settings icon
share icon
ප්‍රශ්නය

පෙන්තතොස්ත දිනය නම් කුමක්ද?

පිළිතුර


"පෙන්තතොස්ත" යන්න පැරණි සහ නව ගිවිසුම් යන දෙකෙහිම සුවිශේෂත්වයක් දරයි. පෙන්තතොස්ත යන්න වනාහී පැරණි ගිවිසුමෙහි හඳුන්වනු ලබන මංගල්‍යයක් වන සති මංගල්‍යය යන්නෙහි ග්‍රීක නාමයවේ. (ලෙවී කථාව 23:15; ද්විතීය කථාව 16:9). ග්‍රීක වචනයෙහි අර්ථය වනුයේ "පනස" වන අතර එහි සදහන් වනුයේ පාස්කු දිනය ඉකුත් වීමෙන් අනතුරුව ගතවූ දින පනස පිළිබදව වේ. සති මංගල්‍යය සමරනු ලබන්නේ ධාන්‍ය මංගල්‍යයේ අවසානයෙහිදීය. වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ එය යොවෙල් සහ ක්‍රියා පොතෙහි භාවිතා වී තිබීමය. යොවෙල්ගේ අනාවැකිය පිළිබදව නැවත හැරී බලන කළ (යොවෙල් 2:28–32) සහ ඉදිරි කාලයේදී ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයට ප්‍රථම අවසාන වදන් වූ ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබද පොරොන්දුව (ක්‍රියා 1:8), වූ පෙන්තකොස්තය තුළින් සංඥා කරනු ලබන්නේ සභා යුගයේ ආරම්භයවේ.

පෙන්තතොස්ත දිනයෙහි සැබෑ සිදුවීම පිළිබදව දේව වචනයේ සදහන් වන එකම යොමුව නම් ක්‍රියා 2:1–3 වේ. පෙන්තතොස්තය වනාහී අන්තිම රාත්‍රි භෝජන සංග්‍රහයෙහි අතීත සිහිගැන්වීමක්වේ; මෙම අවස්ථා දෙකෙහිම ගෝලයන් නිවසක් තුළ එක්ව සිටිමෙන් සනාථ වන්නේ ඒවා ඉතා වැදගත් සිදුවීම් බවය. අන්තිම රාත්‍රි භෝජන සංග්‍රහයෙහි ගෝලයන් විසින් මෙසියස්වහන්සේ විසින් මේ පොළොව මත කළාවූ දේව සේවය සාක්ෂි දුටු අතර උන්වහන්සේ විසින් ඉල්ලා සිටිනු ලැබුවේ උන්වහන්සේගේ මරණින් අනතුරුව එතුමාණන් නැවත පැමිණෙන තුරු එතුමන් සිහි කරන මෙන් ඉල්ලා සිටීනු ලැබීමය. පෙන්තතොස්ත දිනයේදී ගෝලයන් විසින් සාක්ෂි දරනු ලබන්නේ ඇදහිලිවන්තයන් තුළ වාසය කරන පිණිස පැමිණෙනු ලබන ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් වන නව ගිවිසුම් සභාවේ මූලාරම්භය වේ. පෙන්තතොස්ත දිනයෙහි ගෝලයන්ට කාමරයක් තුළදී වූ ඒ සිදුවීම යාකරනු ලබන්නේ තම කුරුසිපත් වීමට ප්‍රථම උඩුමහල් කාමරයේ ක්‍රිස්තුස්වහන්සේ මේ පොළොව මත කළාවූ දේව සේවයෙහි අවසානය හා සමග සභාව තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ආරම්භ කරනු ලැබූ ක්‍රියාකාරිත්වයවේ.

පෙන්තතොස්ත සිදුවීමේ සදහන් ගින්න සහ සුළග පිළිබද විස්තරය පැරණි සහ නව ගිවිසුම් පුරාවටම දක්නට ලැබේ. පෙන්තතොස්ත දිනයෙහි සුළගෙහි ශබ්දය "වේගවත්" සහ "බලවත්" විය. සුළගේ බලය පිළිබදව ශුද්ධ ලියවිලිමය යොමු කිරීම් (සෑම විටම දෙවියන්වහන්සේගේ පාලනය යටතේ පවතින බව වටහාගෙන ඇත) පැරණි ගිවිසුමෙහි නික්මයාම 10:13; ගීතාවලිය 18:42; සහ යෙසායා 11:15 මෙන්ම නව ගිවිසුමෙහි මතෙව් 14:23–32 යනාදිය නිදසුන් කිහිපයකි. සුළග බලයක් බවට වඩා සුවිශේෂ වන්නේ පැරණි ගිවිසුමෙහි සුළග ජීවය මෙන් වූ බවත් (යෝබ්12:10) නව ගිවිසුමෙහි එය ආත්මය සේ (යොහාන් 3:8) වූ බවත්ය. පළමු ආදම්ට භෞතික ජීවිතයේ හුස්ම ලැබුණාක් මෙන් (උත්පත්ති 2:7), දෙවන ආදම් වන යේසුස්වහන්සේ ආත්මික ජීවිතයට හුස්ම ගෙන එනු ලබන සේක. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ජනනය කරන ලද අධ්‍යාත්මික ජීවිතය පිළිබද අදහස පෙන්තතොස්ත දිනයේදී සුළගට ගම්‍යවේ.

පැරණි ගිවිසුමෙහි ගින්න බොහෝ විට දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය සහ (නික්මයාම 3:2; 13:21–22; 24:17; යෙසායා 10:17) උන්වහන්සේගේ ශුද්ධකම හා සමග සම්බන්ධ වේ. (ගීතාවලිය 97:3; මලාකි 3:2) ඒ අයුරින්ම නව ගිවිසුමෙහි ගින්න සම්බන්ධ වනුයේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය (හෙ‍බ්‍රෙව් 12:29) සහ මනුෂ්‍ය ජීවිතය තුළ උන්වහන්සේට ගෙන ආ හැකි පවිත්‍රතාවය වේ (එළිදරව් 3:18). දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය සහ ශුද්ධකම පෙන්තකොස්ත දිනයේ ගිනි දිවි වලින් ගම්‍යවේ. සැබවින්ම ගින්න ක්‍රිස්තුස්වහන්සේ හා සමගම හඳුනාගෙන ඇත (එළිදරව් 1:14;19:12); මෙම සම්බන්ධතාවය ස්වභාවිකවම පෙන්තකොස්ත දිනයේ තිළිණය වන ක්‍රිස්තුස්වහන්සේගේ සියලූ කරුණු පිළිබදව ගෝලයන්ට උගන්වනු ශුද්ධාත්මයාණන්වහන්සේට යටත් වනු ලැබේ (යොහාන් 16:14).

පෙන්තකොස්ත දිනයේ තවත් ලක්ෂණයක් නම් විදේශීය භාෂා වලින් ආශ්චර්යමත් ලෙස කථා කිරීම තුළින් විවිධ භාෂා කණ්ඩායම් වල අයට ප්‍රේරිතයන්ගේ පණිවුඩය තේරුම් ගැනීමට හැකිවීමය. ඊට අමතරව යුදෙව් ප්‍රේක්ෂණයන්ට පේත්‍රස්ගේ නිර්භීත සහ තියුණු දේශනා කිරීමද වේ. දේශනාවේ බලපෑම බලවත් වූයේ අසන්නන් "අනින ලද සිත් සහිත වූවන්" වූ හෙයිනි (ක්‍රියා 2:37) එසේම පේත්‍රස්ගේ උපදේශය වූ "පසුතැවිලි වී බව්තීස්මය ලබන්න" (ක්‍රියා 2:38) හේතුකොටගෙනයග වෘත්තාන්තය අවසාන වන්නේ ආත්මයන් 3000 ක් සමූහයට එකතු වී රොටි කැඩීම සහ යාච්ඤාවද අපෝස්තලික ලකුණු සහ ආශ්චර්‍යයන් මෙන්ම සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලන ප්‍රජාවක් පිහිටුවීමෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පෙන්තතොස්ත දිනය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries