settings icon
share icon
ප්‍රශ්නය

විවිධ නිකායන්ට අයත් කිතුණුවන් ආලය කිරිමට යමෙකු තෝරා ගත යුතු හෝ විවාහ විය යුතුවේද?

පිළිතුර


බැප්ටිස්ටි නිකායේ කෙනෙකුට පෙන්තකොස්ත නිකායේ කෙනෙකු ආලය කිරිමට යමෙකු තෝරා ගැනීමට හැකි වේද? රෙපරමාදු නිකායට අයත් කෙනෙකුට ප්‍රෙස්බිටේරියන් නිකායට අයත් කෙනෙකුව ආලය කිරිමට යමෙකු තෝරා ගැනීමට හැකි වේද? වැදගත්ම කරුණ නම් එම පුද්ගලයන් දෙදෙනාම තම ගැළවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනනවාද යන්නය. දේව වචනය "අසම ලෙස සම්බන්ධ" (2 කොරින්ති 6:14), නොවන ලෙස ප්‍රකාශ කරන නමුත් මෙය යොමු දක්වන්නේ ඇදහිලිවන්තයන්ට සහ නොඇදහිලිවන්තයන්ට පමණකි. සමහරක් විශ්වාසයන් වෙනස්ව පවතින ඇදහිලිවන්තයන් දෙදෙනෙකු පිළිබදව එය සදහන් නොකරයි. පුද්ගලයන් දෙදෙනාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස හඳුනන්නේ නම් දේව වචනානුකූලව ඔවුනට ආලය කිරීමට තෝරා ගැනීමට සහ / හෝ විවාහ වීමට නොහැකි කිසිඳු හේතුවක් නොමැත.

කෙසේ නමුත් විභව්‍ය ගැටළු සහ වෙනත් කාරණාවන් ඇති නොවන බව ඉන් අදහස් නොකෙරේග සම්බන්ධතාවය ස්ථිර වී විවාහයට මග පැදීය හැකි / පෑදුනහොත් යුවළ එක්තැන් වී කුමන සභාවට සහභාගි විය යුතුද යන්න පිළිබදව එකගතාවයකට පැමිණිය යුතුවේ. ආගමික ඉගැන්වීම් වලදී විශාල එකග නොවීම් තිබේ නම් යුවල එකග නොවීමට එකග විය යුතු අතර ඒ සමගම දරුවන් ඇති දැඩි කරන ආකාරය සහ ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුව ජීවත් විය යුතු ආකාරය පිළිබදව එකග විය යුතුය. යුවලක් ආගමික ඉගැන්වීම් වලට එකග වීම වඩාත් සුදුසු නමුත් වැදගත්ම කාරණය වන්නේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වන අතර එකිනෙකට ප්‍රේම කිරීම සහ දෙවියන්වහන්සේට ගෞරව කරන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඇති ආශාව වේ.

මෙය කිතුණු ඇදහිල්ලේ විවිධ නිකායන්ට පමණක් අදාල වන බව ඉතා ප්‍රකටය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිලිවන්තයන් කිතුණුවන් යයි පවසා ගන්නාවූ විවිධ ඇදහිලි ක්‍රමයන් හෝ ව්‍යාජ ආගම් වල සාමාජිකන් විවාහ කර ගත යුතු නොවෙති. කිතුණු ඇදහිල්ලේ මූලික ඉගැන්වීම් පිළිබදව දැනගැනීම සහ ඒ හා සමග එගක වීම සාර්ථක දෙවියන්වහන්සේට ගෞරව කරන සම්බන්ධතාවයක් හෝ විවාහයක් බලාපොරොත්තු වන යුවලකට ඉතා වැදගතවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවිධ නිකායන්ට අයත් කිතුණුවන් ආලය කිරිමට යමෙකු තෝරා ගත යුතු හෝ විවාහ විය යුතුවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries