settings icon
share icon
ප්‍රශ්නය

කටු ඔටුන්නෙහි අර්ථය මෙන්ම සුවිශේෂීතාවය කුමක්ද?

පිළිතුර


යේසුස්වහන්සේගේ ව්‍යාජ පරීක්ෂණයන්ට හා ඉන් අනතුරුව සිදු කළ තැලීමි පෙලීම් වලට පසුව සහ කුරුසියේ ඇණ ගසනු ලැබීමට ප්‍රථම රෝම සොල්දාදුවන් "කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා බට දණ්ඩක් දකුණතට දී උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම් කළෝය" (මතෙව් 27:29); යොහාන් 19:2–5 ද බලන්න. කටු ඔටුන්නක් අතීශයින්ම වේදනාකාරි වන අතර කටු ඔටුන්නෙහි වේදනාවටත් වඩා එහි සමච්චලය වැඩි වූයේය. පහළ මට්ටමක සිටි රෝම සොල්දාදුවන් විසින් "යුදෙව්වරුන්ගේ රජුට" පහර දී කෙළ ගසා අපහාස කරනු ලැබීය. රාජකීයත්වයේ සහ මහිමාන්විත සංකේතයක් වන ඔටුන්නක් ගෙන එය වේදනාකාරි සහ පහත් දෙයක් බවට පත්කරමින් ඔවුන්ගේ සමච්චලයේ අවසාන කිරීම වූයේ මේ කටු ඔටුන්නය.

කිතුණුවන්ට කටු ඔටුන්න වනාහී කාරණා දෙකක් පිළිබදව මතක් කර දීමක්ය: (1) එනම් යේසුස්වහන්සේ සැබවින්ම මතු සිටියාවූ සහ සිටින්නාවූ රජ කෙනෙකුන්ය. යම් දිනෙක මුළු විශ්වයම යේසුස්වහන්සේට "රජුන්ගේ රජ ලෙසත් ස්වාමින්ගේ ස්වාමින් ලෙසත්" හිස නමනු ලබති (එළිදරව් 19:16). රෝම සොල්දාදුවන් සමච්චලයක් ලෙස අදහස් කළ දෙය සත්‍යය වශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ භූමිකාවන් දෙක පිළිබද චිත්‍රයකි. පළමුව දුක් විදින සේවකයා (යෙසායා 53), සහ දෙවනුව ජය ගන්නාවූ මෙසියස් රජු (එළිදරව් 19). (2) යේසුස්වහන්සේ විසින් වේදනාව, අපහාසය සහ ලජ්ජාව යන සියල්ලම විද දරාගැනීමට කැමති වූයේ අප වෙනුවෙන්මය. කටු ඔටුන්න සහ ඒ හා සමග වූ දුක් විදීම පසු වී ගොස් ඇති අතර දැන් යේසුස්වහන්සේ උන්වහන්සේ විසින් හිමි කර ගැනීමට යෝග්‍යයවූ ඔටුන්න ලබා ඇති සේක. "නමුත් දෙවියන් වහන්ගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විදින පිණිස දේවදූතයන්ට වඩා මදක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ එනම් යේසුස්වහන්සේ මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළදගෙන සිටින බව අපට පෙනේ" (හෙබ්‍රව් 2:9), අවධාරණය කොට ඇත.

කටු ඔටුන්නෙහි තවදුරටත් සංකේතවාදයක් අන්තර්ගතවේ. ලෝකයට දුෂ්ටකම සහ ශාපය ගෙන එමින් ආදම් සහ ඒව පව් කළ විට මනුෂ්‍යයත්වය කෙරෙහි වූ ඒ ශාපයේ කොටසක් වූයේ "….නුඹ නිසා භූමිය ශාපලද්දීය: නුඹගේ ජීවිතයේ සියලූ දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය. එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය…." :උත්පත්ති 3:17–18, අවධාරණය කොට ඇත– රෝම සොල්දාදුවන් නොදැනුවත්වම ශාපයේ වස්තුවක් ගෙන එම ශාපයෙන් අපව ගලවා ගන්නා තැනැණ්වහන්සේට එය ඔටුන්නක් බවට පත් කළේය. "ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක්වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත් සේක" (ගලාති 3:13). ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ පව් කමා කිරීමේ පූජාවෙන් පාපයේ ශාපයෙන් අපව ගලවාගත් අතර කටුව එහි සංකේතයකිග සමච්චලයට ලක් කිරීමට අදහස් කළ නමුත් කටු ඔටුන්න සැබවින්ම යේසුස්වහන්සේ කව්ද යන්න මෙන්ම උන්වහන්සේ ඉෂ්ට කිරීමට පැමිණි දේ පිළිබද විශිෂ්ට සංකේතයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කටු ඔටුන්නෙහි අර්ථය මෙන්ම සුවිශේෂීතාවය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries