settings icon
share icon
ප්‍රශ්නය

අන්තර්ජාලීය ලිංගික හැසිරීම් / ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් පාපිෂ්ඨවේද?

පිළිතුර


දේව වචනයේ කිසිඳු ස්ථානයක අන්තර්ජාලීය ලිංගික හැසිරීම් හෝ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් පිළිබදව සදහන් නොවන්නේ නිසැකවම "අන්තර්ජාලීය ඕනෑම දෙයක්" හෝ "ජංගම දුරකථනමය කිසිවක්" දේව වචනයේ කාලයේදී කළ නොහැකි වූවක්වූ හෙයිනි. මෙම ප්‍රශ්නයට පිළිතුර යම් තරමක් හෝ රදා පවතින්නේ ඊට සම්බන්ධ පුද්ගලයින් එකිනෙකා සමග විවාහ ඇත්ද යන්න මතය. විවාහය තුළ අන්තර්ජාලීය ලිංගික හැසිරීම් හෝ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් 1 කොරින්ති 7:5 හී "අන්‍යේන්‍ය එකගතාව" යන මූලධර්මයට යටත්වේ. වැඩි විස්තර සදහා විවාහයකදී ලිංගිකව අවසර දි ඇති කාරණා පිළිබදව අපගේ ලිපිය බලන්න.ග

විවාහයට පරිබාහිරව දේව වචනය අපට අන්තර්ජාලීය ලිංගික හැසිරීම් / ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් වලට අනිවාර්‍යයෙන්ම අදාල වන මූලධර්ම කිහිපයක් ලබාදේ. පිලිප්පි 4:8 හී ප්‍රකාශ කරනු ලබන්නේ "ඉතින් සහෝදරයෙනි යම් පමණ දේ සැබෑද යම් පමණදේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න." තවද විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම පාපිෂ්ඨ බව අගවන බොහෝ ශුද්ධ ලියවිලි තිබේ (ක්‍රියා 15:20; 1 කොරින්ති 5:1; 6:13, 18; 7:2; 10:8; 2 කොරින්ති 12:21; ගලාති 5:19; එපීස 5:3; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3; යූද් 7). පව්කාර යමකට අභිප්‍රාය කිරීමද පාපිෂ්ඨ බව යේසුස් වහන්සේම අපට ඉගැන්වූ සේක: "කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවෙලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කලේය" (මතෙව් 5:27–28). හිතෝපදේශ 23:7 හී ප්‍රකාශ කරනුයේ "මක්නිසාද තමාගේ සිතෙන් ගණන් ගන්නා ලෙසම ඔහු වන්නේය."

අන්තර්ජාලීය ලිංගික හැසිරීම් සහ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් වූ කලී අතිප්‍රමුඛ වශයෙන්ම පව්කාර යමකට ආශා කිරීමවේ (වේෂ්‍යයාකම සහ කාමමිථ්‍යාචාරය) අන්තර්ජාලීය ලිංගික හැසිරීම් සහ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් වනාහී දුරාචාරාත්මක සහ අපවිත්‍ර දේ පිළිබදව දෘෂ්‍යකරණය කිරීමක්වේ. අන්තර්ජාලීය ලිංගික හැසිරීම් සහ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් කිසිම ආකාරයකින් සැබෑවූත් ගරු කටයුතුවූත් සාධාරණවූත් පිරිසිදුවූත් ආදරණීයවූත් යහපත් කීර්තියක් ඇතිවූත් ප්‍රශංසාවක් ඇතිවූත් දෙයක් ලෙස සැලකිය නොහැක. අන්තර්ජාලීය ලිංගික හැසිරීම් සහ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් වූ කල ව්‍යංගයෙන් කාමමිථ්‍යාචාරය කිරීමක්වේ. මෙය වනාහී යමි පුද්ගලයෙකු පිළිබද රාගයෙන් දෘෂ්‍යකරණය කිරීමක් මෙන්ම තවත් පුද්ගලයෙකු දුරාචාරාත්මක රාගයට පෙළඹවීමක්වේ. ඔවුන් පුද්ගලයෙකු "අයුතුකම පිණිස අයුතුකම" (රෝම 6:19) නමැති උගුලට හසුකරති. පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ මනසෙහි දුරාචාරය අභිප්‍රාය කෙරේ නම් අවසානයේදී ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවෙන්ද දුරාචාරවේ. එසේය, විවාහයෙන් පරිබාහිරව අන්තර්ජාලීය ලිංගික හැසිරීම් සහ ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් පාපිෂ්ඨවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්තර්ජාලීය ලිංගික හැසිරීම් / ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් පාපිෂ්ඨවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries