settings icon
share icon
ප්‍රශ්නය

සභාවේ උපස්ථායකවරුන්ගේ වගකීම් මොනවාද?

පිළිතුර


අළුත් ගිවිසුමෙහි "මෙහෙවර කිරීම / මෙහෙ කිරීම" යන වචනය පරිවර්තනය වූයේ "ඩයකෝනියෝ" නැමති ග්‍රීක් වචනය කරණකොටගෙනය. එහි වචනානුසාරයෙන් අර්ථයවන්නේ " කුණු කසල" හරහා යන්නයි. එය යොමුවන්නේ සාත්තු සේවකයා, භෝජනාගාර සේවකයා හෝ වෙනත් කෙනෙකුට සේවය කරන්නෙකු හට ය. මෙම වචනය කරණකොටගෙන අපි ඉංග්‍රීසි වචනය වන ඩීකන් ලබා ඇත්තෙමු. උපස්ථායක වචනය පළමුවරට අප දකින්නේ ක්‍රියා පොතෙහි සභාවෙහි උපකාර කරන්නන් සඳහා උපයෝගි කරගත් වචනයක් ලෙසය. "එවිට දොළොස්දෙනා සමූහයා කැඳවා ඔවුන්ට කථා කොට: අප විසින් දෙවියන් වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවය කිරීම සුදුසු නැත". දේශණා කිරීම් වලින් හා ඉගැන්වීම් වලින් රැල පෝෂණය කළ මනූෂ්‍යයන් එම ක්‍රියාවන් හැරදමා මේසවල සේවය කිරීම නුසුදුසු බව ඔවුන්ට වැටහිණි. එබැවින් සභාවේ ශාරීරික අවශ්‍යතාවයන්හි සේවය කරණ පිණිස, එවැනි සේවයකට කැමතිවූවන් සොයා ගත් අතර ඔවුන් සභාවේ ආත්මික සේවාවන් සඳහා යොමු විය. එය සම්පත්වල යහපත් පරිහරණයක් වූවාක් මෙන්ම දිමනාවන් ලෙස හොඳ පරිහරණයක් විය. එකිනෙකාට සේවය කිරිම සඳහා බොහෝ අය සහභාගි විය. වර්තමාන බයිබලීය සභාවටද මෙම වගකීම් වල අවශ්‍යතාවය එලෙසම සමානය. වැඩිමහල්ලන් හා සභාපාලකවරුන් "සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් ඉගැන්වීමෙන් තරවටුකර අවවාදකර, අනුශාසනා කරපන්න" (2 තිමොති 4:2). මේ අතර අනෙකුත් සියල්ල රැකබලා ගැනීම උපස්ථායකයන් සතු වේ. එමෙන්ම පාලනකට යුතු හෝ සංවිධානාත්මක කටයුතු වැනි දුෂ්කරකාර්යයන් , ප්‍රවේශකයන්, හොඩනැගිලි නඩත්තු කිරීම හෝ සභාවේ භාණ්ඩාගාරික සේවයෙහි ස්වේච්චා සේවකයෙකු ලෙස සේවය කළ හැක. එය රඳා පවතින්නේ සභාවේ අවශ්‍යතාවය මත හා ප්‍රයෝජනය සඳහා ඇති මනුෂ්‍යයාගේ දීමනා මතය.

උපස්ථායකුගේ වගකීම් පැහැදිලි ලෙස ලියවිල්ලෙහි ලැයිස්තු ගතකර හෝ දළ සැලැස්මක් දී නැත. එබැවින් උපකල්පනය කළහැකි වන්නේ වැඩිමහල්ලෙකුට හෝ සභාපාලකවරයෙකුට අයත් නොවූ සියල්ල ලෙසය. නමුත් උපස්ථායකුවරයෙකුවීම සඳහා අවශ්‍ය සුදුසුකම් පැහැදිලි ලෙස ලියවිල්ලෙහි දළ සටහනක් දී ඇත. එසේම උපස්ථායකයන් සන්සුන් වූ, දෙයාකාර නැත්තාවූ, බොහෝ මුද්‍රික පානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්‍ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය. තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස් නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා. උපස්ථායකයෝ වනාහි එක භාර්යාවකට පුරුෂයෙක්ව තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදර වාසීන්ද හොඳ හැටි හසුරුවා ගනිත්වා. දේව වචනයට අනුව උපස්ථායක නිලය ගෞරවයක් හා ආශීර්වාදයක් වේ. "මක්නිසාද උපස්ථායකයන්ව යහපත් ලෙස සේවය කළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැක කමද ලබා ගනිති" (1 තිමොති 3:13).



English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවේ උපස්ථායකවරුන්ගේ වගකීම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries