settings icon
share icon
ප්‍රශ්නය

දාවිත්ගේ ගිවිසුම යනු කුමක්ද?

පිළිතුර


දාවිත්ගේ ගිවිසුමෙහි, අනාගතවක්තෘ නාතාන් තුළින් දාවිත්ට දුන් පොරොන්දු ගැන සඳහන් වන අතර එය 2 සාමුවෙල් 7 හි සොයා ගත හැකි අතර පසුව 1 ලේකම් 17:11-14 සහ 2 ලේකම් 6:16 හි සාරාංශ කොට ඇත. මෙය දෙවියන්වහන්සේ සහ දාවිත් අතර ඇති කෝන්දේසි විරහිත ගිවිසුමකි. මෙසියස් (යේසුස් ක්‍රිස්තුස්වහන්සේ) දාවිත්ගේ පෙළපතෙන් හා යුදා ගෝත්‍රයෙන් පැමිණ සදාකාලයටම පවතින රාජ්‍යයක් ස්ථාපිත කරන බවට දෙවියන්වහන්සේ දාවිත්ට සහ ඉශ්‍රායෙලයට පොරොන්දු වුනි. දාවිත්ගේ ගිවිසුම කොන්දේසි විරහිත ගිවිසුමක් වන්නේ එය සපුරාලීම සඳහා දෙවියන් වහන්සේ දාවිත් මත කිසිම ආකාරයක කීකරුකමේ කොන්දේසියක් ඔහු මත නොපැටවූ බැවින්ය. පොරොන්දු වල ඇප සහතිකය රඳා පවතින්නේ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මත වන අතර එය කිසිසේත් දාවිත්ගේ හෝ ඉශ්‍රායෙලයේ කීකරුකම මත නොවේ.

දාවිත්ගේ ගිවිසුම දාවිත්ට දුන් ප්‍රධාන පොරොන්දු කිහිපයක් මත කේන්ද්‍රගත වේ. පළමුව දෙවියන්වහන්සේ ඉශ්‍රායෙලය සමඟ කළ පළමු ගිවිසුම් දෙකෙහි (අබ්‍රහම් සහ පලස්තීන ගිවිසුම) දුන් දේශය පිළිබඳ පොරොන්දුව නැවත තහවුරු කරයි. මෙම පොරොන්දුව 2 සාමුවෙල් 7:10 හි දැක ගත හැකිය. මගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසය කරමින් තවත් අහක් නොවන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටු වන්නෙමි. දුෂ්ට සෙනඟ තවත් ඔවුන්ට පීඩා නොකරනු ඇත. ඉන්පසු, දාවිත්ගේ පුත්‍රයා ඔහුගෙන් පසු ඉශ්‍රායෙල්හි රජ බවට පත් වන බවත්, මේ පුත්‍රයා (සාලමොන්) දේව මාළිගාව ගොඩ නඟන බවත් දෙවියන් වහන්සේ පොරොන්දු විය. මෙම පොරොන්දුව 2 සාමුවෙල් 7:12-13 දක්වා දැක ගත හැකිය. "මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථීර කරන්නෙමි. ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩ නඟන්නේය".

නමුත් පොරොන්දුව තව දුරටත් පුළුල් වේ. "ඔහුගේ රජකමෙහි සිංහාසනය සදාකාලේටම ස්ථීර කරන්නෙමි" (2 සාමුවෙල් 7:13). "නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලයටම ස්ථීර කරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදහටම පිහිටුවනු ලබන්නේයයි කියා කියන සේකැයි කීවේය (පදය 16). දාවිත්ගේ පුත් සාලමොන්ට ආශීර්වාද කර දේව මාළිඟාව ගොඩ නඟන බවට වූ පොරොන්දුවක් ලෙස සදාකාලික රාජ්‍යයද පොරොන්දුවක් බවට පත්වේ. තවත් දාවිත්ගේ පුත්‍රයා සදහටම පාලනය කර සදාකාලික රාජ්‍යයක් ගොඩ නඟනු ලබයි. මෙය මෙසියස් වහන්සේ පිළිබඳව සඳහනකි. මතෙව් 21:9 දාවිත් ගේ පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

දවිතගේ "ගෘහය", "රාජ්‍යය", සහ "සිංහාසනය" සදහටම ස්ථාපිත වන බවට දුන් පොරොන්දුව වැදගත් වන්නේ මෙසියස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ පෙළපතෙන් බවට පෙන්නුම් කරන නිසා ඔහු රජකම් කරන රාජ්‍යයක් පිහිටුවනවා ඇත. ගිවිසුම සාරාංශ ගත කර ඇත්තේ දාවිත්ගේ පෙළපතෙහි රාජවංශයක් පොරොන්දු වන "නිවස" යන වචන වලින්ය. "රාජ්‍යය" යන්නෙන් රජෙකු විසින් පාලනය කරනු ලබන සෙනඟක් ගැන සඳහන් කරයි. මෙයින් අවධාරණය කරනු ලබන්නේ දාවිත්ට සහ ඉශ්‍රායෙලයට දුන් මෙම පොරොන්දුවේ සදාකාලික හා කෝන්දේසි විරහිත ස්වභාවය අවධාරණය කරමින්ය.

දාවිත්ගේ ගිවිසුම පිළිබඳ වෙනත් යොමු කිරීම් යෙරමියා 23:5, 30:9, යෙසායා 9:7, 11:1, ලූක් 1:32, 69, ක්‍රියා13:34, එළදරව් 3:7.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දාවිත්ගේ ගිවිසුම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries