settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ ආදාහනය, කිතුනු ආදාහනය කිරීම?

පිළිතුර


ආදාහනය පිළිබඳ විශේෂ ඉගැන්වීමක් බයිබලයේ අපට නොදේ. පරණ ගිවිසුමේ යම් අවස්ථාවල මනුෂ්‍යයන්ව මැරෙන තෙක්ම පුළුස්සා ඇත (1 රාජාවලිය 16:18, 2 රාජාවලිය 21:6) හා මිනිස් කටු පිලිස්සීම (2 රාජාවලිය 23:16-20), නමුත් මේවා ආදාහනයට උදාහරණ නොවේ. ඉතා වැදගත් දෙය නම් 2 රාජාවලිය 23:16-20, අල්තාරයක් මත මිනිස් ශරීර පිලිස්සීම අල්තාරය අපිරිසිඳු වෙයි. එම අවස්ථාවේදීම පරණ ගිවිසුමේ නීතිය දැන් මැරුණ මිනිසකුගේ ශරීරය නොපිලිස්සිය යුතුය. එසේම පිලිස්සීම කළ කෙනෙකු මත ශාපය පැමිණෙන බවද නොපවසයි.

බයිබල් කාලයේදීද ආදාහනය (පිච්චීම) සිදු කරන ලදි, නමුත් එය ඊශ්‍රායෙල්වරු හා අළුත් ගිවිසුමේ ඇදහිලිවන්තයන් විසින් සිදු නොකරන ලදි. බයිබල් කාල වකවානුවේදී, සොහොන් ගත කිරිම, ගුහාවක දැමීම, හෝ පොළොව යට වැලලීම සාමාන්‍ය දෙයක් විය මැරුණු පුද්ගලයෙකුගේ ශරීරය ඉවත් කිරීම සඳහා (උත්පත්ති 23:19; 35:4; 2 ලේකම් 16:14; මතෙව් 27:60-66). වැළලීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වූ අතර, මැරුණු ශරීරයෙන් නිදහස්වීමට සුදුසු එකම ක්‍රමය වැළලීම බවට බයිබලය දැන් අපට පවසයි.

කිතුනුවකුට ආදාහනය පිළිබඳව සැලකිය යුතුද? නැවතත් බයිබලයේ ආදාහනයට විරුද්ධවද කථා නොකරයි. සමහර කිතුනුවන් බලාපොරොත්තු වෙනවා ආදාහනය කිරීමෙන් අප නැවත ක්‍රිස්තුස් වහන්සේ අපගේ ශරීර නැවත උත්ථානකර එය අපගේ ආත්ම සමග එක්කාසු කිරීම සමග එකඟත්වයක් නොමැති බවට (1 කොරින්ති 15:35-58; 1 තෙසලෝනික 4:16). කෙසේ වෙතත්, ශරීරයක් ආදාහනය කළ නමුත් ඒ ශරීරය නැවත උත්ථාන කිරීමට දෙවියන් වහන්සේට අපහසු නැත. අවුරුදු දහස් ගණනකට පෙර මිය ගිය කිතුනුවන්ගේ ශරීර මේ වනවිට දූලි බවට පත්වී ඇත, නමුත් එම ශරීර උත්ථාන කිරීමට දෙවියන් වහන්සේට නොහැකි නොවේ. උන් වහන්සේ තමයි පළමුවෙන්ම ඔවුන්ව මැවිවේ. ඔවුන්ව නැවත ඇඹීමට උන් වහන්සේට නොහැකි නැත. ආදාහනයෙන් සිසිවක් නොවේ. නමුත් “ඉක්මනින්ම” ශරීරය දූලියට හැරේ. නොපිලිස්සූ මිය ගිය කෙනෙකු සේම පිලිස්සු මියගිය අයෙකුව දෙවියන් වහන්සේට එක හා සමානව නැවත පිබිදවිය හැක. පිලිස්සීම / නොපිලිස්සීම කිතුනුවාට තෝරා ගැනීමට නිදහස ඇත. මේ තත්වයක් උද්ගතවූ විට පවුලක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න (යාකොබ් 1:5) ඊට පසු ඒ පිළිතුර තුළ ස්ථීරව විශ්වාස කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ ආදාහනය, කිතුනු ආදාහනය කිරීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries