settings icon
share icon
ප්‍රශ්නය

කිසිවත් උපයෝගි කර නොගෙන මැවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


ලතින් භාෂාවෙන් "එක්ස් නිහිලෝ" යනු "කිසිවකින් නොවන" යන්නය. එමගින් අදහස් වනුයේ දෙවියන්වහන්සේ සියල්ල මැව්වේ කිසිවකින් නොවන බවය. "පටන් ගැන්මේ දී දෙවියන්වහන්සේ අහසත් පොලොවත් මැවු සේක" (උත්පත්ති 1:1) ඊට ප්‍රථම කිසිවක් නොතිබිනි. දෙවියන්වහන්සේ එවකට පැවති ගොඩනැගිලි ද්‍රව්‍ය උපයෝගි කරගෙන විශ්වය මැව්වේ නැත. උන්වහන්සේ ආරම්භ කලේ උදව් රහිතවය.

දෙවියන්වහන්සේ සියල්ල මැව්වේ කිසිවක් උපයෝගි කර ගෙන නොවන බව දේව වචනයේ පැහැදිලිව සදහන් කර නැතත්, ඒ බව හැගවේ. හෙබ්‍රව් 11:3 හී සදහන් වනුයේ "දෙවියන්වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබු බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන්ය. මෙසේ දෘෂ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වු බව පෙනී යයි" යනුවෙනි. විද්වතුන් මෙය තේරුම් ගන්නේ විශ්වය ඇතිවුයේ දේව අණට යටත් වීමෙන්, එවකට පැවැති යම් ද්‍රව්‍යයන් හෝ බලයන් එකරාශී කිරීමෙන් නොවන බවය.

මනුෂ්‍යයන් ඉතා නිර්මාණශීලි විය හැකිය. නමුත් ඔවුන්ට යමක් නිර්මාණ කිරීමට යම් මුල ද්‍රව්‍යයන් අවශ්‍ය වේ. නමුත් දෙවියන්වහන්සේ එසේ සීමාවන් වලට යටත් වී නැත. අපට හුරු මුලික භෞතික මුල ධර්මයන් නිසා මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට අපට අසීරු වනු ඇත. පළමුවන භෞතික මුල ධර්මය වනුයේ ද්‍රව්‍ය (විශ්වය සෑදී ඇති ද්‍රව්‍ය) මැවිය හෝ විනාශ කළ නොහැකි බවය. භෞතික ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය තත්ත්වයේ සිට ද්‍රවන තත්ත්වයටද, වායු තත්ත්වයේ සිට පලාස්මික තත්ත්වයට හා ආපසු මුල් තත්ත්වයටද පත් කළ හැක. පරමාණු අංශු සමග එකතු කර එහි අඩංගු දේ වෙන් කළ හැකි නමුත් භෞතික ද්‍රව්‍ය කිසිවක් උපයෝගි කොට නොගෙන මැවීය නොහැකි අතර ඒවා සම්පුර්ණයෙන් විනාශ කළ නොහැක. එසේ හෙයින් දෙවියන්වහන්සේ සියල්ල මැව්වේ කිසිවක් උපයෝගී කර නොගෙන බව යන්න අපට සාමාන්‍ය දෙයකි. නමුත් එය කේසෙවත් සාමාන්‍ය දෙයක් නොවේ. එය අධි සාමාන්‍ය දෙයකි.

"ක්‍රියේෂන් එක්ස් නිහිලෝ" (එනම් කිසිවත් උපයෝගි කර නොගෙන මැවීම) විශ්වයේ ආරම්භයේ දී සිදු වු මෙම ක්‍රියාවලිය පිළිබද පැහැදිලි කරයි. දෙවියන් වහන්සේ කිසිවක් උපයෝගි කර නොගෙන මැවීම සිදුකළ මොහොත එයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිසිවත් උපයෝගි කර නොගෙන මැවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries