settings icon
share icon
ප්‍රශ්නය

ආලය කිරීමට කුමන පුද්ගලයා තෝරා ගත යුතුදැයි මා හට නීර්ණය කළ නොහැකි වේ නම් මා විසින් කුමක් කළ යුතුවේද?

පිළිතුර


දේව වචනය මෙම මාතෘකාව පිළිබදව නිශ්චිතවම ආමන්ත්‍රණය නොකරන ලබන නමුත් විභව්‍ය විවාහ සහකරුවකු තුළින් ලබා ගැනීමට උත්සාහ කරනු ලබන දේ පිළිබදව එය අවබෝධයක් ලබා දේ. ප්‍රථම සහ සුදුසුම උපදේස නම් ඒ පිළිබදව යාච්ඤා කිරීමවේ. ඔබ විසින් ඉල්ලනු ලබන්නේ නම් දෙවියන්වහන්සේ විසින් ප්‍රඥාව සහ මගපෙන්වීම දෙනු ලබන සේක. "නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නාවූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ" (යාකොබ් 1:5).

2 කොරින්ති 6:14 හී උපදෙස් දෙනු ලබන්නේ "නොඇදහිලකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? ඇසිය යුතු පළමු ප්‍රශ්නය නම් විභව්‍ය විවාහ සහකරුවා / සහකාරිය දෙවියන්වහන්සේට අතීශය හිතෛෂී පුද්ගලයෙකුද යන්නවේ. ඔහු හෝ ඇය එසේ නොවේ නම් එම පුද්ගලයා විභව්‍ය විවාහ සහකරුවා / සහකාරියකු ලෙස නොසැලකිය යුතුවේ. අනෙක් අතට යමෙකු ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන හෙයින් ඔහු හෝ ඇය නිවැරදි තීරණය බවට පත්නොවේ. "සම ලෙස සම්බන්ධ වීම" මගින් "ඔහු / ඇය කිතුණුවකුද"? යන්නට වඩා ගැඹුරට හා හැකිය. කිතුණු ධර්මය තුළ විවිධවූ විශ්වාසයන් ඇති අතර විභව්‍ය සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේදී මෙය සැලකිල්ලට ගත යුතුය. මෙම පුද්ගලයා හා සමග විවාහය කෙබඳු වේදැයි සලකා බලන්න. ඔබගේ දරුවන්ට එකම ඉගැන්වීම ඉගැන්වීමට එකග විය හැකි තරමට ඔබගේ විශ්වාසයන් සමීපවේද? මෙය ඉතාමත්ම වැදගත් වන කරුණකි.

පුරුෂයින් සදහා කිතුණු භාර්‍යයාවක් කෙසේ විය යුතුවේ දැයි සොයා බැලීම වැදගත්වේ. "භාර්‍යයාවෙනි ස්වාමින්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්‍යයාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහී ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත් වන්නාක්මෙන්ම භාර්‍යයාවෝද සියලූ දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වේවා" (එපීස 5:22–24). පාවුළු විසින් අපට ප්‍රකාශ කරනුයේ භාර්‍යයාවක් ප්‍රේමයෙන් යුක්තව තම ස්වාමිපුරුෂයාට යටහත් විය යුතුබවය. මින් අර්ථවත් වනුයේ ඔබ සබදතාවයක් පිළිබදව සලකා බලන යුවතිය ඔබට සම්පූර්ණයෙන්ම යටහත් විය යුතු බව නොවේ. ආලය කිරීමේ කාලයේදී එසේ කිරීමට ඇය බැදී නොසිටින්නේය. කෙසේ නමුත් ඇයට කැරලිකාර ස්වභාවයක් නොතිබිය යුතුය. නමුත් ඇය යටත්ව සිටින බලධාරීන්ට යටහත් විය යුතුවේ. නායකත්වය දීමට ඇය විසින් කැමැත්ත දැක්විය යුතුවේ. හිතෝපදේශ 31:10-31 අපට ප්‍රකාශ කරනු ලබන්නේ "උතුම් චරිතයක් ඇති භාර්‍යයාවක්" කුමන ආකාරවේද යන්නය. ඇය වෙහෙස වී වැඩ කරනු ලබන නිර්ලෝභි ත්‍යාගශීලි ශක්තිමත් සහ ප්‍රඥාවන්ත කෙනෙකු විය යුතුය. ඔබට මෙම චරිත ලක්ෂණ සියල්ලම එක් පුද්ගලයෙකු තුළ සොයා ගැනීමට නොහැකි විය නමුත් මේවා ප්‍රිය උපදවන චරිත ලක්ෂණ සහ දෙවියන්වහන්සේට ප්‍රසන්න විය යුතුවේ.

ප්‍රසන්න භාර්‍යයාවක් යනු කවුරුන්දැයි යන්න විස්තර කරනු ලබන තවත් ශුද්ධ ලියවිලි පාඨයක් නම් 1 පේත්‍රැස් 3:1- 4 වේ. "එසේම භාර්‍යයාවරුනි නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත් ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම වචනය නැතුව භාර්‍යයාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස ඔවුන්ට යටත්වෙන්න. නුඹලාගේ අලංකාර වීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළදීමද නොහොත් වස්ත්‍ර හැදීමද යන පිටත අලංකාරය නොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා." මෙයින් අපට ප්‍රකාශ කරනුයේ ස්ත්‍රියක් නිර්මල විය යුතු මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජීවත් විය යුතු අතර එමගින් වචන වලින් තොරව ගැළවීම නොලැබූ ස්වාමිපුරුෂයෙකුව දිනාගත හැකි බවය. ඇයගේ අධ්‍යාත්මික ජීවිතය පිළිබදව මෙන් බාහිර පෙනුම පිළිබදව ඇය සැලකිලිමත් නොවිය යුතු බවද එයින් ඇගවේ.

කිතුණු ස්වාමිපුරුෂයෙකු කෙබඳු කෙනෙකු විය යුතුද යන්න පිළිබද නිදර්ශන කිහිපයක් කාන්තාවන් සදහා තිබේ. ඔබ ප්‍රේම සබදතාවයක් පිලිබදව සලකා බලන පුද්ගලයා ඔබගේ ස්වාමි පුරුෂයා නොවූවත් ඔබ මේ ආකාරයේ ආදරය විදහා දක්වන ගුණාංග සොයා බැලිය යුතුවේ. "පුරුෂයෙන් ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට ඈ උදෙසා තමන් පාවාදුන්නාක් මෙන්ම නුඹලාත් නුඹලාගේ භාර්‍යයාවන්ට ප්‍රේම කරන්න. එසේ කළේ සභාව ශුද්ධව කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පු කරගැනීම සදහා වචනය නමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදු කරන පිණිසය (එපීස 5:25-27). ඔහු ප්‍රේමවන්තවේද? මනුෂ්‍යයන්ව ක්‍රිස්තුවහන්සේ වෙතට මග පෙන්වමින් ශුද්ධ සහ නිර්දෝෂී වීමට ඔවුන්ට උපකාර කිරීමට ඔහු කැමැති වේද? ඔහු නායකයෙකු වේද? මනුෂ්‍යයෙකු අන් සියල්ලන්ටම වඩා දෙවියන්වහන්සේට ප්‍රේම කල යුතු අතර ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින තම සහෝදර සහෝදරියන්ට ශුද්ධව සහ දෙවියන්වහන්සේට ප්‍රසන්න වීමට උත්සාහ කිරීමට උපකාර කිරීමට කැමති විය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ වූවා හා සේම ඔහු නිහතමානී ප්‍රඥාවන්ත සහ දයානුකම්පිත විය යුතුවේ. මනුෂ්‍යයෙකු තුළ මෙම ගුණාංග පිළිබදව විමසිලිවත්ව සිටින්න. මන්ද මෙය දෙවියන්වහන්සේට ප්‍රසන්නවේ.

මෙම සියලූ ගුණාංග සහිත "පරිපූර්ණ" පුද්ගලයෙකු ඔබ සොයා නොගනු ඇත. නමුත් ඔබ සමග සම්බන්ධතාවයක් පිළිබදව සලකා බලන කෙනෙකු උන් වහන්සේට ප්‍රසන්න වීමට උත්සාහ කරන්නේ දැයි දෙවියන්වහන්සේ ඔබට දන්වන සේක. ජීවිතයේ වෙනත් ඕනෑම විශාල තීරණයක් මෙන්ම සබදතා ප්‍රවේශමෙන් ප්‍රඥාවෙන් යුතුව සැලකිය යුතු අතර විචාර බුද්ධියෙන් සහ බොහෝ යාච්ඤාවෙන් යුතුව කටයුතු කළ යුතුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආලය කිරීමට කුමන පුද්ගලයා තෝරා ගත යුතුදැයි මා හට නීර්ණය කළ නොහැකි වේ නම් මා විසින් කුමක් කළ යුතුවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries