ප්රශ්නය
කිතුනුවෙකු සාප ලද්දෙක් විය හැකිද? ඇදහිලිවන්තයෙකුට සාප කරන තුරු දෙවියන් වහන්සේ බලා සිටියි ද?
පිළිතුර
බයිබලය අපට පවසන්නේ, ඔබමොබ යන ගේ කුරුල්ලා මෙන් ද ඉගිලී යන වැහිළිහිණියා මෙන්ද කාරණයක් නැතිව කරන ශාපය නොවදින්නේය (හිතෝපදේශ 26 :2). එනම් මෝඩ මිනිසෙකුගේ ශාපය අප කෙරෙහි බල නොපවත්වන බවය. දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ දරුවන් සාපයකට ලක් වීමට කිසිවිටෙක ඉඩ නොතබයි. දෙවියන් වහන්සේ බලපරාක්රමයෙන් යුක්තය. දෙවියන් වහන්සේ විසින් ආශිර්වාද කිරීමට නියම කර ඇති කෙනෙකුට කිසිවෙකුට සාප කළ නොහැක. දෙවියන් වහන්සේ යනු විනිශ්චය කිරීමට මෙලොව බලය ඇති එකම තැනැත්තාය.
මන්ත්රයන් හා කැප කිරීමෙන් ගැන බයිබලය සැමවිටම දරන්නේ රිනාත්මක අදහසකි. ද්විතිය කථාව 18:10-11 පවසන්නේ යන්ත්‍ර මන්ත්‍ර සැමවිටම හෙළා දකින්නන් හා ඒවා සමග ක්‍රියා කරන්නන්, දෙවියන් වහන්සේට පිළිකුල් දේවල්ය. පිළිකුල් දේවල් නම් දරුවන් පූඡා කිරීම, පේන කීම, නිමිති බැලීම හා මළවුන්ගෙන් විචාරීම යන දේවල්ය (මළවුන් සමඟ සබඳතා). මීකා 5:12 පවසන ආකාරයට, දෙවියන් වහන්සේ අප අතරෙන් මායම් හා පේන කීම විනාශ කර දමන බවය. එළිදරව් 18 පවසන්නේ මායම් වැනි වූ දේ, අදේවවාදීන් එනම් අන්ත ක්‍රිස්තු මෙවැනි වූ දේ මහත් වූ බබිලෝනිය නුවර සිඳුවන බවය. එනම් අවසාන කාලයේදී, මූළාකිරීම රඡ කරන බවය. සමහර අවස්ථා වලදී අපගේ තේරීම් පවා, අපව මුළාවට ලක් කරන බවය, නුමුත් දෙවියන් වහන්සේ අප සැමවිටම ආරක්ෂා කරයි (මතෙව් 24:24). දෙවියන් වහන්සේ විසින් යක්ශයා හෙවත් අන්තක්‍රිස්තු විනාශ කළා පමණක් නොව එය අනුගමනය කරන්නන්ද විනාශ කරන සේක (එළිදරව් 19 හා 20). කිතුනුවෙකු යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත උත්පත්තිය ලැබූ කෙනෙකුය (2 කොරින්ති 5:17) හා කිතුනුවන් වන අප සැබවින්ම, ශුද්ධාත්මයාණන්ගේ අඛන්ඩ පැවැත්ම ද අප තුළ හා අප සමඟ ඡීවත් වන අතර අපට ආරක්ෂාව සපයන්නෙත් උන්වහන්සේය (රෝම 8:11). අප සැමවිටම අපට එරෙහිව සිදුවන සාපයන් හා මිථ්‍යා දෘෂ්ඨයන්ගේ කරදරවලට හා ඒවාට කනස්සලු විය නොවිය යුතුය. ආගමික මායා කර්ම විශ්වාස කරන්නන්, මායා කර්ම, බිය වද්දන්නන් හා සාපයන් වලට අප කෙරෙහි බලයක් නොමැති බවයි මක්නිසාදයත් ඒවා සාතන්ගෙන් පැමිණෙන දේවල්ය. බයිබලය පැහැදිලිව හා අප හොඳින් දන්නා කාරණය නම් නුඹලා දෙවියන් වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනැන්වහන්සේ උතුම් බැවින්....(1 යොහාන් 4:4) එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස් වන්නහුය (යොහාන් 8:36). ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් හා ගැළවීමත්ය. මම කාට භයවන්නෙමිද? ස්වාමින් වහන්සේ මගේ ඡීවිතයේ ශක්තියයි. මම කාට භීත වන්නෙමිද? (ගීතාවලිය 27: 1)
English
කිතුනුවෙකු සාප ලද්දෙක් විය හැකිද? ඇදහිලිවන්තයෙකුට සාප කරන තුරු දෙවියන් වහන්සේ බලා සිටියි ද?