settings icon
share icon
ප්‍රශ්නය

දරුවෙකුගේ මරණය කිතුණු දෙමව්පියන් කොයි ආකාරයෙන් පාලනය කල යුතුද?

පිළිතුර


දෙමව්පියන් වශයෙන් අපට දරුවෙකු අහිවීම තරම් අප්‍රසන්න අත්දැකීමක් සිතිය නොහැක. සාමාන්‍යයෙන් සෑම දෙමව්පියෙකුම දරුවන් දීර්ඝායුෂ ලැබිය යුතු බවට බලාපොරොත්තු වේ. එවැනි අහිමිවීමක් අසාමාන්‍ය සිදුවීමක් වන අතර එයින් ඇතිවන දරාගත නොහැකි වේදනාවක් සහ කල්පවතින ශෝකයක් ගෙන ඒ. එය ජීවිතය නැවත සකස් කරන්නා වු අත්දැකීමක් වන අතර තම දරුවා නොමැතිව ජීවිතය නැවත ගොඩනඟා ගැනීම අද්විතීය අභියෝගයක් වේ. දෙමව්පියන්ට තම දරුවාගේ මරණය හසුරුවාලීම පිළිබඳ කියාදීම උපකල්පනයක් වේ. කෙසේ වුවද එවැනි අහිමිවීමකින් වුවද දෙවියන් වහන්සේට තම ජීවිතය කැපකර ඇති අය සාමාන්‍ය තත්වයට පත්වීම අව්‍යාජ සහ සුභවාදී තම මැවුම්කරුවාණන් පිළිබඳ විශ්වාසයක් නොමැතිව සිටින අයට වඩා පහසු වේ. එසේනම් කිතුණු දෙමව්පියන් තමදරුවාගේ මරණය හසුරුවාලන්නේ කෙසේද? බයිබලය මෙම විෂය පිළිබඳ යමක් පවසන්නේද, එසේනම් කෙළෙසකද?

පළමුව අප දැනගත යුතු කරුණ නම් එක් එක් පුද්ගලයා ශෝකය වේදනාව හසුරුවන්නේ වෙනස් ආකාරවල් වලටය. හැඟීම් එහි අධික තීව්‍රතාවය මත පුළුල් ලෙස වෙනස් වේ. මෙම හැඟීම් සාමාන්‍ය සහ ස්වාභාවික වේ. දෙවනුව කිසිම දෙමව්පියෙක් තමදරුවා අහිමිවීමේ වේදනාවෙන් මුළුමනින්ම සුවය ලබන්නේ නැත. එය හරියට රෝගයකින් නැවත සුවයලබා ගැනීමක් මෙන් නොවේය. බොහෝ අනුශාසකවරුන් එය සමානකරන්නේ ජීවිතය වෙනස් කරන්නාවූ ශාරීරික හිංසනයක් ලෙසය. කෙසේ වුවද අප දැනගත යුතු කාරණයවන්නේ නිරතුරුව අහිමිවීමේ වේදනාව දැනුනද එය කාලයත් සමඟ එහි ඇති තීව්‍රතාවය නැතිවී යන බවය.

ප්‍රේමණිය සහ සදාකාල විශ්වාසවන්තවූ දෙවියන් වහන්සේ තුළ ඇති ඇදහිල්ල දරුවාගේ අහිමිවීම දරාගන්නටත් ඉන් සුවයලබා ගන්නටත් හැකියාව ලබා දෙනවා අතර සමහරවිට එය අන් අය අපූර්ව දෙයක් ලෙස දකිනවා ඇත. ඉපදී දවස් හතකින් මියගිය දාවිත් රජතුමාගේ පුතාගේ කතාව වේ (2 සාමුවෙල් 12: 18-19). මෙම ජේදයෙහි ඉතා වැදගත් පාඩම් කිහිපයක් ශෝකයෙන් වැලපෙන දෙමව්පියන්ට බලාපොරොත්තුවෙන් යුතුව අනාගතයට මුහුණ දීම සඳහා ඇතුල් කොටඇත.

එක කරුණක් නම් දාවිත්තුමා තමාගේ දරුවාගේ ජීවිතය උදෙසා උදක්ම යාච්ඤා කළේය (2 සාමුවෙල් 12:16). සෑමඅවස්ථාවකදීම සෑම දෙමව්පියෙකුටම මෙය සැබෑව වන අතර අමාරු කාලයන් වලදී පමනක් නොවේය. දෙමව්පියන් නිරතුරුවම තමන්ගේ දරුවන් ආකරක්‍ෂා කරණ ලෙසත් රැකවරණය දෙන ලෙසත් නිරතුරුව දෙවියන් වහන්සේට යාව්ඤා කළ යුතුය. එලෙසම දෙවියන් වහන්සේ දරුවන්ට භක්තිවන්ත ඥානයක් සහ මඟපෙන්වීමක් සපයන ලෙසත් එතුලින් දෙවියන් වහන්සේගේ තරවටුව සහ පෝෂණය තුළ වර්ධනය පිණිස දෙමව්පියන් නිරතුරුවම යාච්ඤා කළ යුතුය (විනිශ්චයකාරයන්ගේ පොත 13:12, හිතෝපදේශ 22:6, එපීස 6:4). දාවිත්තුමාගෙන් අප ඉගෙනගන්නා තවත් කාරණයක්නම් තමාගේ දරුවාගේ මරණයේදී ඔහු දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි. දරුවා මියැදුන බව දැනගත් පසු ඔහුගේ ක්‍රියාව වූයේ "පොළොවෙහි හිඳවුන් තැනින් නැඟිට" වස්ත්‍රමාරු කර දෙවියන් වහන්සේ ගෘහයට ගොස් එතුමන් නමස්කාර කළේය. ඉන්පසුව තමාගේ නිවසට ගොස් ආහාරඉල්ලා සිටි අතර ඔවුන් ඔහු ඉදිරියෙහි කෑම මේසයක් පිළියෙල කළ විට ඔහු ආහාර ගත්තේය (2 සාමුවෙල් 12:20). මෙම ජේදයෙහි පුදුමයට කරුණවන්නේ "දාවිත්තුමා ස්වාමින් වහන්සේගේ ගෘහයට ගොස් නමස්කාර කිරීමයි". තවත් ආකාරයකින් පවසනවා නම් දාවිත්තුමා දරුවාගේ මරණය පිළිනොගත් අතර කරුණ ස්වාමින් වහන්සේට නමස්කාරෙන් භාර දුන්නේය. ප්‍රශ්ණයකදී දෙවියන් වහන්සේව නමස්කාර කිරීම එතුමන්ට ගෞරවයදීමට හැකිවීම දෙවියන් වහන්සේ තුළ තබා තිබෙන විශ්වාසය පිළිබඳ බලවත් ප්‍රදර්ශණය කිරීමක්ය. එසේ කිරිමෙන් අහිවීමේ සත්‍යතාවය පිළි ගැනීමට අපට හැකිවේ.

ඊළඟ පාඩම මහත් අනාවරණයක ගෙන දෙයි. ගණන්දීමේ වයසට පැමිණෙන්නට ප්‍රථමව මියැදෙන දරුවන් ස්වර්ගයට පිවිසෙන බවට මහත් දැන ගැන්මක් ඇත. එවැනි ප්‍රශ්ණ අතර සිටින අයට දාවිත්තුමාගේ ප්‍රතිචාරය ළදරුවන් මියැදුන ඇදහිලිවන්ත දෙමව්පියන්ට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දෙන මූලාශ්‍රයක් වේ. "නමුත් දැන් ඔහු මැරුණායින් පසුව කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වා ගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟටහැරී එන්නේ නැතැයි කීය" (2 සාමුවෙල් 12:23). එතුමාගේ පුත්‍රයාව ස්වර්ගයෙහි මුණගැසෙන බවට දාවිත්තුමා තුළ මහත් විශ්වාසයක් විය. මෙලොව හැරයන ලා බාලයන් ස්වර්ගයට ඇතුල් වන බවට මෙම ජේදයෙන් බලවත් ප්‍රකාශයක් පෙන්වා දෙයි.

දරුවෙකුගේ අහිමිවීම කරණකොටගෙන ශෝකවීම හදවත ඉරාගෙන යන ගමනක් වේ. වැළපීම කෙසේ හසුරුවාලිය යුතුද යන්නට අපට මාර්ග නිර්දේශණයන් නැත. කෙසේ වුවද උපදේශකයන්, දරුවන් අහිමිවීමේ අත්දැකීම් ලද අය සමහර උපකාරක අවවාදයන් දී ඇත.

• ඔබතනිව නැති බවවටහා ගන්න. ඔබට දෙවියන් වහන්සේ සිටින සේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට සහෝදර සහෝදරියන් ඇත. ඔබට සමීපතම මිතුරන් සහ පවුල ඇත. ඔවුන් මත රඳා පවතින්න. ඔවුන් සිටින්නේ ඔබට උපකාරකරන්නටය.

• සුවය සඳහා කාල සීමාවන් නිර්ණය නොකරන්න. දරුවා ගැන නොසිතා දවසක් පසු කළ හැකියයි නොසිතන්න. එමෙන්ම එසේ කිරීමට නොසිතන්න.

• ඔබගේ දරුවා ගැන කතා කරන්න. අන් අය සමඟ ඔබගේ දරුවා ගේ කතන්දරය බෙදා ගැනීම වැදගත් වේ.

• ඔබ ගැන මෙන්ම අනෙක් දරුවන් ගැනද සැළකිලිමත් වන්න. ඔවුනදු සිටින්නේ වේදනාවෙන්ය. මන්ද ඔවුන්ගේ පවුලේ අයෙකු අහිමිවීම පමණක් නොව දෙමව්පියන් ශෝකයෙන් පසුවන බැවින් අමතර අපහසුතාවයක්ද ඊට එක්වේ.

• අඩුම වශයෙන් පළවෙනි වර්ෂයේ පමණක් හෝ ප්‍රධාන තීරණ ගැනීමෙන් වළකින්න උත්සාහකරන්න.

• දරුවෙකුගේ මරණයෙනන් පසුව බොහෝ "පළවෙනි" දේවල් හරහා ගමන් කිරීම ඉතා වේදනාකාරී විය හැක. දරුවාගේ පළවෙනි උපන් දිනය පළවෙනි නත්තල් දිනය ආදිය.

• අවසානවශයෙන්, දරුවන් අහිමිවූ කිතුණුවන්ට විශාලසහ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් ඇත. "උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියළු කදුළු පිස දමන සේක. මරණය තවත් නොවන්නේය. වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේ යයි සිංහාසනයෙන් කියන හඬක් මට ඇසුණේය" (එළිදරව් 21:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දරුවෙකුගේ මරණය කිතුණු දෙමව්පියන් කොයි ආකාරයෙන් පාලනය කල යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries