settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය දූෂිතවී ඇත්ද? වෙනස් කර ඇත්ද? සංස්කරණය කර ඇත්ද? සංශෝධිත කර ඇත්ද? කෙලසා ඇත්ද?

පිළිතුර


බයිබලය තුළ අන්තර්ගතවන පරණ ගිවිසුමට අයත් වන්නාවූ පොත් ක්‍රි. පූ. 1400-400 අතර කාලය තුළ ලියවී ඇති බවට අනුමාන කල හැක. අළුත් ගිවිසුමට අයත් පොත් ක්‍රි. ව. 40-90 අතර කාලය තුළ ලියවී ඇති බවට නිගමනය කළ හැක. කෙසේ වූවත් ක්‍රි. ව. 3400 ත් 1900 අතර කාලය තුළ බයිබලය ලියවී ඇත. මෙම කාලය තුළදී බයිබලයේ මුල් පිටපත (අත් පිටපත) නැතිවී තිබුණි. ඒවා තව දුරටත් විද්‍යාමාන වූයේද නැත. ඒ වගේම මෙම කාලය තුළ විටින් විට පිටපත් ගැසුණි. පිටපත් පිට පිටපත්ද සැකසුණි. මෙවැනි අවස්ථාවක බයිබලය අපට තව දුරටත් විශ්වාස කළ හැකිද යන්න ගැටළුවකි?

දෙවියන් වහන්සේ විසින් මූලිකමය වශයෙන් බයිබලය ලිවීමට මනුෂ්‍යා නිර්මානාත්මක කාර්යයට යොමු කිරීමත් සමග, එය දෙවියන් වහන්සේගේ හුස්ම හා අනුභාවය විය (2 තිමෝති 3:16-17; යොහන් 17:17). මෙම අදහස් මුල් පිටපතේ කෘතීන් වලටද අන්තර්ගත කොට ඇත. මෙහිදී වාර්තාකරු (රචකයා) ඉතා සූක්‍ෂමව දෙවන පිටපත තුළට අවධානය දෙනු ලැබීය. කෙසේ වෙතත් කිසිවෙකු අංගසම්පූර්ණ නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතා සුළු අඩු පාඩු මෙම පදයන් තුලින් මතුවිය. දහසක් ග්‍රීක් හා හෙබ්‍රෙව් අත් පිටපත් පවතින අතර මෙම අත් පිටපත් දෙක සර්ව සම බව ක්‍රි. ව. 1500 දී මුල් මුද්‍රණාලය පිහිටුවන තෙක්ම හඳුනාගෙන තිබුණේ නැත.

බයිබලය සියවස් ගාණක් පුරා ඉතා විශිෂ්ට ලෙස ආරක්‍ෂාවී ඇති බව කෙසේ නමුත් පක්‍ෂග්‍රාහි නොවන්නාවූ ඕනෑම ලේඛකයෙකු හෝ උගතෙකු හා වැටහෙන කරුණකි. බොහෝවිට 14 වන සියවස තුළ ක්‍රි. පූ. බයිබලය අතුළත්වන දින වකවානු 3 වන සියවස තුළ ඇති පිටපත් හා සමානකමක් දක්වයි. මළ මුහුද ආශ්‍රිතව සොයා ගනු ලැබූ හකුලත ලියවිලි වල හා අනෙකුත් පෞරාණික පිටපත් අතර ඇති පරණ ගිවිසුමේ සබඳතාවය දුටු උගතුන් ඉතා මවිතයට පත්විය. ඒ කෙසේ දෙයත් එලෙස හමුවූ පෞරාණික ලියවිලි මීට පෙර හමුවූ අන් කිසිඳු ලියවිල්ලකටත් වඩා පැරණි නිසාය. තවද බයිබලය පිළිබඳව සෘජු විවේචන හා විචාරකයින්ගේ මතකයන් වන්නේ අනෙකුත් සියළුම පෞරාණික ලේඛනයන්ට වඩා බයිබලයේ විකාශනය සියවස් ගණනාවක් පැරණි බවයි.

බයිබලය කුමන අයුරකින් හෝ සංස්කරණය කිරීමක්, වෙනස් කිරීමක් හෝ කෙලසීමක් සිදුවී ඇති බවට මේ වන තෙක් කිසිඳු සාක්‍ෂියක් ලැබී නොමැත. ඒ අනුව බයිබලයේ මුල් පිටපත් හා සෘජු ග්‍රන්ථයන් මගින් දේව වචනය විකෘති කිරීමට දරන්නාවූ වෑයම ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරි වේ. කෙසේ වෙතත් බයිබලයේ මූලික සිද්ධාන්තයන් කිසිවක් සැක සහහිත මටිටමකට පත් කිරීමට ඉන් මතුවූ සුළු වෙනස්කම් වලට ඉඩකඩ නොමැත.

නැවත, පෙර ගැටළුව, එනම් අපට බයිබලය විශ්වාස කළ හැකිද? නිසැකවම! දෙවියන් වහන්සේ තම වචනය අනපේක්‍ෂිත අසාරාථකවීම් හා මනුෂ්‍යයා ගෙන් පැන නගින්නාවූ ප්‍රබල විවේචන මගින් ආරක්‍ෂා කොට ඇත. ඒ අනුව අපට, අප දැක පරිහරණය කරන්නාවූ බයිබලය පෙර ලියනු ලැබූ බයිබලයම බවට දැඩි ලෙස විශ්වාස කළ හැක. තවද බයිබලය යනු දේව වචනය බවත් එය අපට නිසැකවම විශ්වාස කළ හැකිය (2 තිමෝති 3:16; මතෙව් 5:18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය දූෂිතවී ඇත්ද? වෙනස් කර ඇත්ද? සංස්කරණය කර ඇත්ද? සංශෝධිත කර ඇත්ද? කෙලසා ඇත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries