ප්‍රශ්නය
මැවීමේ දවස් වලදී එක් එක් දින කුමක් සිදුවීද?
පිළිතුර
මැවීම පිළිබඳ කතාන්දරය උත්පත්ති 1-2 හි හමු වේ. උත්පත්ති කතාන්දරයේ අන්තරගතවී ඇත්තේ කිසිවක් නොතිබුණ තැනකින් / හිස්ව තිබුණ තැනකින් අතර මැදිකාලයකින් තොරව චවනානුසාරයෙන්ම පැය 24 දවස් 6 ක් තුළ සියල්ල නිමා කළ බවයි. මෙයින් ප්‍රත්‍යක්ෂ වන්නේ සංදර්භයට වචනානුසාරයෙන් පැය 24 කාල වකවානුවක් අවශ්‍ය බවය. මෙම විස්තරය විශේෂයෙන් විග්‍රහ කරනු ලබන්නේ සාමාන්‍ය බුද්ධියට ගෝචර වන ආකාරයෙන් වචනානුසාරයෙන් දවසක් පිළිබදව වැටහෙන ආකාරයටය. "සවස විය උදය විය ඒ එක දවසක්ය" (උත්පත්ති 1:5). තව දුරටත් මුල් භාෂාවේදී සෑම වගන්තියක්ම ආරම්භ කරනු ලබන්නේ "සහ" යන්න සමගය. මෙය හෙබ්‍රෙව් ව්‍යාකරණයන්හි ඉතා යහපත් තත්වයක් වන අතර එයින් පෙන්නුම් කරනු ලබන්නේ සෑම වගන්තියක්ම ගොඩනැඟී ඇත්තේ පූර්වගාමී ප්‍රකාශයක් සමඟ බවය. එනිසා දවස් ක්‍රමාගත වූ අතර, කාලවකාවානූන් අතර කිසිම වෙන්වීමක් සිදු නොවූ බවය. උත්පත්ති කතන්දරය දේව වචනය අධිකාරිත්වයෙන් සහ බලයෙන් යුක්ත බව එළිදරවි කරයි. බොහෝ මැවීම් සිදු වූයේ කතාවෙන්ය. එය තවත් එතුමාගේ වචනයේ ඇති අධිකාරිත්වය සහ බලය පෙන්නුම් කිරීමක්ය. දෙවියන් වහන්සේගේ මැවීමේ ක්‍රියාවලියේ එක් එක් දවස දෙස බලමූ.
මැවීමේ 1 වනදවස (උත්පත්ති 1: 1-5)
දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. "අහස"පොළොවෙන් එපිට ඇති සියල්ල යොමු කරයි එනම් පරසක්වළ වේ. පොළොව සාදනු ලැබූමුත් එහි විශේෂිත හැඩයක් නොවූ නමුදු එහි වතුර විය. ඉන්පසුව දෙවියන් වහන්සේ එළියට ප්‍රවර්තනය සඳහා කතා කළ සේක. ඉන්පසුව එතුමන් එළිය අන්ධකාරයෙන් වෙන් කර ආලෝකය (එළිය) "දවාල" ලෙසද අන්ධකාරය" රාත්‍රිය" ලෙසද වෙන් කළේය. මැවීම සවස සිට උදෑසන දක්වා සිදු විය. එය එක දවසක් විය.
මැවීම දවස 2 (උත්පත්ති 1:6-8)
දෙවියන් වහන්සේ අහස මවනු ලැබූ සේක. අහස, මතුපිට ඇති වතුර සහ ආකාශයෙහි ඇති තෙතමනය අතර මායිමක් තැබූසේක. මේ වන විට පොළොවට වායුගෝලයක් / වතාවරණයක් තිබිය යුතුව තිබූණී. මෙම මැවීම එක දවසක සිදුවිය.
මැවීම දවස 3 (උත්පත්ති 1:9-13)
දෙවියන් වහන්සේ වියළි භුමිය මැවූ සේක.මහාද්වීප සහ දූපත් වතුර මත විය. විශාල ජලාශය "මුහුදු" ලෙසද භුමියට "පොළොව" කියාද නම් කළේය. දෙවියන් වහන්සේ සියල්ල යහපත් බව ප්‍රකාශ කළ සේක.
දෙවියන් වහන්සේ කුඩා සහ විශාල ශාක විතයන් මවනු ලැබූ සේක. දෙවියන් වහන්සේ ඒවා ස්වයංපෝෂිත සහ ස්වකීය වර්ගයා බෝ කිරීමේ හැකියාව ඇති ගස් ලෙස මවනු ලැබූ සේක. මෙම ගස් / පැළෑටි නානාප්‍රකාරත්වයෙන් (විවිධ ජාති) යුතු ඒවා ලෙස මවනු ලැබුවේය. පොළොව කොළපාටින් යුක්තව ජීවය ඇති ගස් කොළංවලින් ඉපිරවීමක් විය. මෙම වැඩයද යහපත් ලෙස නම් කල සේක. මෙම මැවීමේ ක්‍රියාවලිය සඳහා දවසක් ගත විය.
මැවීම දවස 4 (උත්පත්ති 1:14-19)
දෙවියන් වහන්සේ තාරකා සහ සියළු ස්වර්ගීක අංගයන් මැවූසේක. මේවායේ චලනයන් මනුෂ්‍යයන්ට වේලාව සොයා ගැනීම සඳහා උපකාරකරන්ට හැකිවිය. විශාල ස්වර්ගික අංගයන් දෙක පොළොවට සම්බන්ධව සාදන ලදී. ඉර පළවෙනියා වු අතර මූලිකව ආලෝකය සපයන මූලාශ්‍රය වූ අතර සඳ ඉරෙහි ආලෝකය පරාවර්ථනය කරන ලදී. මෙම අංගයන් වල චලනයන් නිසා රාත්‍රිය සහ දවාල වෙන් කොට හදුනා ගැනීමට හැකි විය. මෙම වැඩයද යහපත් බවට දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. මෙම නිර්මාණාත්මක ක්‍රියා වලියට දවසක් ගත විය.
මැවීම දවස 5 (උත්පත්ති 1:20-23)
වතුරේ ජීවත්වන සියළු ජීවීන් දෙවියන් වහන්සේ විසින් මවන ලදී. ජලයේ ජීවත්වන ඕනෑම ජාතියක ජීවීන් මෙම අවස්ථාවේදී සාදන ලදී. දෙවියන් වහන්සේ සියළු කුරුල්ලන්ද සාදන ලදී. මෙහි භාෂාව අනුව සියළු පියාඹන කෘමීන්ද සාදන ලද යයි සිතිය හැකිය (එසේ නොවේ නම් ඔවුන් 6 වෙනි දවසෙහි සාදන ලදී). මෙම සියළු සත්වයන් තම වර්ගයා බෝ කිරීමට ඇති හැකියාව සමඟින් සාදන ලදී. 5 වෙනි දවසෙහි සාදන ලද සතුන් දෙවියන් වහන්සේ විසින් ප්‍රථමයෙන් ආශීර්වාද කරන ලද සතුන් වේ. මෙම වැඩයද යහපත් බවට ප්‍රකාශ කළ අතර එය දවසකින් සිදු විය.
මැවීම දවස 6 (උත්පත්ති 1:24-31)
වියළි භුමිය මත ජීවත්වන සියළු සතුන් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදී. මෙයට අන් දවස්වල ඇතුළු නොවූ සියළු සතුන් හා මනුෂ්‍යයා ඇතුළත් වේ. දෙවියන් වහන්සේ මෙම වැඩයටද යහපත් යයි පැවසූ සේක.
දෙවියන් වහන්සේ තමන් තුළම මන්ත්‍රණය කරග නිමින්, "තවද දෙවියන් වහන්සේ, අපගේ ස්වරූපයෙන් අපගේ සමානාත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ (උත්පත්ති 1:26) පැවසූ සේක. මෙය ත්‍රිත්වය විදහා දක්වන්නක් නොවුනද එම අත්තිවාරමෙහි කොටසක් විය හැකිය. මන්ද දෙවියන් වහන්සේ "අප" යන ලෙස දේවත්වය තුළ එළිදරව් කිරීම නිසාය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සාදන ලද අතර, මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව සාදන ලද අතර (පිරිමින් සහ කාන්තාවන් දෙගොල්ලන්ම මෙම ස්වරූපය දරණ අතර) මැවිල්ලේ අන් සියල්ලටම වඩා විශේෂත්වයක් ගනී. මෙය අවධාරණය කිරීම සඳහා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට පොළොවෙහි සහ මැවිල්ලේ අන් සියළු කොටස් වලද අධිකාරිත්වය භාර දුන් සේක.
දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආශීර්වද කොට බෝ වී පොළොව පූර්ණකරන පිණිසත් යටත් කරගන්නා පිණිසත් අණ කරන ලදී. (දෙවියන් වහන්සේගේ අධිකාරිත්වය යටතේ මනුෂ්‍යයාගේ නිත්‍යයානුකුල ගබඩා කාරිත්වය ගෙනෙන පිණිස). මනුෂ්‍යයා සහ සියළු සත්වයන් පැළෑටි පමණක් අනුභව කළ යුතු බවට දෙවියන් වහන්සේ විසින් අණ කරන ලදී. දෙවියන් වහන්සේ මෙම ආහාර චක්‍ර තහනම උත්පත්ති 9:3-4 පැමිණෙන තෙක් අවලංගු නොකරන ලදී.
දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ක්‍රියාවලිය 6 වෙනි දවසෙහි අවසානයත් සමඟ නිමා විය. මුළු විශ්වය එහි සියළු අලංකාරය සහ සර්ව සම්පූර්ණත්වය සමඟින් වචනානුසාරයෙන් පිළිවෙළට යෙදුණ පැය 24 දවස් 6 කින් පිහිටුවණ ලදී. මැවිල්ලේ අවසානයේදී දෙවියන් වහන්සේ එය ඉතා යහපත් බව ප්‍රකාශ කරන ලදී.
මැවීම දවස 7 (උත්පත්ති 2: 1-3)
දෙවියන් වහන්සේ විවේක ගත් සේක. මෙයින් කිසියම් ආකාරයකින් මැවීමේ ක්‍රියාවලිය නිසා එතුමන් වෙහෙසට පත් වී සිටි බවට පෙන්වීමක් නොකරණ අතර එයින් සඳහන් කරනු ලබන්නේ මැවීමේ කර්තව්‍යයේ සම්පූර්ණ වීමය. එලෙසම දෙවියන් වහන්සේ දවස් 7 තුළ දවසක් නිවාඩු ගත යුතු බවට සැලැස්මක්ද ඇති කල සේක. එම දවස ඒ ආකාරයෙන් පැවැත්වීම අවසානයේදී දෙවියන් වහන්සේ විසින් තෝරාගත් සෙනඟ හදුණා ගැනීමට ගති ලක්ෂණයක් වේ.
English
මැවීමේ දවස් වලදී එක් එක් දින කුමක් සිදුවීද?