settings icon
share icon
ප්‍රශ්නය

මළ මුහුදු අකුළන පොත් නම් මොනවාද, එසේම ඒවා වැදගත් වන්නේ මන්ද?

පිළිතුර


මළ මුහුදු අකුළන පොත සොයා ගැනීම් වලින් පළමුවැන්න 1947 දී මළ මුහුදේ වයඹ දෙසින් යෙරුසලමට සැතපුම් 20 පමණ නැගෙනහිරින් පිහිටි කුමිරාන් නම් ගම්මානයෙහිය. තරුණ කාන්තාරවාසි එඪේරෙකු මංමුළාවූ එළුවකු පසු පසු යාමේදී මුහුදු කඳු බෑවුම් ඔස්සේ එක් ගුහාවකට ගලක් විසි කළ අවස්ථාවේදී ශබ්දයක් ඇසුනි: එම ගල සම් සහ පැපිරස් අඩංගු අකුළන පොත් අඩංගු මැටි බඳුනක වැදී ඇති අතර පසුව ඒවා ශතවර්ෂ විස්සකටත් වඩා පැරණි යයි නිර්ණය කරනු ලැබීය. වසර දහයකට සහ පසුව මළ මුහුද අවට ගුහා එකොළසකින් ක්‍රි. පූ. තුන්වන සියවසේ සහ ක්‍රි. ව. 68 හි අකුළන පොත් ඛණ්ඩයන් දස දහස් ගණනින් සොයා ගනු ලබා ඇස්තමේන්තුගත වෙනම කෘති අට සියයක් නියෝජනය කරනු ලැබීය.

මළ මුහුදු අකුළන පොත් වල හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන් ලියා ඇති යුදෙව් ලේඛන එකතුවක් අඩංගු වන අතර බොහෝ විෂයන් හා සාහිත්‍යය ශෛලීන් ඇතුළත්වේ. ඒවා හී එස්තර් පොත හැරුණු කොට හෙබ්‍රව් බයිබලයේ ඇති සෑම පොතකම අත් පිටපත් හෝ කැඩුණු කැබලි අන්තර්ගතවේ. ඒ සියල්ලම මීට පෙර දන්නා දේව වචනානුකුල අත් පිටපත් වල වසර දහසකට පමණ පෙර නිර්මාණය කරන ලද්දකි. හබක්කුක්ගේ පොතෙහි දැනට පවතින පැරණිතම දේව වචනානුකූල විවරණය සහ තවත් බොහෝ ලියවිලි මෙම අකුළන පොත් තුළ අඩංගු වන මෙන්ම ඒවා අතර එකල යුදෙව් නිකායන්ට අදාළ ආගමික කෘතිද ඇත.

මළ මුහුදු අකුළන පොත් වල අඩංගු දේවල ජනප්‍රවාද සත්‍යය වශයෙන්ම එහි තිබූ දෙයට වඩා බොහෝ සෙයින් වැඩිය. ඒ වන විටත් පිටපත් නොමැති දේව වචනයේ හෝ වෙනත් සාහිත්‍යයේ නැතිවූ පොත් නොමැත. මළ මුහුදු අකුළන පොත් වලින් අතිමහත් බහුතරය ක්‍රි. පූ. 250–150 සිට පැරණි ගිවිසුමේ පොත් වල හුදෙක් පිටපත්ය. අමතර දේව වචනානුකූල සහ එළිදරව් පොත්ද සොයාගෙන ඇති නමුත් නැවතත් අකුළන පොත් වලින් බහුතරයක් හෙබ්‍රව් පැරණි ගිවිසුමේ පිටපත් වූහ. මළ මුහුදු අකුළන පොත් විශ්මය ජනක සොයා ගැනීමක් වන අතර එම අකුළන පොත් විශිෂ්ට තත්වයේ පවතින අතර එතරම් කාලයක් (අවුරුදු 2,000 වඩා වැඩි කාලයක්) සගවා තිබී ඇත. පැරණි ගිවිසුමේ අත් පිටපත් වල විශ්වාසනීයත්වය පිළිබදව මළ මුහුදු අකුළන පොත් මගින් අපට විශ්වාසයක් ලබා දිය හැකි අතර මීට පෙර සොයාගත් අත් පිටපත් සහ කුමිරාන්හී තිබී සොයාගත් ඒවා අතර අවම වෙනස්කම් තිබේ. පැහැදිලිවම මෙය දෙවියන්වහන්සේ සිය වචනය ශතවර්ශ ගණනාවක් පුරා ආරක්ෂා කර ඇති ආකාරය පිළිබද සාක්ෂියකි. එය වඳවී යාමෙන් ආරක්ෂා වන අතර සැලකිය යුතු වැරැද්දකින් එය සුරක්ෂිත කරනු ලබයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මළ මුහුදු අකුළන පොත් නම් මොනවාද, එසේම ඒවා වැදගත් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries