන්සේගේ උපතට පෙර සහ ස්‍රයක්ද ලියා තිබේ. ඔබේ ශුද්ධ තැනැත්තාට දිරාපත්වීමට ඉඩ නොදෙන බව."

ෂාවූට් යුදෙව් මංගල්‍ය දිනයේදී (සති හෝ පෙන්තකොස්ත) පේතෘස්තුමා පළමු ශුභාරංචි දේශනය දේශනා කරනවිට, ඔහු නිර්භීතව කියා සිටියේ දෙවියන්වහන්සේ යුදෙව් මෙසියස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බවය (ක්‍රියා 2:24). 16 වන ගීතිකාවේ දාවිත්ගේ අනාවැකිය ඉටු කිරීම සඳහා දෙවියන්වහන්සේ මෙම ආශ්චර්යමත් ක්‍රියාව කළ බවඔහු පසුව පැහැදිලි කළේය. ඇත්ත වශයෙන්ම, පේතෘස් දාවිත්ගේ වචන ගීතාවලිය16:8–11 හි විස්තරාත්මකව උපුටා දැක්වීය. අවුරුදු කිහිපයකට පසු, අන්තියෝකියේ සිටි යුදෙව් ප්‍රජාව සමඟ කතා කළවිට පාවුල්තුමා ඒ දේම කලේය.ගීතාවලිය 16:10 (ක්‍රියා 13: 33-35) සම්පූර්ණ කිරීම සඳහා දෙවියන්වහන්සේ මෙසියස් නම්වු යේසුස්වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ බව පේතෘස් මෙන්ම පාවුල්ද ප්‍රකාශ කළේය.

මෙසියස්වහන්සේගේ උත්ථානය තවත් දාවිත්ගේ ගීතිකාවක තදින්ම ගම්‍යවේ. නැවතත්, මෙය 22 වන ගීතිකාවයි. 19-21 පදවල, දුක් විඳින ගැළවුම්කාරයා "සිංහයාගේ මුඛයෙන්" (සාතන්ගේ රූපකයක්) ගැලවීම ඉල්ලා යාච්ඤා කරයි. මෙම මංමුලාසහගත යාච්ඤාව 22-24 පදවල වහාම ප්‍රශංසා ගීතිකාවක් මගින් අනුගමනය කරනු ලැබේ. මෙසියස්වහන්සේ දෙවියන්වහන්සේට කල යාච්ඤාව සවන්දී උන්වහන්සේව මිදිම ගැන දෙවියන්වහන්සේ ගැන ස්තුති කරයි. මෙසියස්වහන්සේගේ උත්ථානය 21 වන පදයේ යාච්ඤාවේ අවසානය සහ 22 වන පදයේ ප්‍රශංසා ගීතයේ ආරම්භය අතර පැහැදිලිව ගම්‍යවේ.

යෙසායා 53 වෙත නැවත: දෙවියන්වහන්සේගේ දුක් විඳින සේවකයා තම සෙනඟගේ පව් නිසා දුක්විඳිනු ඇතැයි අනාවැකි කීමෙන් පසු අනාගතවක්තෘවරයා පවසන්නේ "ජීවතුන්ගේ දේශයෙන් ඔහුව කපා දමනු" ඇති බවයි. නමුත් යෙසායා එවිට උන්වහන්සේ (මෙසියස්) "උන් වහන්සේගේ දරුවන් දකිනු ඇත" සහ පියාණන් වන දෙවියන්වහන්සේ "උන් වහන්සේගේ දවස් දීර්ඝ කරයි" (යෙසායා 53:5, 8, 10). යෙසායා නැවත නැඟිටීමේ පොරොන්දුව විවිධ වචන වලින් නැවත තහවුරු කරයි: "උන් වහන්සේ තමන් ආත්ම වේදනාවේ පල දැක තෘප්තියට පැමිණෙන සේක." (යෙසායා 53:11).

මෙසියස්වහන්සේ වන යේසුස්වහන්සේගේ උපත, ජීවිතය, මරණය සහ නැවත නැඟිටීම යන සෑම අංශයක්ම හෙබ්‍රෙව් ලියවිල්ලෙහි අනාවැකි පළකර තිබුණේ මිනිස් ඉතිහාසයේ කාල රාමුව තුළ සිදුවීම් දිග හැරීමට බොහෝ කලකට පෙරය. ගැලවුම්කරුවන යේසුස්වහන්සේ තම කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන්ට මෙසේ පැවසීම පුදුමයක් නොවේ. "ලියවිලිවල සදාකාල ජිවනය ඇත්තේ යයි නුඹලා සිත නබැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂි දෙයි," (යොහන් 5:39).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මෙසියස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ගැන හෙබ්‍රෙව් ලියවිල්ල අනාවැකි පළකරන්නේ කොහේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries