settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය විද්‍යාත්මකද?

පිළිතුර


දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය පිළිබඳව වර්තමානයේ බොහෝ වාද විවාද තිබෙන අතර එය අර්ථ දක්වා ඇත්තේ “මුළු විශ්වයම සහ එහි සිටින්නාවූ ජීවමාන ඓන්ද්‍රිකයන් දේවවාක්‍යයට අනුව දිව්‍යමය මැවීමේ විශේෂ ක්‍රියාවන් කරණකොටගෙන බවත්, එය පරිණාමවාදය වැනි ස්වභාවික ක්‍රියාවලියන් තුළින් නොවන බවත්ය.” මැවීමේ විද්‍යාව ලෝකායත්ත ප්‍රජාව විසින් බොහෝවිට නිශ්ප්‍රභා කරනු ලැබ එය විද්‍යාත්මක වටිනාකමකින් ඌන වන බවට චෝදනාද එල්ල කරනු ලැබේ. කෙසේ නමුත් දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය ඕනෑම මාතෘකාවක් කෙරෙහි විද්‍යාත්මකව එළඹීම හා සමග පැහැදිලි ලෙස අනුරූපවේ. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය තාත්වික ලෝකයේ සිදුවීම්, ස්ථාන සහ දේවල් පිළිබඳ ප්‍රකාශන උපදවයි. එය හුදෙක් විෂයබද්ධ අදහස් හෝ භාවාත්මක සංකල්ප කෙරෙහි පමණක් බලවත් සැලකිල්ලක් නොදක්වයි. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය හා අනුරූප වූ ස්ථාපිත විද්‍යාත්මක කරණු ඇති අතර එම කරුණු එකිනෙක හා සමග සම්බන්ධකම් දරණ ආකාරය මැවුම්කරුවාණන් පිළිබඳ අර්ථ නිරූපණය කරයි. අනෙකුත් විද්‍යාත්මක අදහස් කරුණු මාලාවකටම සංසක්ත වීම සඳහා භාවිතා වන ලෙසම දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතයද එසේම වේ.

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය ස්වභාවවාදයට ප්‍රතිවිරුද්ධව සසඳන කළ එය විග්‍රහ කරනු ලබන්නේ “මෙය දාර්ශණික මතවාදයක් වන අතර එයට අනුව මතුවන්නේ ස්වභාවික ගුණය සහ හේතුන් මත වේ, අධිස්වභාවික හෝ අධ්‍යාත්මික විවරණයන් බැහැර කොට හෝ වටිටම් කොට ඇත.” විද්‍යාත්මකද? නිසැකවම එයට පිළිතුරු රඳා පවතින්නේ විද්‍යාත්මක යන්න විග්‍රහ කරනු ලබන ආකාරය අනුවය. බොහෝවිට විද්‍යාව සහ ස්වභාවවාදය එකක් ලෙස සැලකෙන අතර මැවුම්වාදීන්ගේ මතයන්හි අර්ථ දැක්වීම් ඉවත ලනු ලබයි. ධවන් අර්ථ දැක්වීම් වලට බුද්ධිහීන ස්වභාවාදි ප්‍රමාණයක් අවශ්‍යය වේ. විද්‍යාව අර්ථ දක්වා ඇත්තේ නිරීක්‍ෂණය, අන්‍යයතාවය, විස්තරය, පරීක්ෂණාත්මක විමර්ශණය සහ න්‍යෛයික විවරණ ප්‍රපංචය. විද්‍යාව ස්වභාවාත්මක වීමට කිසිවිටකට අවශ්‍යය නොවේ. ස්වභාවවාදයට දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය හා සේම පරීක්ෂණ වලින් නූපදුන ආකල්පත මාලාවක් අවශ්‍යය වේ. ඒවා දත්ත වලින් තක්සේරු වූ හෝ පරීක්ෂණ ප්‍රතිඵල වලින් මූලාරම්ඹය වූවා නොව. මෙම දර්ශණ පිළිබඳ ආකල්පන පිලිගනු ලබන්නේ කිසිදු දත්ත ලබා ගැනීමට පළමුවෙන්ය. ස්වභාවවාදය හෝ දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය යන දෙකම සාධනීය හෝ පරීක්ෂා කළ නොහැකි ආකල්පන තුළින් බලවත් ලෙස ආභාෂයයට ලක්ව ඇති අතර කරුණු වලට ප්‍රථමයෙන් සාකච්ඡාවට ලක්ව ඇති හෙයින් දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය ස්වභාවවාදය මෙන්ම අඩුතරමේ විද්‍යාත්මක බව සාධාරණීයකරණය කළ හැක.

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය ස්වභාවවාදය මෙන්ම විද්‍යාත්මක විය හැක, එය අනාවරණ වීමේ විද්‍යාත්මක විධික්‍රමය හා අනුරූපීවේ. මෙම සංකල්ප දෙක ඒවා තුළ විද්‍යාත්මක නොවන්නේ මෙම මතයන් දෙක තුළම විද්‍යාත්මක යැයි සාමාන්‍ය ලෙස සැලකිය නොහැකි දෘෂ්ඨිකෝණයන් අන්තර්ගතවේ. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය හෝ ස්වභාවවාදය අසත්‍යරක්ෂණය නොවේ, එනම් එකිනෙක නිශ්චිත ලෙස විසාධනය කළ නොහැකි පරීක්ෂණ නොමැත. එකක් හෝ පුරෝකථය නොවේ. ඔවුන්ට යම් ප්‍රතිවිපාකයක් ඉදිරිපත් කිරීමට උපදවීමට හෝ ඉවැඩි කිරීමට හැකියාවක් නොමැත. තනිකරම මෙම කරුණු දෙක මත පදනම් වී, මින් එකක් හෝ අනෙකට වඩා විද්‍යාත්මකව වලංගු යැයි සැලකීමට කිසිදු තර්කානුකුල හේතුවක් නොමැත.

ස්වභාවවාදීන් දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය නිශ්ප්‍රභා කිරීමට ප්‍රධානම හේතුවක් නම් ආශ්චර්යයන් යන සංකල්පය වේ. උපහාසාත්මකව කිවහොත් ස්වභාවවාදීන් විශේෂ මැවීම වැනි ආශ්චර්යයන් පිළිබඳව නියමානුකුලව කියනුයේ ඒවා විය නොහැක්කන් වන්නේ ඒවා පැහැදිලි ලෙස හා ඓතිහාසිකව පිලිපැද්දාවූ ස්වභාවික නිතීන් උල්ලංඝනය කොට ඇති හෙයින්ය. එවන් මත අවස්ථාවන් කිහිපයකම උපහාසාත්මක වේ. උදාහරණයක් ගතහොත් අජීවමාන කරුණකින් මතුවන්නාවූ ජීවය පිළිබඳ මතය එනම් ස්වයංජාතය සලකා බලන්න. ස්වයංජාතය යනු මුළුමනින්ම පාහේ නිශ්ප්‍රභා කළ විද්‍යා සංකල්පයකි. එහෙත් සත්‍ය වශයෙන්ම ස්වභාවවාදී දෘෂ්ඨිකෝණය පූර්මානුමානය කරන්නේ පොළොවෙහි ජීවය-ස්ව ප්‍රතිවලිත, ස්ව පෝෂිත, සංකීර්ණ ඓන්ද්‍රය ජීවිතයකි-අජීවමාන කරුණකින් අහම්බෙන් නැගිටුනකි. මෙවැන්නක් කිසි කළෙක මනුෂ්‍යය ඉතිහාසයෙහිවත් පිළිපැද නොමැත. සත්වයෙකු සංකීර්ණත්වයට වැඩි දියුණු කිරීමට අවශ්‍යය වන ඵලදායි පරිණාමිය වෙනස්කම්ද කිසිකලෙක පිළිපැද නොමැත. එහෙයින් දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය සත්‍ය ලෙසම ආශ්චර්යමත් ක්‍රියාවල සාක්ෂියක් ලෙසද එසවී තිබෙන අතර ආශ්චර්යමත් සිදුවීම් වල වාර්ථාගත සටහන් ශුද්ධ ලියවිල්ලෙහි සපයා දෙයි. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය විද්‍යාත්මක නොවන්නක් ලෙස ආශ්චර්යයන් හේතුවෙන් සටහන් කරන්නට ඒ හා සමානම ස්වභාවවාදයද සටහන් කිරීමට නියම කෙරේ.

මැවීම සහ ස්වභාවවාදය යන විවාදයන් හී දෙපැත්තටම භාවිතා වන කරුණු ඇත. කරුණු නම් කරුණකට උදක්ම එක් අර්ථ නිරූපණයක් අවශ්‍යය වන බවට කිසිවක් නොමැත. දෙවියන් වහන්සේ සියලාල මැවීය යන මතය සහ ලෞකික ස්වභාවවාදය අතර බෙදීම සම්පූර්ණයෙන්ම වෙනස්වූ අර්ථ නිරූපණයකි. පරිණාමය සහ දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතයෙහි විවාදය පිළිබඳව නිරූපිත වශයෙන්ම චාල්ස් ඩාර්වින් මෙසේ සඳහන් කළේය. වර්ගයාගේ මූලාරම්භය පිළිබඳව හඳුන්වාදීමේදී ඔහු සඳහන් කළේ “මෙම කොටසෙහි සාකච්ඡා කරන ලද කිසිඳු අගයකට හෝ කරුණු ඉදිරිපත් කළ නොහැකි බවට මම ඉතා හොඳින් දනිමි. බොහෝවිට පැයහැදිලිවම නිගමන වලට එළඹෙන්නේ ඝෘජුවම මා සොයා ගත් දේට ප්‍රතිවිරුද්ධ දෙයකි.” නිසැකවම ඩාර්වින්මැවීමට ඉහළින් පරිණාමය විස්වස කළේය, එනමුත් අර්ථ කථනය විශ්වාසය තෝරා ගැනීමට මූලික වන බව පිළිගැනීමට ඔහු කැමැත්ත පල කලේය. එක් විද්‍යාඥයෙක් එම කරුණම දකින්නේ දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතයට සහය දෙන්නක් විය හැක.

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන කරුණ ස්වභවවාදයට ඇති එකම විකල්පය යන අදහස තුළින් පරිණාමය වලංගු මාතෘකාවක් වන අතර විද්‍යාවේ සමහර මනසවල් වලින් විශේෂයෙන්ම මෙම ද්විධාකරණය පිළිගෙන ඇත. බොහෝ ප්‍රසිද්ධ සහ ආභාෂ ලත් විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ ජීවිතයට දිය හැකි භව්‍ය විවරණය නම් ස්වභාවවාදී පරිණාමය සහ විශේෂ මැවිල්ලයි. සියළු විද්‍යාඥයන් සියළු සත්‍යයන් කෙරෙහි එකඟ නොවන නමුත් ඔවුන් සියලු දෙනාම යම් කිසි එක් දෙයක් කෙරෙහි එකඟ වෙති.

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය තර්කාන්විත සහ ඉගෙනීමට අවශ්‍යය වන විද්‍යාත්මක උප ගමනයක් වීමට හේතු රාශියක් ඇත. මේවා අතර ඇති සංකල්ප නම් තාත්වික සම්භාවිතාව, සර්ව පරිණාමය සඳහා වන දෝෂ සහිත සාක්ෂිමය සහයෝගය, අත්දැකීමි පිළිබඳ සාක්ෂිය යනාදියය. ස්වභාවවාදි ආකල්පන එකහෙලාම පිළිගැනීමට සහ මැවුම්වාදීන්ගේ ආකල්පන ඉඳුරාම ප්‍රතික්ෂේප කිරීමට තර්කානුකුල පදනමක් නැත. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය කෙරෙහි ස්ථීර විශ්වාසය විද්‍යාත්මක සොයා ගැනීම් වලට බාධාවක් නොවේ. නිවිටන්, පාස්චර්, මෙන්ඩල්, පැස්කල් කෙල්වින්, ලිනාවුස් මැක්සවල් වන පුද්ගලයන්ගේ නිපුණත්වයන් සමාලෝචනය කරන්න. සියල්ලන්ම පැහැදිලි සහ සැපපහසු මැවුම්වාදීන්වේ. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය විද්‍යාවක් නොවේ, එසේම ස්වභාවවාදයත් විද්‍යාවක් නොවේ. දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය කෙසේ නමුත් විද්‍යාව හා සමග සම්පූර්ණයෙන්ම අනුරූපිවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ සියල්ල මැවීය යන මතය විද්‍යාත්මකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries