settings icon
share icon
ප්‍රශ්නය

සියළුම වෙනස්වූ ආගම් අතරින් නිවැරදි ආගම කුමක්දැයි මා දැන ගන්නේ කෙසේද?

පිළිතුර


ලෝකයේ ඇති වෙනස්වූ ආගම් ගණන අතුරින් කුමන එක නිවැරදි යන්න දැන ගැනීම නිසැකවම අභියෝගයකි. ප්‍රථමයෙන්ම සමස්ත විෂය පිළිබදව අදහස් කිහිපයක් සැලකිල්ලට ගෙන ඉන් අනතුරුව යම් කෙනෙකුට ඒකාන්තයෙන්ම දෙවියන්වහන්සේ පිළිබදව යුක්ති සහගත නිගමනයක් ලබා ගැනීමේ මාතෘකාවට එළඹෙන අන්දම බලමු. සුවිශේෂි වාද විෂයකට ඇති වෙනස්වූ පිළිතුරු පිළිබදව ඇති අභියෝගය, ආගම නමැති මාතෘකාවට අද්විතීය වූවක් නොව. උදාහරණයක් ලෙස ගණිත සිසුවන් 100 ක් හිදගන්නට සලස්වා ඔවුන්ට විසදීමට සංකීර්ණ ගැටළුවක් දුනහොත් සමහර විට බොහෝ දෙනා පිළිතුර වරද්දා ගනිති. එනමුත් ඉන් අදහස් වන්නේ නිවැරදි පිළිතුරක් එයට නොමැති බවද? කෙසේත්ම නැත. පිළිතුර වරද්දා ගත්තවුන්ට නිතැතින්ම ඔවුන්ගේ දෝෂය සහ නිවැරදි පිළිතුර කරා එළඹීමට අවශ්‍යය කරන්නාවූ ශිල්පක්‍රම පෙන්වා දිය යුතුවේ.

දෙවියන්වහන්සේ පිළිබදව සත්‍යය කරා අප ලගා වන්නේ කෙසේද? සත්‍යය දෝෂයෙන් වෙන් කර ගැනීම සදහා නිර්මාණය වූ ක්‍රමානුකූල විධික්‍රමයක් අප භාවිතා කරන්නේ සත්‍යය පිළිබදව විවිධ පරීක්ෂණ යොදාගනිමිනි, එහි අවසාන ප්‍රතිඵලය නම් යුක්ති සහගත නිගමනයන් කට්ටලයකි. විද්‍යාඥයෙක් පරීක්ෂණාගාරයකට ගොස් කිසිඳු ගැලපීමක් හෝ හේතුවක් නොමැතිව ද්‍රව්‍යය මිශ්‍ර කිරිමට ආරම්භ කලහොත් එහි අවසාන ප්‍රතිඵලය කුමක්වේද? එසේ නැතහොත් වෛද්‍යවරයකු රෝගියකුට සුව කිරීමේ අරමුණෙන් අහඹු ලෙස යොදාගෙන ප්‍රතිකාර කිරීමට ආරම්භ කලහොත්? විද්‍යාඥයා හෝ වෛද්‍යවරයා කිසි විටක මෙවැනි උපගමනයක් යොදා නොගනීයි. ඒ වෙනුවට ඔවුන් යොදා ගන්නා ක්‍රමානුකූල විධික්‍රමයන් නම් විධිමත්ල න්‍යයානුල සාක්ෂිමය සහ ඔප්පු කරන ලද යුක්ති සහගත අවසාන ප්‍රතිඵලයක් උපයා දෙන්නකි.

මෙය මෙසේ වී තිබියදී දේව ධර්මය ගැන සිතන්නේ මන්ද – දෙවියන්වහන්සේ පිළිබදව අධ්‍යයනය – එහි යම් වෙනසක් තිබිය යුතුද? එය අහම්බෙන් ඇති වන සහ අවිනීත මාර්ගයන් උපගමනය කොට තවමත් යුක්ති සහගත නිගමනයක් උපයා ගන්නේ කෙසේද යන්න විශ්වාස කරන්නේ මන්ද? අභාග්‍යකට මෙන් බොහෝ අය විසින් වැළදගන්නාවූ උපගමනය නම් මෙය වන අතර ආගම් බොහෝමයක් පවතින්නේ මේ හේතුව නිසාය. මෙය මෙසේ ප්‍රකාශ කර තිබෙද්දී දෙවියන්වහන්සේ පිළිබදව සත්‍යය නිගමනයක් කරා එළඹි යුතු ආකාරය පිළිබදව ප්‍රශ්නයට අප දැන් පෙරළා එමු. කුමන ක්‍රමානුකූල උපගමනයක් භාවිතා කළ යුතුවේද? ප්‍රථමයෙන්ම අප තහවුරු කර ගත යුත්තේ සත්‍යය හිමිකම් පරීක්ෂා කිරීමේ සැකිල්ලකිල ඉන් අනතුරුව නිවැරදි නිගමනයකට එළඹීමට අනුගමනය කිරීම පිණිස මාර්ග සිතියමක් අවශ්‍යයවේ. භාවිතා කිරීමට සුදුසු රාමුවක් පහත සඳහන්වේ.

(1) න්‍යයානු ස්ථීරභාවය
විශ්වාස පද්ධතියක හිමිකම් න්‍යායානුකූලව එකිනෙකට අනුකූල විය යුතු අතර ඒවා කිසිඳු ආකාරයට ප්‍රතිවාචනය නොවිය යුතුවේ. උදාහරණයක් ලෙස බුද්ධ ධර්මයේ ඉලක්කය නම් තමන්ගේ සියළුම ආශාවන් වලින් ඉවත් වීමය. තවද තමන්ගේ සියළුම ආශාවන් වලින් ඉවත් වීමට කෙනෙකුට කැමැත්තක් තිබිය යුතුවේ. මෙය පරස්පර සහ අතර්කානුකූල මූලධර්මයකි.

(2) ආනුභාවික ප්‍රමාණවත් භාවය
විශ්වාස පද්ධතිය තහවුරු කිරීම පිණිස සාධක තිබේද? (මෙම සාධක තර්කාන්විතදල බාහිරව සාක්ෂිමයද යනාදිය) ස්වභාවයෙන්ම වැදගත් හිමිකම් වලට සාක්ෂ්‍යය අවශ්‍යය වීම යුක්ති සහගත වන්නේ මෙම නිශ්චිත ප්‍රකාශනය ස්ථිර කරගැනීම පිණිසය. උදාහරණයක් ලෙස මෝර්මන්වරු විසින් උගන්වනු ලබන්නේ යේසුස්වහන්සේ උතුරු ඇමරිකාවේ ජීවත් වූ බවය. කෙසේ නමුත් නිසැකවම එවැනි හිමිකම් තහවුරු කිරීම පිණිස පුරාවිද්‍යාත්මකව හෝ වෙන යම් ආකාරයක සාක්ෂ්‍යය නොමැත.

(3) සාංදෘෂ්ටික අනුකූලතාවය
විශ්වාස පද්ධතිය අප දන්නා ආකාරයට යථාර්තයට අනුකූල විය යුතු අතර එය පාක්ෂිකයන්ගේ ජීවිතයේ අර්ථවත් වෙනසක් ඇති කල යුතුවේ. උදාහරණයක් ලෙස දේව වාදය හිමිකම් පාන්නේ දෙවියන්වහන්සේ කැරකෙන්නාවූ ලෝකය විශ්වයට විසි කර දමා එහි ජීවත් වෙන්නවුන් හා සමග අන්‍යේන්‍ය සහභාගිත්වයක් නොදරන බවය. මෙවන් විශ්වාසයක් යම් කෙනෙකුට එදිනෙදා ප්‍රකාරයට බලපාන්නේ කෙසේද? කෙටියෙන්ම කිවහොත් එය එසේ වන්නේ නැත.

ඉහත සඳහන් රාමුව ආගම නමැති මාතෘකාවට අදාළ කල විට යම් කෙනෙකුට දෙවියන්වහන්සේ පිළිබදව නිවැරදි දර්ශනයක් ලබා ගැනීමට මග පෙන්වනු ලබනවා මෙන්ම ජීවිතයේ විශාලම ප්‍රශ්න 4 ට පිළිතුරු ඉන් ලබා දේ:

1 මූලාරම්භය – අප පැමිණියේ කොහෙන්ද?
2 ආචාර ධර්ම – අප ජීවත් වන්නේ කෙසේද?
3 අදහස – ජීවීතයේ අභිමතාර්ථය කුමක්ද?
4 ඉරණම – මනුෂ්‍යය වර්ගයා පෙරටු වන්නේ කොතැනකටද?

යමි කෙනෙකු මෙම රාමුව දෙවියන්වහන්සේ පිළිබද පරිශ්‍රීලනයට අදාල කරගන්නේ කෙසේද? යම් කෙනෙකුට යොදා ගත හැකි ඉතා උතුම්ම උපායණැන නම් පියවරෙන් පියවර ඇති ප්‍රශ්න / පිළිතුරු උපගමනයකි. භව්‍ය ප්‍රශ්න ලයිස්තුව පටු කිරීමෙන් පහත සඳහන් දේ උපදවනු ලබයි.

1 පරම සත්‍යය පැවතේද?
2 හේතුව සහ ආගම මිශ්‍රවේද?
3 දෙවියන්වහන්සේ වැඩ සිටින සේක්ද?
4 දෙවියන්වහන්සේව දැන ගත හැකිද?
5 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේද?
6 දෙවියන්වහන්සේ මා ගැන සලකන සේක්ද?

ප්‍රථමයෙන්ම අප දැන ගත යුත්තේ පරම සත්‍යය පැවතේද යන්නය. එය එසේ නොවේ නම් අපට කිසිවක් ගැන සහතික විය නොහැක (අධ්‍යාත්මිකද නැත්ද යන්න) අප අවසාන වන්නේ අඥේයවාදීයෙක් ලෙස හෝ අපට කිසිවක් ඉඳුරාම දැන ගත හැකිද යන්න පිළිබදව සහතිකයක්ද නැත, නොඑසේත් නම් සියළුම තත්වයන් පිළිගන්නාවූ බහූත්ව වාදියෙකු වන්නේ නිවැරදි දේ කුමක්ද, එවැනි දෙයක් ඇත්ද යන්න පිළිබදව අපට සහතිකයක් නොමැති නිසාවෙනි.

පරම සත්‍යය නිර්වචනය කරනු ලබන්නේ යථාර්තයට ගැළපෙන යමක් ලෙසත්ල විෂය වස්තුවට අනුරූප වන ලෙසත් එය ඒ ආකාරයෙන්ම පවසන්නක් ලෙසත්ය. අන් සමහරක් පවසන්නේ පරම සත්‍යය යන්නක් නොමැති බවයල නමුත් එවැනි ස්ථාපිතයක් ගැනීම තුළින් සවයං පරාජිත ස්වභාවයකට පත්වේ. උදාහරණයක් ලෙස සාපේක්ෂිතයා පවසන්නේ සියළු සත්‍යයන් සාපේක්ෂ බවයල එසේ වූවත් කෙනෙකු ඇසිය යුත්තේ එම ප්‍රකාශනය පරම වශයෙන් සත්‍යයද යන්නයි. එසේ නම් පරම සත්‍යය පවතියිත එසේ නොවේ නම් එය සැලකිල්ලට භාජනය කරන්නේ මන්ද? පශ්චාත් නූතනවාදය සත්‍යය තහවුරු නොකරයි, එසේ වූවත් එය යටත් පිරිසයෙන් එක් පරම සත්‍යයක් හෝ තහවුරු කරනු ලබයිත පශ්චාත් නූතනවාදය සත්‍යයවේ. අවසානයේදී පරම සත්‍යය ප්‍රතික්ෂේප නොකරනු ලබන දෙයක් බවට පත්වේ.

තවද පරම සත්‍යය වූ කලී ස්වභාවයෙන්ම පටු වන අතර එය ප්‍රතිවාදය බැහැර කරනු ලබයි. වෙනත් කිසිඳු පිළිතුරක් භව්‍ය නොවන හෙයින් දෙක ධන දෙක හතරට සමානවේ. මෙම කරුණ ඉතාමත් උග්‍ර වන්නේ වෙනස් ආකාර විශ්වාස ක්‍රමයන් සහ විශ්ව දරශණ සසදන විටය. එක් විශ්වාස ක්‍රමයක සනාථ කරන ලද සංඝටක ඇත්නම් ඒ හා සමග තරග කරන්නාවූ තවත් යම් විශ්වාස ක්‍රමයක හිමිකම් පටහැනි වී තිබේ නම් ඒවා අසත්‍යයවේ. අපගේ මනසෙහි තබා ගත යුත්තක් නම් අවංක කමෙන් සහ ආශාවෙන් පරම සත්‍යයට බලපෑමක් ඇති නොවන බවයග කුමන අයෙක් කෙතරම් අවංක කමකින් හෝ බොරුවක් වැළද ගත්තත් එම බොරුව එසේමය. ලෝකයේ කිසිම ආශාවකට අසත්‍යය දෙයක් සත්‍යය බවට පත් කළ නොහැක.

පළමුවන ප්‍රශ්නයට පිළිතුර නම් පරම සත්‍යය පවතින බවය. මෙම තත්වය මෙසේම තිබියදී අඥෙයවාදයල පූර්ව නූතනවාදයල සාපේක්ෂතාවාදය සහ සංශයවාදය වූ කලී අසත්‍යය ස්ථාපිතයන්ය.

මෙතුලින් අපට මගපෙන්වනු ලබන්නේ හේතුව සහ තර්කය ආගම හා සම්බන්ධ කටයුතු වලට යොදාගත හැකිද යන ඉක්බිති ප්‍රශ්ණයටය. සමහරුන් ප්‍රකාශ කරනු ලබන්නේ එය කළ නොහැක්කක් ලෙසය. එහෙත් නොහැකි වන්නේ මන්ද? සත්‍යය නම් අධ්‍යාත්මික හිමිකම් පරීක්ෂා කිරීමේදී තර්කය අත්‍යවශ්‍යය වන්නේ සමහර හිමිකම් බැහැර කොට අනෙකක් වැළද ගනු ලබන්නේ මන්ද යන්න අපට තේරුම් ගැනීමට උපකාරවීම පිණිසය. තර්කය වූ කලී උදක්ම උග්‍ර වන්නේ බහුත්වවාදය කොටස් කිරීම කරණකොටගෙනය. (මින් ප්‍රකාශ වන්නේ සියළුම සත්‍යය හිමිකමි එකිනෙකට විරුද්ධ වූවද ඒවා)

උදාහරණයක් ලෙස ඉස්ලාම් ධර්මය සහ යුදෙව් ආගම හිමිකම් පාන්නේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ නොවන බවය. එහෙත් ක්‍රිස්තියානි ආගම උන්වහන්සේ එසේ වන බවට හිමිකම් පායි. තර්ක ශාස්ත්‍රයේ මධ්‍යය න්‍යායක් වන්නේ අවිසංවාදය නමැති න්‍යායයිල ඉන් ප්‍රකාශ වන්නේ යම් දෙයක් එකම අවස්ථාවේදි සහ එකම අතට “A” වන්නත් “A” නොවන්නත් නොහැකි බවයි. මෙම න්‍යාය යුදෙව් ආගම ඉස්ලාම් ධර්මය සහ ක්‍රිස්තියානි ආගමට අදාළ කළහොත් එකක් සත්‍ය වන අතර අනෙක් දෙකම අසත්‍යයවේ. යේසුස්වහන්සේට දෙවියන්වහන්සේ වන්නත් දෙවියන්වහන්සේ නොවන්නත් නොහැකග සුදුසු ලෙස භාවිතා කළහොත් තර්කය යනු බහුත්වවාදයට එරෙහි වන බලසම්පන්න ආයුධයක් වන්නේ විපරිත සත්‍යය හිමිකම් සත්‍යය සහ අසත්‍යය විය නොහැකි බව පැහැදිලිවම පෙන්නුම් කෙරේ. මෙම අවබෝධය “ඔබට සත්‍යය වන නමුත් මා හට එසේ නොවේ” යන සම්පූර්ණ මනෝ විහිතිය පෙරළා ඇද දමයි.

බහුත්වවාදීන් විසින් භාවිතා කරනු ලබන “සියළු මාර්ග කඳු මුදුන් වලට මග පෙන්වයි” යන සම්පූර්ණ උපමිතිය තර්කය මගින් පහ කරනු ලබයි. තර්ක ශාස්ත්‍රය මගින් පෙන්වනු ලබන්නේ සෑම විශ්වාස ක්‍රමයකම අවසානයේදී අන්තගාමී විවිධ පිහිටුම් කරා යොමු කරනු ලබන තමාටම ආවේණික වූ සළකුණු රාශියක් ඇත. තර්ක ශාස්ත්‍රය මගින් පෙන්වනු ලබන්නේ අධ්‍යාත්මික සත්‍යය පිළිබද සෙවුමේ නිසි නිදර්ශනය බොහෝ අතට පැටලිලි සහිත මාර්ගයක් වන බවය – එක් මගක් සත්‍යය කරා ළගා වන අතර අනෙකුත් සියල්ල ළගා වන්නේ පියැවි අගකටය. සියළු ඇදහිලි වල මතුපිටින් සමරූපතාවයන් තිබිය හැකි නමුත් ඒවාවන්හී මධ්‍ය මතවාදයන් ගත් කළ ඉතා විශාල ආකාරයෙන් වෙනස්වේ.

අවසාන නිගමනය නම් හේතුව සහ තර්කය ආගම පිළිබද කරුණු වලදී භාවිතා කළ හැක. එම කරුණ එසේ තිබියදී බහුත්වවාදය (සියළු සත්‍යය හිමිකම් සමව සත්‍යය සහ වලංගුවේ යන විශ්වාසය) අත්‍යන්තයෙන් ප්‍රත්විරුද්ධ සත්‍යය හිමිකම් සියල්ලම නිවැරදි බව විශ්වාස කිරීම අතාර්කානූකූල සහ පරස්පර හෙයින් එය කළ නොහැක්කක් ලෙස බැහැර කර ඇත.

ඉක්බිති පැමිණෙන්නේ විශාල ප්‍රශ්ණයයි: දෙවියන්වහන්සේ වැඩ සිටින සේක්ද? අසේවවාදීන් සහ ස්වභාවවාදීන් (භෞතික ලෝකය සහ විශ්වයෙන් ඔබ්බට කිසිවක් විශ්වාස නොකරන්නවුන්) “එසේ නැතැයි” ප්‍රකාශ කරති. මෙම ප්‍රශ්ණය පිළිබද විවිධ කාණ්ඩයන් ලියා තිබෙන අතරෙහි ඉතිහාසය පුරාවටම විවාදයන් මහත් වේගයකින් පැතිරී තිබුනත් එයට පිළිතුරු දීමට එතරම් අපහසු නොමැත. මෙයට නිසි අවධානයක් දීම පිණිස ඔබ විසින් ප්‍රථමයෙන් මෙම ප්‍රශ්නය ඇසිය යුතුවේ: අපට කිසිවක් නොමැති වන්නේ නැතිව යමක් ඇත්තේ මන්ද? වෙනත් වචන වලින් කිවහොත් ඔබ සහ ඔබ අවට ඇති සියල්ලම මෙහි පැමිණියේ කෙසේද? දෙවියන්වහන්සේ උදෙසා ඇති වාදය ඉතා සරල ආකාරයට මෙසේ ඉදිරිපත් කළ හැක.

15 යමක් පැවතෙයි.
ඔබට කිසිවක් නොමැතිව යමක් ලබා ගත නොහැක.
එසේ හෙයින් අවශ්‍යය සහ සදාකාලික ජීවයක් පවතියි.

ඔබ පවතින බව ප්‍රතික්ෂේප කළ නොහැක්කේ ඔබගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට ඔබ පැවතිය යුතුවේ. (එය ස්ව පරාජයකි) එබැවින් ඉහත සදහන් ප්‍රථම උපනය සත්‍යයවේ. ඔබට කිසිවක් නොමැතිව යමක් ලබා ගත නොහැකි බව කිසිවකු විශ්වාස නොකරයි. (උදාථ ලෙස “ශූන්‍යය” විශ්වය ඇති කල බව) එබැවින් දෙවන උපනය සත්‍යයවේ. එසේ හෙයින් තෙවන උපනයද සත්‍යය විය යුතුවේ – සියළු දේ පිළිබද වගකිව යුතු සදාකාලික ජීවයක් පැවතිය යුතුමය.

මෙම තත්වය නම් කිසිවක් නොසිතන්නාවූ අදේවවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන්නකි. ඔවුන් විසින් හිමිකම් පාන්නේ විශ්වය වූ කලී සදාකාලික ජීවියකු බවය. කෙසේ නමුත් එම ඉරියව්වේ ඇති ගැටළුව නම් සියළුම විද්‍යාත්මක සාධක යොමු කරන්නේ විශ්වයට ආරම්භයක් තිබූ බවය. (මහ පිපුරුම). ආරම්භයක් ඇති සියල්ලටම හේතුවක් තිබිය යුතුය; එසේ හෙයින් විශ්වයට හේතුවක් තිබූ අතර එය සදාකාලික නොවේ. මන්දයත් සදාකාලිත්වයේ ප්‍රභවයන් දෙක නම් සදාකාලික විශ්වය (එය අසත්‍යය බව සනාථ වී ඇත) සහ සදාකාලික මැවුම්කරුවෙකුය, එකම තර්කානුකූල නිගමනය නම් දෙවියන්වහන්සේ පවතින බවය. දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබද ප්‍රශ්නයට අස්ත්‍යර්ථ ලෙස පිළිතුරු දීම කරණකොටගෙන අදේවවාදය වලංගු විශ්වාස ක්‍රමයක් නොවන ලෙස බැහැර කර ඇත.

එවිට මෙම නිගමනයෙන් කොයි ආකාර දෙවි කෙනෙකු පවතීයිද යන්න ප්‍රකාශ නොකළත් මව් තයකට මෙන් ඉන් එක් කරුණක් පිස දමනු ලැබේ. එනම් සියළු සර්වේශ්වරවාදී ආගම් නොපවතින ලෙසට බැහැර කර හැරීමයි. සියළුම සර්වේශ්වරවාදී ලෝක මත වලින් ප්‍රකාශ කරනු ලබන්නේ විශ්වය දෙවියන් බව සහ එය සදාකාලික බවත්ය. මෙම සියළු ස්ථිර ප්‍රකාශන අසත්‍යයවේ. එසේ හෙයින් හින්දු ධර්මය බෞද්ධ ධර්මය ජෛන ධර්මය සහ අනෙකුත් සියළු සර්වේශ්වරවාදී ආගම් වලංගු විශ්වාස ක්‍රමයන් නොවන ලෙස බැහැර කර ඇත.

තවද විශ්වය මැවූ දෙවියන්වහන්සේ පිළිබද සිත් ගන්නා කරුණු කිහිපයක් අපට ඉගෙන ගත හැකග උන්වහන්සේ:

• ස්වභාවයෙන්ම අධිස්වභාවිකය. (උන්වහන්සේ පවතින්නේ එතුමන්ගේ මැවිල්ලෙන් බාහිරවයග)
• විශ්වාස කළ නොහැකි ලෙස බලසම්පන්නය. (දැනුවත්ව ඇති සියල්ල නිර්මිණය කර තිබීම)
• සදාතනිකය (ස්වයං පැවැත්මක් ඇතල උන්වහන්සේ පවතින්නේ කාලය සහ අභ්‍යාවකාශයෙන් පරිබාහිරවය)
• සර්වව්‍යාපී (උන්වහන්සේ අභ්‍යාවකාශය නිර්මාණය කළත් එයට සීමාවී නැත.)
• සදාකාලික සහ නොවෙනස්වන්නාවූ (කාලය මැවිවේ එතුමන්ය)
• අද්‍රව්‍යමය (උන්වහන්සේ අභ්‍යාවකාශයද ඉක්මවා යන හෙයිනි)
• පෞද්ගලිකය (අපුද්ගලයකුට පෞරුෂත්වයක් නිර්මාණය කළ නොහැක)
• අවශ්‍යය (අනෙකුත් සියල්ලම රදා පවතින්නේ උන්වහන්සේ මතය)
• අපරිමිතය සහ අසහායය (අපරිමිතයන් දෙකක් තිබිය නොහැක)
• විවිධ නමුත් ඒකත්වයක් ඇත. (ස්වභාවධර්මය විවිධත්වය ප්‍රදර්ශනය කරයි)
• ඥාණවන්තය (සියල්ලම නිර්මාණය කිරීම සඳහා උත්තරීතරය)
• අභිමතාර්ථයක් සහිතය. උන්වහන්සේ සියල්ලම නිර්මාණය කළේ ඉතා ඕනැකමින්ය.
• සදාචාරයවේ. (නීතිසම්පාදකයකු නොමැතිව කිසිඳු සදාචාර නීතියක පැවැත්මක් නැත)
• සැලකිලිමත්ය. (එසේ නොවුනා නම් කිසිඳු සදාචාර නීතියක් නොදෙන්නට තිබිනි)

මෙම ජීවය විදහාපාන චරිත ලක්ෂණ බොහෝ දුරට යුදෙව් ආගමේ, ඉස්ලාම් ධර්මයේ සහ ක්‍රිස්තියානි ආගමේ දෙවියන්වහන්සේට අනුරූප වන අතර සිත්ගන්නා දේ නම් ඉවත ලන ලද අදේවවාදය සහ සර්වේශ්වරවාදය හැරුනු කොට ස්ථාවරව පවතින මධ්‍යය ඇදහිලි ක්‍රමයන්වේ ඒවාවේ. ජීවිතයේ (මූලයේ) විශාලතම ප්‍රශ්න වලට පිළිතුරු දැන් ලැබී ඇත. අප පැමිණයේ කොහෙන්ද යන්නට අප දැන් දන්නේමුව.

එය ඉක්බිති ප්‍රශ්නයට යොමු කරනු ලබයිත අපට දෙවියන්වහන්සේව දැන ගත හැකිද? මේ අවස්ථාවේදී ආගමට ඇති අවශ්‍යයතාවයට වඩා වැදගත් දෙයකින් ප්‍රතිස්ථාපනයවේ. එනම් එළිදරව්වට ඇති අවශ්‍යයතාවයවේ.

මෙම දෙවියන්වහන්සේව මිනිස් වර්ගයාට දැන ගැනීමට නම් තම මැවිල්ලට තමන්වහන්සේ අනාවරණය කිරීම එතුමන්ට අයිති දෙයකිග යුදෙව් ආගමල ඉස්ලාම් ධර්ම සහ ක්‍රිස්තියානි ආගම යන සියල්ලම හිමිකම් පාන්නේ දෙවියන්වහන්සේ විසින් මිනිසාට දුන් එළිදරව් කිරීම් සඳහන් කළ ග්‍රන්ථයක් ඇති බවය එනමුත් ප්‍රශ්නය නම් ඉන් කුමක් (එකක් හෝ ඇත්නම්) සත්‍යය වශයෙන්ම නිවැරදිද යන්නයි. සුළු වෙනස්කම් පසෙක දමමින් මතභේදයට තුඩු දෙන මධ්‍ය කොටස් 2 නම් (1) බයිබලයේ නව ගිවිසුම (2) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් තැනැත්තා. ධර්මය සහ යුදෙව් ආගම යන දෙකම බයිබලයේ නව ගිවිසුම අසත්‍යය බවට හිමිකම් පාන අතර යේසුස්වහන්සේ ශරීරයකින් යුතු දෙවියන්වහන්සේ බව ආගම් දෙකම ප්‍රතික්ෂේප කරන අතර ක්‍රිස්තියානි ආගම මේ කරුණු දෙකම සත්‍යය බවට තහවුරු කරනු ලබයි.

ක්‍රිස්තියානි ආගමේ ඇති ඉතා විශාල සාක්ෂ්‍යය ප්‍රමාණයට ගැළපෙන තරම් මේ ග්‍රහලෝකයේ වෙන එක් ඇදහිල්ලක හෝ නොපවතියි. අතිවිශාල පුරාණ අත් පිටපත් සිට සියැසින් දුටු සාක්ෂ්‍යකරුවන්ගේ ජීවිත කාලයේදී කාලනිර්ණය කරන ලද ලියකියවිලි දක්වාද, (සමහරුන් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයට වසර 15 කට පමණ පසුව) වාර්තාවන්හී බහුලතාවය දක්වාද (නව ගිවිසුමේ පොත් 27 ට කර්තෘ 9 දෙනෙකි– පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යය දක්වා නව ගිවිසුමේ සඳහන් වන කිසිඳු හිම්කමකට ඉහත කී කිසිවක් ප්‍රතිවාචනය නොකෙරේ මන්ද යත් අපෝස්තුළුවරුන් මරණයට පත් වූයේ යේසුස්වහන්සේ කළ ක්‍රියාවන් දැක තිබුනු බවත් එතුමන් මරණයෙන් නැවත නැගුටුනාට අනතුරුව බවත් ඒ සියළුම හිම්කම් වලට අනුබල දීම පිණිස ඒවාට සාධක ක්‍රිස්තියානි ආගම සපයා දෙයි. නව ගිවිසු ඓතිහාසික සත්‍යතාවය - එනම් සැබෑවූ සිදුවීම් වල හටගැනීම් අනුව ඒවාහී සත්‍යය වාර්තාවන් පැමිණවීම – සියළුම සාක්ෂ්‍යය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව එළඹිය හැකි එකම නිවැරදි නිගමනයවේ.

අප යේසුස්වහන්සේ පිළිබද කල්පනා කරන විට යම් කෙනෙකුට කුතුහලයක් ඇති වන්නේ උන්වහන්සේ මාංශමය දෙවියන්වහන්සේ බවට හිමිකම් දරා ඇති හෙයිනි. යේසුස්වහන්සේ තමා විසින්ම ප්‍රකාශ කළ වචන (උදා: ලෙස ආබ්‍රහම් උපත ලබන්නට ප්‍රථම මා එසේ විය) එතුමන්ගේ ක්‍රියාවන් (උදා: ලෙස පාප කමා කිරීම, නමස්කාරය පිළිගැනීම) එතුමන්ගේ පාප රහිත සහ ආශ්චර්යමත් ජීවිතය (මෙතුලින් උන්වහන්සේගේ සත්‍යය හිමිකම් ප්‍රතිවිරුද්ධ හිමිකම් හමුවේ සනාථ කරන ලදී) සහ එතුමන්ගේ නැවත නැගිටීමද එතුමන් දෙවියන්වහන්සේ බව යන හිමිකමට පිටුවහලක්වේ. නව ගිවිසුමේ රචකයන් ඔවුන්ගේ රචනා තුළින් මෙම කරුණ විටින් විට තහවුරු කරන ලදහ.

එසේ නම් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ නම් එතුමන් ප්‍රකාශ කරනු ලබන දේ සත්‍යය විය යුතුය. දේව වචනයේ ප්‍රකාශිත සියල්ලම මුලා නොවූ සහ සත්‍යය බව යේසුස්වහන්සේ ප්‍රකාශ ඇත්නම් (උන්වහන්සේ එසේ කළ සේක) මෙයින් අදහස් කෙරෙන්නේ දේව වචනයෙන් ප්‍රකාශ කරනු ලබන සියල්ලම සත්‍යය බවය. අප දැනටමත් ඉගෙන ගෙන ඇති පරිදි තරග වදින්නාවූ සත්‍යය හිමිකම 2 ක් එක වර නිවැරදි විය නොහැක. එසේ හෙයින් ඉස්ලාමීය කුරාණයේ හෝ යුදෙව් ආගමේ ලියවිලි බයිබලය හා ප්‍රතිවාචනය වේ නම් ඒවා සත්‍යය විය නොහැක. ඉස්ලාම් ධර්මය සහ යුදෙව් ආගම යන දෙකම අසාර්ථක වන්නේ ඒ දෙකෙන්ම පවසන්නේ යේසුස්වහන්සේ ශරීරමයවූ දෙවියන්වහන්සේ නොවන බවය. එනමුත් සාක්ෂ්‍යය වලින් වෙනත් යමක් පවසයි. අපට දෙවියන්වහන්සේව සැබවින්ම දැන ගත හැකි හෙයින් (එතුමානන් තමන් වහන්සේව දේව වචනයෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ තුළින් අනාවරණය කළ නිසා) සියළු ආකාර අඥෙයවාදයන් නිශ්ප්‍රභා කරන ලදහ. අවසාන වශයෙන් ජීවිතයේ තවත් විශාල පැණයකට පිළිතුරු ලැබේ. එනම් සදාචාරයයි මනුෂ්‍යය වර්ගයා ජීවත් විය යුතු ආකාරය පිළිබදව පැහැදිලි උපදෙස් බයිබලයේ අන්තර්ගතවේ.

එම බයිබලයම ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයා ගැන අතිශයින් සලකන බවත් සියල්ලන්ම එතුමන්ව ඉතා සුහදව දැන ගැනීම එතුමන්ගේ පැතුම බවත්ය. ඇත්ත වශයෙන්ම කිවහොත් එතුමන්ගේ එතරම සැලකීම හේතුවෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ලැබුවේ උන්වහන්සේගේ මැවිල්ලට එතුමන් කෙසේද යන්න විදහා දැක්වීම පිණිසය. බොහෝ මිනිසුන් දෙවියන් වීමට උත්සාහ කළ නමුදු මනුෂ්‍යයකු වීමට උත්සාහ කලේ එක් දෙවි කෙනෙකු පමණකි. මන්දයත් උන්වහන්සේ බොහෝ සේ ප්‍රේම කළාවූ උන්වහන්සේගේ සදාකාලිත්වයෙන් වූවන්ව ගළවා ගැනිම පිණිසය. මෙම කරුණෙන් ආදර්ශණය කරනු ලබන්නේ ක්‍රිස්තියානි ආගමේ

සාංදෘෂ්ඨික අනුකූලතාවය සහ ජීවිතයේ අවසාන විශාල පැණ 2ට පිළිතුරු ලබාදේ – අර්ථය සහ ඉරණමග සෑම කෙනෙකුම දෙවියන්වහන්සේ විසින් සැලසුමි කර ඇත්තේ යමි අරමුණක් උදෙසායල එසේම සෑම කෙනෙකුම තමා වෙනුවෙන්ම ඇති ඉරණමක් ඇත – එනමි දෙවියන්වහන්සේ හා සමග සදාකාල ජීවනය හෝ උන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමයග මෙම අනුමිතිය :ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ මනුෂ්‍යත්වය ලැබීම– දේවවාදය නිශ්ප්‍රභා කරනු ලබයිල මන්ද එයින් ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයාගේ කාරණා පිළිබද කිසිඳු උද්යෝගයක් නොදක්වන බවය.

අවසාන කොට දෙවියන්වහන්සේ පිළිබද පර්යන්ත සත්‍යය සොයා ගත හැකි බව අපට පෙනී යයි. (එමෙන්ම ලෝකාන්වේෂණ අවුල් ජාලා සාර්ථක ලෙස මග හසුරුවන ලබන්නේ විවිධ සත්‍යය හිමිකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වන අතර සියළු මිථ්‍යාවන් ක්‍රමාණුකූලව පසකට තල්ලූ කිරීමෙන් සත්‍යය පමණක් ඉතිරිවේ. තර්කානුකූල අනුරූපත්වයේ නිසි පරීක්ෂණ භාවිතා කිරීම, ප්‍රත්‍යක්ෂමූලක ප්‍රමාණවත්භාවයල සාංදෘෂ්ඨික අනුකූලතාවය නිවැරදි ප්‍රශ්න ඇසීමත් සමග එකතු වීමෙන් ආගම සහ දෙවියන්වහන්සේ පිළිබද සත්‍යය සහ යුක්ති සහගත නිගමන පවරාදේ. යම්කිසි දෙයක් විශ්වාස කිරීමට එකම හේතුව එය සත්‍යය වීම බවත් වෙන කිසිවක් නොවන බවත් සියල්ලන්ම එකග විය යුතුය. ශෝකයකට මෙන් සත්‍යය විශ්වාසය නම් ස්ව කැමැත්තේ කාරණාවකි, කෙතරම් තර්කානුකූල සාක්ෂ්‍යයන් පිළි ගැන්වූවත් සමහරුන් ජීවමානව සිටින දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කර එතුමන් හා සමග එකමුතු වීමට ඇති එකම සත්‍යය මාර්ගය මග හරවා ගනිති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සියළුම වෙනස්වූ ආගම් අතරින් නිවැරදි ආගම කුමක්දැයි මා දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries