settings icon
share icon
ප්‍රශ්නය

මැවුම්වාදයට එරෙහිව පරිණාමය පුද්ගලයෙකු ලෝකය දෙස බලන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබන්නේ කෙසේද?

පිළිතුර


මැවුම්වාදය සහ පරිණාමය අතර ඇති ප්‍රධාන වෙනස අප දන්නා යයි සිතන සෑම දෙයක් පිළිබදව අපගේ නිශ්චිතභාවයට පත්වේ. ඒ පිළිබදව සිතා බලන්න: අපගේ පංච ඉන්ද්‍රියයන් සහ අපගේ මොළය හුදෙක් අහඹු අරමුණු රහිත පරිණාමයේ නිෂ්පාදනයක් නම් ඒවා අපට විශ්වාසදායක තොරතුරු ලබා දෙන බවට සහතික විය හැක්කේ කෙසේද? මාගේ ඇස සහ මොළය "රතු" ලෙස දකින දෙය ඔබගේ ඇස සහ මොළය "නිල්" ලෙස වටහා ගත හැකි නමුත් ඔබ එය "රතු" ලෙස හඳුන්වන්නේ එය ඔබට උගන්වා ඇති හෙයිනි. (විද්‍යුත් චුම්භක වර්ණාවලියේ නිශ්චිත වෙනස් කළ නොහැකි සංඛ්‍යාත වලින් සමන්විත වන බැවින් වර්ණ සැබවින්ම වෙනස් නොවේ). අප එකම දේ පිළිබදව කථා කරන බව දැන ගැනීමට අපට ස්ථිර ක්‍රමයක් නොමැත.

එසේ නැතහොත් "චිකාගෝ: සැතපුම් 50" යනුවෙන් කැටයම් කර ඇති පර්වතයක් ඔබට පෙනේ යයි සිතමු. ඒ ආකාරයෙන්ම මෙම සලකුණු සැබවින්ම සුළග සහ වර්ෂාව කරණකොටගෙන අහඹු ලෙස ඛාදනය වීමේ ප්‍රතිඵලයක් මිස අන් කිසිවක් නොවන බව ඔබ විශ්වාස කරනවා යයි සිතමු. චිකාගෝ නගරය සැබවින්ම සැතපුම් 50 ක් ඈතින් පිහිටා සිටින බවට ඔබට සැබෑ විශ්වාසයක් තිබිය හැකිද?

නමුත් සෑම සාමාන්‍යය ඇස් සහ මොළයක්ම නිර්මාණය කර ඇත්තේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ නිශ්චිත සංඛ්‍යාතයක් "රතු" ලෙස වටහා ගැනීම සදහා බව ඔබ දැන සිටියේ නම් කුමක් කළ යුතුද? එවිට මම රතු ලෙස දකින දේම ඔබත් රතු ලෙස දකින බව දැන ගැනීමට ඔබට විශ්වාසයක් තිබිය හැක. යම් මනුෂ්‍යයකු චිකාගේ නගරයේ සිට සැතපුම් 50 ක් දුර මැන බලා එය දැක්වීමට සලකුණු කාරකයක් එහි තබා ඇති බවත් ඔබ දැන සිටියේ නම් කුමක් කළ යුතුද? එවිට එම සලකුණු කාරකය මගින් නිවැරදි තොරතුරු ලබා දෙන බවට ඔබට විශ්වාසයක් තිබිය හැකිය.

මැවුම්වාදයට එරෙහිව පරිණාමය ලෝකය පිළිබදව පුද්ගලයෙකුගේ දර්ශනයට බලපාන ආකාරයේ තවත් වෙනස්කමක් වනුයේ සදාචාරයේ යථාර්ථයවේ. අප හුදෙක් අහඹු අරමුණු රහිත පරිණාමයේ ඵල නම් නිශ්චිතවම "යහපත" සහ "නපුර" පදයන්හී අර්ථය කුමක්වේද? "යහපත" කුමක් හා සමග සසදනු ලැබීමෙන්ද? "නපුර" කුමක් හා සමග සසදනු ලැබීමෙන්ද? සැබවින්ම මිනුම් දණ්ඩක් නොමැතිව (උදා: ලෙස දෙවියන්වහන්සේගේ ස්වභාවය) යමක් යහපත් හෝ දුෂ්ට යැයි පැවසීමට අපට පදනමක් නොමැත: එය හුදෙක් මතයක් වන අතර සැබවින්ම අන්‍යයන් පිළිබදව මා ක්‍රියා කරන ආකාරය හෝ ඔවුන්ගේ ක්‍රියාවන් විනිශ්චය කරන ආකාරය පිළිබදව විනිශ්චයේ කිසිඳු බලපෑමක් නොමැත. තෙරේසා මව්තුමිය සහ ස්ටාලින් වැනි අය එවන් ලෝකයක විවිධවූ තෝරාගැනීම් කරනු ලැබූහ. නිවැරදි දේ සහ වැරදි දේ නීර්ණය කිරීමේදී අවසානයේදී "එසේ කියනුයේ කව්ද?" යන්නට පිළිතුරක් නොමැත. අදේවවාදීන්ට සහ පරිණාමවාදීන්ට නිසැකවම සදාචාරාත්මක ජීවිත ගත කළ හැකිය — ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන්ට එකග නම් ඔවුන්ට හේතුවක් නොමැත — එසේම ඔවුන් වැරදි දෙයක් කිරීමට තීරණය කළ අයගේ ක්‍රියාවන් විනිශ්චය කිරීමට කිසිඳු පදනමක් නොමැත.

නමුත් තමන්වහන්සේගේ ස්වරූපයෙන් අපව මැවූ දෙවියන්වහන්සේ කෙනෙකු සිටිත් නම් අපව මවා ඇත්තේ හරි හෝ වැරදී දේ පිළිබදව හැගීමකින් පමණක් නොව "එසේ කියනුයේ කවිද?" යන්නට පිළිතුරක්ද අප සතු වනු ඇත. යහපත යනු දෙවියන්වහන්සේගේ ස්වභාවය හා එකග වන්නක් වන අතර නපුර වනාහී එසේ නොවන්නකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මැවුම්වාදයට එරෙහිව පරිණාමය පුද්ගලයෙකු ලෝකය දෙස බලන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries