මැවිල්ල පිළිබද විශ්වාසයන් අනෙකුත් දේව ධර්මයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන්නේ කෙසේද?


ප්‍රශ්නය: මැවිල්ල පිළිබද විශ්වාසයන් අනෙකුත් දේව ධර්මයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන්නේ කෙසේද?

පිළිතුර:
මැවිල්ල / පරිණාමනය පිළිබදවූ විවාදයන් වසර ගණනාවක් පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. බොහෝ අයට මෙය වනාහී ප්‍රතිවිරුද්ධවාදීන් දෙදෙනෙකු සැබවින්ම කිසිවෙකු එකිනෙකාට සවන් නොදී සිටියදී පවා එකිනෙකාට යටි ගිරියෙන් කෑගසමින් සිටිනවා වැනිය. තද පරුෂ බැණුම් වැඩි වී ඇති ප්‍රමාණය කොතෙක්ද යත් සෑම පක්ෂයක්ම පරාවර්තී ලෙස එකිනෙකාව නිෂ්ප්‍රභා කරනු ලබයි – පරිණාමවාදීන් මැවුම්වාදීන්ව නිෂ්ප්‍රභා කරනු ලබන්නේ මුළුමනින්ම පාහේ විද්‍යාව නොසලකා හරින්නන් ලෙස වන අතර මැවුම්වාදීන් පරිණාමවාදීන්ට දෝෂාරෝපණය කරනු ලබන්නේ ඔවුන්ගේ පාර්ශවය නිශ්ශබ්ද කර ගනු පිණිස නොයෙක් ආකාර කුට්ල කුමන්ත්‍රණ වල නියැලී සිටිම හේතුවෙනි. මෙය වනාහී බහුවලයික වෙමින් එක් පාර්ශවයකවත් විවාදයන් නිෂ්ප්‍රභා කිරීමට නොවන නමුත් හුදෙක්ම අනර්ඝ කුඩා අවංක සංවාදයක් මෙම වාචික යුද්ධ තුළ පවතිනු ලබන බව පෙන්වා දෙනු ලැබීමටය.

සත්‍යය තෝරා බේරා ගැනීමට ඇති අපහසුතාවය කරණකොටගෙන බොහෝ කිතුණුවන් මැවිල්ල / පරිණාමනය යන විවාදය ද්විතියික ගැටළු තත්වයක් ලෙස පහතට හෙළනු ලබන්නේ යම් කෙනෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තුළින් දෙවියන්වහන්සේ හා සමග නිවැරදි වීම අදාළ නොකර ගෙනය. බොහෝමයකට මෙම චින්තන පරාසය නිවැරදිවේ. අප මෙම විවාදයට කෙතරම් හසුවේද යත් අපගේ අවධානය ප්‍රධාන කාරණයෙන් ඉවතට යනු ඇතථ එනම් සුභාරංචිය පතුරුවාලීමයි. කෙසේ නමුත් බොහෝ අයට "ද්වීතියික" ගැටළු එනම් යම් කෙනෙකුට මැවිල්ල පිළිබද ඇති විශ්වාස යම් කාර්‍යය භාරයක් ඉටු කරනු ලබන්නේ තවත් කෙනෙකු පොදුවේ දේවධර්මය සහ විශේෂයෙන්ම සුභාරංචිය දකිනු ලබන ආකාරය කරණකොටගෙනය. තවත් කරුණක් නම් යමෙකු මැවිල්ල දකිනු ලබන්නේ කෙසේද යන්න දේවධර්මවාදී මත කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ලබයි.

මැවිල්ල පිළිබද ඉගැන්වීමෙදී කිතුණු ධර්මය තුළ මත බොහෝමයක් දක්නට ඇත:

1. සත්‍යවාදී 24 X 6 මැවිල්ල – දෙවියන්වහන්සේ පැය 24 දින සයකින් සියල්ලම මැවූ සේක

2. දින – කාල මතය – උත්පත්ති 1 හී නිරූපණය වන ආකාරයට මැවිල්ලේ සිදුවීම හටගත් නමුත් පැය 24 දින වෙනුවට මැවිල්ලේ "දින" නියෝජනය කරනු ලබන්නේ අනියත පරිමිත කාල වකවානුවක් බවය.

3. රාමුගත මතය – උත්පත්ති 1 හී දින නියෝජනය කරනු ලබන්නේ දේවධර්මවාදී රාමුවක් වන්නේ එතුළ සියලූ මැවිල්ල පිළිබද විස්තර කරනු ලැබීම උදෙසාය.

බොහෝ සභා ඉතිහාසය පුරාවටම පසුගිය වසර 150 වනතෙක් මැවිල්ලේ 24 X 6 පිළිබද මතය වූ කලී සභාව තුළ බොහෝ බහුලව පැවතුනු මතයක් විය. සියලූ කිතුණුවන් මෙම මතය තුළ නොපැවතුනු අතර ඒතුළ පැවතුනු අය ඒ කෙරෙහි කැපවූ අයද නොවූහ. කෙසේ නමුත් කිතුණු ඉතිසාහයන් සදහා මෙය උත්පත්තිය පිළිබදව වූ අග්‍රස්ථ නිරූපණයක් බවට කිසිඳු පැණයක් නොමැත. අපට සරලවම යමක් විශ්වාස කිරීමට අවශ්‍යය නොවන්නේ එය සාම්ප්‍රදායික සහ ඓතිහාසික වන මෙන්ම මැවිල්ලේ 24 X 6 පිළිබද මතයද අන්තර්ගතවය; අනෙක් අතට අපට යම් ඉගැන්වීමක් විශ්වාස කිරීමට අවශ්‍යය වන්නේ එය ශුද්ධ ලියවිලි පාඨයන් කරණකොටගෙන උපකාර කරන හෙයිනි.

මෙම විශේෂ අවස්ථාවෙහිදී බොහෝ ගතානුගතික දේවධර්මවාදීන් විශ්වාස කරනු ලබන්නේ 24 X 6 පිළිබද මතයට ශුද්ධ ලියවිලි පාඨයන් තුළින් ඉතා ප්‍රබල අර්ථ විවරණ සහිත උපකාරයන් ඇති බවය. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් යමෙකු විසින් ශුද්ධ ලියවිලි පාඨය කියවනු ලබන කළ ඔවුනට ලැබෙන්නේ ස්වභාවික මතයක්ය. ඊට අමතරව මැවිල්ලේ සතිය තුළ සත්වන දින රටාව සැකසී ආකාරය වනාහී අපගේ දින දර්ශනයේ සති රටාව හැඩ ගැසී ඇති ආකාරයටවේ (නික්මයාම 20:8-11).

නූතන විද්‍යවේ ලගාවිමත් හා සමග මැවිල්ලේ 24 X 6 පිළිබද මතය කිතුණුවන් මගින් වඩ වඩාත් අත්හැර දමා තිබේ. මෙම ප්‍රතික්ෂේප කිරීමට වන මූලික හේතුව නම් මැවිල්ලේ 24 X 6 පිළිබද මතය "නොමේරු පොළෙවක් සහිත" විශ්වයේ යුගයක් අවශ්‍යය බවට පමුණුවනු ලබන අතර (වසර 6,000 සිට 30,000 දක්වා ඕනෑම කාලයක්– සහ දැනට පැතිර පවත්නා විද්‍යාත්මක මතය නම් විශ්වය වසර ප්‍රකෝටියක් පැරණි බවය. දින – කාල මතය (සමහර විට ප්‍රගතිශීලි මැවුම්වාදය ලෙසද හැදින්වේ) වනාහී උත්පත්තියේ මැවීමේ කථාව විශ්වයේ කාලය පිළිබදව "පැරණි පොළොවක" මතය හා සමග පුනස්සමථය කිරීමට ගනු ලබන ප්‍රයත්නයකි.

දින – කාල මතය තවමත් උපග්‍රහණය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ සියල්ල මැවූ බවත් එය තවමත් අදේවවාදී (ස්වභාවාමාත්මකය) පරනාමණය ප්‍රතික්ෂේප කරනු ලබන බව කරුණාවෙන් සලකන්න. එසේ නැතහොත් දින – කාල මතය "දේවවාදී පරිනාමණය" හා සමග පටලවාගත යුතු නොවන්නේ මහා පරිමාන පරානාමණ මතය සත්‍යය නමුත් අන්ධ අවස්ථාවක් මගින් මග පෙන්වීමක් ලබනු වෙනුවට එය මග පෙන්වනු ලැබුවේ දෙවියන්වහන්සේගේ හස්තය තුළින්ය. දින – කාල යෝජකයන් තමන්ව දකිනු ලබන්නේ දේවවචනානුකූළ වාර්ථාව විද්‍යාව හා සමග පුනස්සමථය කරනු ලබන්නන් ලෙසයග එහි ප්‍රතිපාක්ෂිකයන් මෙම මතය දකිනු ලබන්නේ දේව වචනයේ සත්‍යයභාවය ප්‍රතික්ෂේප කිරීමට වන ලිස්සන බෑවුමක් ආකාරයටය.

බොහෝ කිතුණුවන් මැවිල්ල / පරිනාමණය යන විවාදය ද්විතියික වැදගත්කමක් සහිත වූවක් ලෙස සම්ප්‍රේක්ෂණය කරනු ලබන හෙයින් මැවිල්ල පිළිබද දේව වචනයේ මතය යමෙකු අර්ථ පහදා දෙන ආකාරයේ දේව ධර්මීය ගම්‍යාර්ථය පිළිබද සාමාන්‍යය හෝ කිසිඳු සැලකිල්ලක් දක්නට නොමැත. සත්‍යය වශයෙන් කෙසේ නමුත් යමෙකු මැවිල්ල පිළිබද විශ්වාස කරනු ලබන දේ නිර්ණායක වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි නිර්ද්‍යේෂකම, විශ්වාසවන්තභාවය සහ ආධිපත්‍යය ආදි කරුණු වෙත යොමු වන හෙයිනි. මූලික වැදගත්කමක් ගන්නේ දේව වචනයේ ආලෝකය තුළ යමෙකු විසින් සුවිශේෂ මතයක් තෝරා ගනු ලබන්නේ මන්ද යන්නය. දේව වචනය වනාහී දේව අනුග්‍රහය ලත් සහ නිර්ද්‍යේෂී නමුත් උත්පත්තියේ පළමු පරිච්ඡේදයන් දෙක සත්‍යවාදී නොවන බවත් විශ්වාස කිරීම එක් දෙයකි. දේව වචනය හුදෙක්ම සාවද්‍යය බවත් එසේම එය විශ්වාස කළ නොහැකි බවත් විශ්වාස කිරීම තවෙකකි. වෙනත් වචන වලින් කිවතොත් මැවිල්ල පිළිබදව යමෙකුගේ මතය කෙරෙහි ඇති මූලික ප්‍රශ්නය නම් එම මතය දේව වචනයේ ආධිපත්‍යයට මෙන්ම විශ්වාසනීයත්වයට අදාල වන්නේ කෙසේද යන්නය.

දේව වදනයේ ප්‍රථම පරිච්ඡේදයන් දෙක පිළිබදව විශ්වාස කළ නොහැකි නම් එම පොතෙහි ඉතිරි කොටස පුරාවටම එය විශ්වාසනීය වන්නේ කෙසේද? නියමානුකූල ලෙස දේව වචනයේ විචාරකයන් ඔවුන්ගේ පහරදීම් කේන්ද්‍රකොට ගන්නේ උත්පත්තියේ පළමු පරිච්ඡේද 11 කෙරෙහි එනම් විශේෂකොටම මැවිල්ලේ කථාව පිළිබදවය. ගැටළුව නම් ඔවුන් ශුද්ධ ලියවිල්ලේ මෙම කොටස ඉලක්ක කොට ගන්නේ මන්ද? උත්පත්තියේ පළමු පරිච්ඡේද 11 මගින් දේව වචනානුකූල කථාවේ ඉතිරි කොටසට වේදිකාව සකසනු ලබයි. ශුද්ධ ලියවිල්ලේ ක්‍රමයෙන් එළිදරව් වන වෘත්තාන්තය උත්පත්ති 1-11 නොමැතිව අවබෝධ කර ගැනීමට නොහැකිවේ. දේව වචනයේ ඉතිරි කොටසට අවශ්‍යය වන ප්‍රතිෂ්ඨාපික ද්‍රව්‍යයන් බොහෝමයක් මෙම පරිච්ඡේදයන් තුළ අනතර්ගතවේ. නිදසුනක් ලෙස මැවිමල වැටීම, විනිශ්චය පිළිබද නිශ්චිතභාවයල ගැළවුම්කරුවාණන්වහන්සේ කෙනෙක් පිළිබද අවශ්‍යතතාවය සහ සුභාරංචිය හඳුන්විදීම ආදියවේ. මෙම ප්‍රතිෂ්ඨාපික ඉගැන්වීම් නොසලකා හැරීමට දේව වචනයේ ඉතිරි කොට තේරුම්ගත නොහැකි සහ අදාළ නොවන්නක් ලෙස ගෙන හැර පෑ හැකිවේ.

දේව වචනයේ විචාරකයින්ට තවමත් අවශ්‍ය වන්නේ උත්පත්තියේ මෙම ආරම්භක පරිච්ඡේදයන් ආදි කල්පික ඉතිහාසය වෙනුවට පැරණි හෙබ්‍රව් මිථ්‍ය ප්‍රබන්ධයන් ලෙස සැලකීමටය. මෙම කාරණාවේ සත්‍යය නම් අනෙකුත් සංස්කෘතීන් තුළ වන මැවිල්ලේ කථාන්තරයන් හා සසදන කළ උත්පත්ති කථාවෙහි – ඉතාමත් සත්‍යවාදී අර්ථකතනයන් – පවා තිබුනද එය මිථ්‍යා ප්‍රබන්ධයක් මෙන් නොව වඩාත්ම ඉතිහාසය ලෙස තේරුම්ගත හැකිවේ. බොහෝ පුරාණ සාහිත්‍යයන්හී මැවිල්ල අපට දක්නට ලැබෙන්නේ දෙවිවරුන් අතර ඇති අරගලයක් ලෙසය. බොහෝ මැවිල්ල පිළිබද මිථ්‍යා ප්‍රබන්ධයන් තුළින් නිරූපණය වන්නේ සැලකිල්ලට ගනු ලබන සංසකෘතිය ආගමික විශ්වයේ කේන්ද්‍රය ලෙසයග උත්පත්ති කථාව අනෙකුත් මැවිල්ල පිළිබදවූ කථාවන් හා සමග බොහෝ සමාන කම් බෙදාගනු ලබන අතර එය වෙනස් වන්නේ එතුළින් මැවිල්ල කෙරෙහි ඇති එකම පරමාධිත්‍ය දෙවියන්වහන්සේ බවත් (බොහෝ දෙවිවරුන් අතරෙන් එක් දෙවිකෙනෙකු නොව) එසේම උන්වහන්සේගේ මැවිල්ලේ උත්කෘෂ්ටම මනුෂ්‍ය සංහතිය ලෙසත් එසේම මැවිල්ල කෙරෙහි භාරකාරයන් ලෙස සේවයෙහි නියුක්තව සිටින බවත් නිරූපණය කරනු ලබන හෙයිනි.

සහතික වීම පිණිස, උත්පත්ති කථාවෙහි මැවිල්ල සිදුකළ නිශ්චිත දිනය වැනි පිළිතුරු නොලැබුනු ප්‍රශ්න දක්නට ලැබේ. නොඑසේත් නම් දෙවියන්වහන්සේ විසින් භාවිතා කරනු ලැබූ විශේෂිත මාධ්‍යයන් හෝ විධික්‍රමයන් පිළිබද බොහෝ විස්තර සදහන් නොවේ. සත්‍යය වශයෙන්ම දේව වචනානුකූල ඊට අනුරූපි වෙනස්වූ මැවිල්ලේ කථාවන් පිළිබද විවාදයන් තිබෙන්නේද එහෙයිනි. උත්පත්ති කථාවෙහි අරමුණ නම් නූතන ඉතිහාසඥයින් හා සමග සමීපව කටයුතු කිරීම පිණිස සම්පූර්ණ ඓතිහාසික වාර්තාවක් ලබා දීම නොවේ. උත්පත්ති කථාව වනාහී යුදෙව් ජනතාව පොරොන්දු දේශයට ඇතුළු වීමට සූදානම් වූ ප්‍රාග් ඉතිහාසයවේ; ඔවුන් කව්රුන්ද ඔවුන් පැමිණියේ කොතැනින්ද යන්න ඔවුනට දැන ගත යුතුවිය.

සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් නම් කිතුණු දේව ධර්මයේ බොහෝමයක් පදනම් වී ඇත්තේ උත්පත්ති කථාවේ ඓතිහාසික නිරවද්‍යතාවය මතය. විවාහය යන සංකල්පය සෘජුවම එළි බසිනු ලබන්නේ මැවිල්ලේ කථාවෙනි (උත්පත්ති 2:24) එසේම යේසුස්වහන්සේ විසින් සංක්ෂිප්ත සුභාරංචි තුනෙහිම මේ පිළිබදව යොමු කරනු ලබන සේක. අපගේ ස්වාමින්වහන්සේම ඒත්තු ගන්වනු ලබන්නේ මනුෂ්‍යයාව පිරිමි සහ ගැහැණු ලෙස "පටන් ගැන්මේ සිට" (මතෙව් 19:4) මවනු ලැබූ සේක් බවය. මෙම ප්‍රකාශන වටහා ගැනීම පිණිස උත්පත්ති කථාවේ ඓතිහාසික නිරවද්‍යතාවය කෙරෙහි විශ්වාසය තබනු ලබයි. ඉතා වැදගත් ලෙස ගැළවීම පිළිබද ඉගැන්වීම රදා පවත්නේ ආදම් නම් වූ සත්‍යවාදී පුද්ගලයෙකුගේ පැවැත්ම මතය. පාවුළු විසින් යැවූ හසුන්පත්හී (රෝම 5 සහ 1 කොරින්ති 15), දෙවතාවක්ම පාවුළු ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ගැළවීම සම්බන්ධ කරනු ලබන්නේ ආදම් තුළ අපගේ හඳුනාගැනීම මතය. 1 කොරින්ති 15:21-22 හී අපට කියවීමට ලැබෙනුයේ "මක්නිසාද මනුෂ්‍යයෙකු කරණකොටගෙන මරණය පැමුණුන බැවින් මනුෂ්‍යයෙකු කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීමත් පැමිණිනුනේය. මක්නිසාද ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය." මුළු මනුෂ්‍යය ජාතියම "ආදම් තුළ" ස්වභාවික උපත කරණකොටගෙන වැටුණු ස්වභාවයක් ගනියි. ඒ හා සමානවම දෙවියන්වහන්සේ විසින් ගැළවීමට තෝරා ගනු ලැබූවන් "ක්‍රිස්තුස්වහන්සේ තුළ" ආත්මික උපත කරණකොටගෙන ගළවනු ලබතිග ආදම් තුළ / ක්‍රිස්තුස්වහන්සේ තුළ යන අසමරූපතාවය වනාහී කිතුණු ගැළවීම පිළිබද ඉගැන්වීම කෙරෙහි මනා අවබෝධයක් ලබා ගනු වස් නිර්ණායක වන අතරම මෙම අසමරූපතාවය කිසිඳු අර්ථයක් ගනු නොලබන්නේ මනුෂ්‍යය වර්ගයා පරම්පරාගතව පැවතුණු සත්‍යවාදී ආදම් කෙනෙකු නොපැවතුණේ නම්ය.

පාවුළු විසින් ඒ හා සමාන ආකාරයකින් රෝම 5:12-21 හී විවාද කරනු ලබයි. මෙම පාඨය අද්විතීය බවට පත් කරනුයේ එතුළින් ව්‍යක්තවම ප්‍රකාශ කරනු ලබන්නේ "එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක් මෙන් සියලූ මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුනේය." (රෝම 5:12) බලවත් දුශ්චරිතය පිළිබදවූ තර්කයෙහි කොඳු නාරටිය වන්නේ මෙම පදයවේ (කැල්වින්වාදී කරළියෙහි "පළමුවන පුවරුව") එසේම 1 කොරින්ති පාඨයට අනුව එය සත්‍යවාදී ආදම් මත රදා පවත්නේ එහි කිසියම් ආකාරයක හැගීමක් ඇති කරනු සදහායග සත්‍යවාදී ආදම් කෙනෙකු නොමැතිව සත්‍යවාදී පාපයක් ඇති නොවන අතර සත්‍යවාදී ගැළවුම්කරුවාණන් කෙනෙකු පිළිබද අවශ්‍යතාවයක්ද පැණ නොනගියි.

මැවිල්ලේ ඉගැන්වීම පිළිබද යමෙකු කුමන තත්වයක් ගනු ලැබුවත් අවම වශයෙන් එක් කාරණයක් පැහැදිලිය එනම් කිතුණු ධර්මය තුළ කිසිඳු විවාදයක් විවෘත නොකරන ලෙසය: දෙවියන්වහන්සේ විසින් අහසත් පොළොවත් මවනු ලැබූ සේක (උත්පත්ති 1:1), "ගොටි ක්වෙස්චන්ස්" හී අප විශ්වාස කරනු ලබන්නේ 24 X 6 මතය ඉතා ප්‍රබල දේව වචනානුකූල තර්කයක් හිමි කොටගෙන ඇති අතර කිතුණු ලෝක සම්මති විෂය තුළ වලංගු අර්ථකනයන් පිරිනමනු ලබන වෙනත් මතයන්ද ඇති බවය.

අප විසින් අවධාරණය කළ යුත්තේ දේව වචනය මගින් (ව්‍යක්තව හෝ ව්‍යංගව) අපගේ මූලාරම්භය පිළිබද අදේවවාදී හෝ "ඩාවීනියානු" මතයක් උගන්වනු නොලබන බවය. එසේ හෙයින් මැවිල්ල / පරිනාමණය පිළිබද විවාදය වැදගත් නොවන බවට කරන ප්‍රකාශය ශුද්ධ ලියවිල්ල කෙරෙහි ඇති පහත් සම්ප්‍රේක්ෂණයකි. එය නිශ්චිතවම හේතුකාරකයන් වන්නේ විශේෂිතවම අප විසින් මූලාරම්භ කෙරෙහි ඇති ගෞරවයක් හා සමග දේව වචනය වෙත ප්‍රවේශ වන ආකාරය තුළින් ප්‍රකාශ කරනු ලබන්නේ අනෙකුත් සෑම තැන්හීම අප විසින් ඒ වෙතට ප්‍රවේශ වන්නේ කෙසේද යන්නය. මැවිල්ලේ කාරණය පිළිබදව ප්‍රකාශ කරන විට අපට දේව වචනය විශ්වාස කළ නොහැකි වේ නම් අප විසින් එය ගැළවීම පිළිබද ප්‍රකාශ කරන විට එය විශ්වාස කළ යුතු වන්නේ මන්ද / තර්කානුකූලව, අප විසින් මැවිල්ල පිළිබද විශ්වාස කරනු ලබන දේ අපගේ දේව ධර්මයේ ඉතිරි කොටසට ඉතා වැදගත්වේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
මැවිල්ල පිළිබද විශ්වාසයන් අනෙකුත් දේව ධර්මයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන්නේ කෙසේද?