දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි වූ විශ්වවේදීය තර්කය කුමක්ද?


ප්‍රශ්නය: දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි වූ විශ්වවේදීය තර්කය කුමක්ද?

පිළිතුර:
විශ්වවේදීය තර්කය (විශ්වය) නිරීක්ෂණය කිරීමෙන් දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාථ කිරීමට උත්සාහ දරයි. එය ආරම්භ වන්නේ යථාර්ථයේ වඩාත්ම පැහැදිලි කරුණකින්ය: එනම් දේවල් පවතින බවය. තර්ක කරනු ලබන්නේ එම දේවල් වල පැවැත්මට හේතුව විය යුත්තේ “දෙවියන් වහන්සේගේ ආකාරයේ” දේවල් ලෙසය. මේ ආකාරයේ තර්ක ප්ලේටෝගේ කාලය දක්වා ආපසු ගමන් කරන අතර එවක සිට සැළකිය යුතු දර්ශනවාදීන් සහ දේවධර්මවාදීන් විසින් භාවිතා කොට ඇත. අවසානයේදී විද්‍යාව 20 වන ශතවර්ශයේදී දේවධර්මවාදීන් සමග එකතු වූයේ විශ්වයේ ආරම්භයක් තිබෙන්නට ඇති බවට තහවුරු විමත් හා සමගය. එසේ හෙයින් වර්තමානයේ විශ්වවේදීය තර්කයන් දර්ශනවාදී නොවන්නන්ට ඉතාමත් බලගතුවේ. මෙම තර්කයන්හී ප්‍රධාන ස්වරූප දෙකක් ඇත. ඒ පිළබදව සිතීමට ඇති පහසුම ක්‍රමය නම් “සිරස්” සහ “තිරස්” වේ. මෙම නාමයන් තුළින් විදහා දක්වනු ලබන්නේ මෙම හේතු පැමිණෙන දිශාවය. සිරස් ස්වරූපයෙහි තර්ක කරනු ලබන්නේ සෑම නිර්මාණය කරනු ලැබූ දෙයක්ම දැන් සිදුවෙමින් පවතින බවය (විශ්වයේ සිට දෙවියන්වහන්සේ කෙරෙහි යොමු වී ඇති ඊතලයක කාල නියමයක් පිළිබදව සිතා බලන්න) තිරස් අනුවාදයෙන් පෙන්නුම් කරනු ලබන්නේ මැවීමට මුල සිටම හේතුවක් තිබී ඇති බවය. එම කාල පරාසය එකම වෙලාවක ආරම්භක ස්ථානයකට ආපසු හැරී යන ඊතලයක් පිළිබදව සිතන්න.

තිරස අවබෝධ කර ගැනීමට පහසු වන්නේ එය එතරම් ඥාණවන්ත ලෙස සිතා බැලිය යුතු නොවන හෙයිනි. සරලම තර්කය නම් ආරම්භයක් ඇති සියල්ලටම හේතූන් තිබිය යුතු බවය. විශ්වයට ආරම්භයක් තිබිණි; එසේ හෙයින් එයට හේතුවක්ද තිබිණි. මුළු විශ්වයේම පිටත සිටීමට එම හේතුව නම් දෙවියන් වහන්සේය. යම් කෙනෙකුට පැවසිය හැක්කේ සමහර දේවල් වලට හේතුව වෙනත් දේවල් යන්නය. එනමුත් එතුළින් ගැටළුව විසදනු නොලබයි. එයට හේතුව නම් අන් සමහරක් දේ වලට හේතූන් තිබී ඇති අතරම මෙය සදාකාලයටම පැවතිය නොහැක. අප ඉතා සරල නිදසුනක් සලකා බලමු: එනම් ගස් පිළිබදවය. සියලූම ගස් වල පැවැත්ම යම් අවස්ථාවක ආරම්භ විණි. (මන්ද ඒ සියල්ලම සෑම විටකම නොපැවතුනු හෙයින්) සෑම ගසකම ආරම්භය වූයේ බීජයකිනි. (ගසට “හේතුව”) එනමුත් සෑම බීජයකටම ආරම්භයක් තිබුනේ (හේතුව) තවත් ගසකිනිග ගස–බීජය–ගස–බීජය යන අපරිමේය මාලාවක් තිබිය නොහැක්කේ කිසිදු මාලාවක් අපරිමේය නොවන හෙයිනි – එනම් සදාකාලයටම පැවතිය නොහැක. සෑම මාලාවක්ම පරිමේය (සීමිත) වන්නේ නිර්වචනයෙනිග අපරිමේය සංඛ්‍යාවක් ලෙස කිසිවක් නොමැත. මන්ද සංඛ්‍යා මාලාව පවා සීමීතය. (ඔබට ඕනෑම විටක තවත් ඉලක්කමක් එකතු කළ හැකි වුවද සෑම විටකම ඔබ සිටිනු ලබවන්නේ පරිමේය සංඛ්‍යාවකය. අවසානයක් තිබේ නම් එය අපරිමේය නොවේ. සියලූ මාලාවන්ට අවසානයන් දෙකක් තිබේ) සැබවින්ම අවසානයේ සහ ආරමිභයේය. (එක් කොනක් පමණක් ඇති කෝටුවක් ගැන පමණක් සිතන්න) පළමු හේතුවක් නොතිබුණි නම් හේතු සාදක දාමයක් කිසි විටක ආරම්භ නොවන්නට විණි. එසේ හෙයින් ආරම්භයේදී අවම වශයෙන් එක් හේතුවක් වත් එනම් ආරම්භයක් නොමැති එකකුදු හෝ තිබෙන්නට ඇත. ප්‍රථම හේතුව නම් දෙවියන්වහන්සේය.

සිරස් ආකාරය අවබෝධ කර ගැනීමට ඊට වඩා මදක් අපහසු වන නමුත් එය වඩා බලවත්ය. මන්දයත් දෙවියන්වහන්සේට ආරම්භයේදී හේතු සාධක දාමයක් ඇති කළ යුතුවූ බවට පෙන්වා දෙනවා පමණක් නොව උන්වහන්සේ විසින් මේ මොහොතේදීත් තවමත් දේවල් පැවතීමට හේතු ඇති කරවන සේක. නැවතත් අප ආරම්භ කරනු ලබන්නේ දේවල් පවතින බවට සටහන් කර ගනිමිනි. අනතුරුව අප විසින් බොහෝ විට පැවැත්ම “තමන්ගේම” දේපළක් බව සිතීමට උත්සාහ දරන අතර යමක් නිර්මාණය කළ විට පැවැත්ම වනාහී එහි කොටසක් බවට පත් වන බවය එහෙත් එය එසේ නොවේ. ත්‍රිකෝණය සලකා බලන්න. ත්‍රිකෝණයේ ස්වභාවය අපට නිර්වචනය කළ හැක්කේ මේ ආකාරයෙනි. “ලක්ෂ තුනක් යා කිරීමෙන් සකස් කරන ලද තල රූපයක සෘජු සරල රේඛා නොවන සෘජු රේඛා කාණ්ඩයක් ලෙසය.” මෙම නිර්වචනයේ සදහන් නොවන කොටස සැලකිල්ලට ගන්නථ එනම් පැවැත්මය.

ත්‍රිකෝණ කිසිවක් නොපැවතුනත් ත්‍රිකෝණ පිළිබදව නිර්වචනය සත්‍යය වනු ඇතග එසේ හෙයින් ත්‍රිකෝණයේ ස්වභාවය – එය කුමක්ද යන්න – යමක් පවතින බවට සහතික නොකරයි. (කගවේනා) උන් පැවතෙන බව අප දන්නා නමුත්ල ඒ කරණකොටගෙන උන් නොපවතියි– පැවැත්ම ත්‍රිකෝණයේ ස්වභාවයේ කොටසක් නොවන හෙයින් දැනට පවතින්නාවූ යමක් කරණකොටගෙන ත්‍රිකෝණයේ පැවැත්ම ඇති කළ යුතුය. (යම් කෙනෙකු කොල කැබැල්ලක් මත චිත්‍රයත් ඇදිය යුතුය) ත්‍රිකෝණයට හේතුව වෙනත් යමකි – එයටද හේතුවක් තිබිය යුතුය. මෙය සදාකාලයටම පැවතිය නොහැක. (අපරිමේය මාලාවක් නොමැත). එසේ හෙයින් පැවැත්ම අවශ්‍යය නොවන යමක් පැවතිය යුත්තේ අනෙකුත් සියල්ලන්ටම පැවැත්මක් ලබා දීමටය.

මෙම නිදසුන දැන් විශ්වයේ සෑමදෙයකටම අදාල කළ යුතුය. මේවායින් කුමක් හෝ තමන් මතම පවතීද? නැත. එසේ නම් විශ්වයට ආරම්භ කරනු වස් ප්‍රථම හේතුවක් තිබිය යුතු වූවා පමණක් නොවත දැන් එහි පැවැත්මට යමක් ලබා දිය යුතුය. පැවැත්මක් නොලැබෙන එකම දෙය එහි ස්වභාවයටම පවතින දෙයකි. එය වූ කලී පැවැත්මයි. සෑම විටම පවතින යමකට හේතුවක් නොමැත, ආරම්භයක් නොමැත, සීමාවක් නොමැත, කාලයට පිටතින් තිබෙන මෙන්ම අපරිමේය වේ. ඒ යමක නම් දෙවියන්වහන්සේය.

English
නැවතත් සිංහල මුල් පිටුවට
දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි වූ විශ්වවේදීය තර්කය කුමක්ද?