settings icon
share icon
ප්‍රශ්නය

මම ක්‍රිස්තියානි ධර්මයට හැරෙන්නේ කෙසේද?

පිළිතුර


පිලිපියේ ග්‍රීක මනුෂ්‍යයෙක් ඊට සමාන ප්‍රශ්නයක් පාවුල් සහ සීලස් ගෙන් අසනු ලැබුවා. අපි අඩුම තරමින් මෙම මිනිසා පිළිබඳව කරුණු තුනක් දනී. ඔහු සිරගෙයි මුලාදෑනියෙක්,දේවතා රූප වඳින්නෙක් හා බලාපොරොත්තු රහිත පුද්ගලයෙක් විය. පාවුල් ඔහුව නොවැලැක්වූයේ නම් ඔහු දිවිනසා ගන්නටද ගියේය. එම අවස්ථාවේදී තමයි එම මිනිසා විචාලේ “ගැලවීම ලැබීමට මම කුමක් කළ යුතුද?” (ක්‍රියා 16:30).

එම මිනිසාගේ ප්‍රශ්නයෙන්ම අපට පැහැදිලිවන දෙය නම් ඔහුට ගැලවීම අවශ්‍ය බව ඔහු තේරුම් ගෙන තිබීමයි-ඔහුගේ ජීවිතයට ඔහු දුටුවේ මරණය පමණි, එම නිසා ඔහුට උපකාරය අවශ්‍යව තිබිණි. ඔහු පාවුල් සහ සීලස්ගෙන් ඇසූ ප්‍රශ්නයෙන් පැහැදිලි වන්නේ ඔහු විශ්වාස කළා ඔවුන් ළඟ ඊට පිළිතුර ඇති බව.

පිළිතුර ඉතා සරළ විය: “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගන්න එවිට නුඹ ගැලවෙන්නෙහිය (31 පදය). එම බයිබල් කොටසෙහි ඉදිරියට බැලුව හොත් මනුෂ්‍යා විශ්වාස කිරීම හා හැරීම පිළිබඳව සඳහන් කරයි. එදා සිට ඔහුගේ ජීවිතය යහපත් වෙනසක් පැවතුණි.

එම මිනිසාගේ හැරීම ඇදහිල්ල (විශ්වාසය) මත පදනම් විය. ඔහුට කිරීමට සිදුවන්නේ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට පමණි. මනුෂ්‍යා විශ්වාස කරා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව (“ස්වාමින් වහන්සේ”) එමෙන්ම ලියවිල්ල සම්පූර්ණ කළ මෙසියස් වහන්සේ බව (“ක්‍රිස්තුස් වහන්සේ”). ඔහුගේ ඇදහිල්ල තුළ විශ්වාසය තිබුණි. යේසුස් වහන්සේ ඔවුන්ගේ පාප උදෙසා මිය ගිය බවත් නැවත උත්ථානවූ බවත්. මන්ද පාවුල් සහ සීලස් දේශනා කළ පණිවිඩයද එයයි (රෝම 10: 9-10 සහ 1 කොරින්ති 15:1-4 බලන්න).

“හැරීම” නම් යමකින් “සම්පූර්ණයෙන්ම හැරීමයි.” අප එක් දෙයක් වෙතට හැරෙන කළ අපි අනිවාර්‍යයෙන්ම තවත් දෙයකින් ඉවත් වේ. අපි යේසුස් වහන්සේ වෙතට හැරුණු විට අපි පාපයෙන් හැරිය යුතුයි. පාප‍ෙයන් හැරීම බයිබලයේ “පසුතැවීම ලෙස හඳුන්වයි” එමෙන්ම යේසුස් වහන්සේ වෙතට හැරීම “ඇදහිල්ල.” එම නිසා පසුතැවීම හා ඇදහිල්ල එකට බැඳී ඇත. පසුතැවීම හා ඇදහිල්ල පිළිබඳව 1 තෙසලෝනික 1:9 හි සඳහන් කරයි “නුඹලා දේවතා රූප කෙරෙන් හැරීම.” කිතුනුවා ඔහුගේ පසුගියාවේ සියලු දේ පසකලීම හා ව්‍යාජ ආගම් ඇදහීමෙන් අහක්වීම නියම කිතුනුවකුගේ හැරීමයි.

මෙය සරළ ලෙස ගත් කළ කිතුනු ධර්මයට හැරීමට ඔබ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කළ යුතුය. ඔබගේ පාපය උදෙසා මැරී උත්ථානවූ තැනැත්තා බවත් ඔබ ගැලවීම අවශ්‍යවූ පව් කාරයෙක් බව දෙවියන් වහන්සේ සමග ඔබ එකඟ විය යුතුයි. එමනිසා ගැලවීම ලැබීමට ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුයි. ඔබ පාපයෙන් යේසුස් වහන්සේ වෙතට හැරුණු කළ දෙවියන් වහන්සේ ඔබට ශුද්ධාත්මයාණන් වහන්සේ දීමට හා ගැලවීම දීමට පොරොන්දු වී ඇත. උන් වහන්සේ ඔබව අලුත් මැවිල්ලක් ලෙසට අළුත් කරයි.

ක්‍රිස්තු ධර්මය එහි සත්‍යතාවය නම් එය ආගමක් නොවේ. ක්‍රිස්තු ධර්මය බයිබලයට අනුකුලව එය යේසුස් වහන්සේ සමග සම්බන්ධතාවය. ක්‍රිස්තු ධර්මය නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව කෙරෙහි විශ්වාස කරන ඕනෑම කෙනෙකුට ගැලවීම ලබා දෙයි. ක්‍රිස්තු ධර්මයට හැරෙන කෙනෙකු තවත් ආගමක සිට තවත් ආගමකට හැරීමක්ම නොව ක්‍රිස්තු ධර්මයට හැරීම නම් දෙවියන් වහන්සේ විසින් දුන් දීමනාව පිළිගැනීම හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග පුද්ගලීක සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. එහි ප්‍රතිඵලය පව් වලට සමාව හා මරණයෙන් පසු හා මරණයෙන් පසු ස්වර්ගයෙහි සදාකාල ජීවනය හිමි වේ.

ඔබ මෙම සටහන කියවීමෙන් ගැලවීම ලැබීමට (ක්‍රිස්තියානි ධර්මයට හැරීමට) ආසාවක් තිබේද? එසේ නම් දෙවියන් වහන්සේ වෙත ඔබ කලයුතු සරළ යාච්ඤාවක් පහත සඳහන් වේ. මේ යාච්ඤාව හෝ තවත් යාච්ඤාවක් කිරීම නිසා ඔබ ගැලවෙන්නේ නැත. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම පමණක් ඔබව ගලවනු ලබයි. මෙම යාච්ඤාව ඔබ දෙවියන් වහන්සේට දක්වන ස්තුතිය හා ඔබගේ ඇදහිල්ල පිළිබඳව උන් වහන්සේට ප්‍රකාශ කිරීමට පමණක් මේ යාච්ඤාව කරන්න. “දෙවියන් වහන්ස මම පව් කර දඬුවම හිමි පුද්ගලයෙක් බව දනිමි. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ දඬුවම උන් වහන්සේ පිට ගත් නිසා උන් වහන්සේ කෙරෙහි ඇදහීමෙන් මට සමාව හිමිවේ. මාගේ ගැලවීම උදෙසා මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ පුදුමාකාර කරුණාව හා සමාව නිසා ඔබට ස්තුතියි-ඔබගේ සදාකාල ජීවනයේ ත්‍යාගයට ස්තුතියි! ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම ක්‍රිස්තියානි ධර්මයට හැරෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries