settings icon
share icon
ප්‍රශ්නය

සන්දර්භානුගත දේවවේදය (දේවධර්මය) යනු කුමක්ද?

පිළිතුර


“සංස්කෘතිකකරණය” ලෙස ද හැඳින්වෙන සන්දර්භානුගත දේවවේදයෙහි (දේවධර්මයෙහි) දැක්වෙන්නේ සෑම යුගයකදීම පල්ලිය තම ඉගැන්වීම් තමන් දකින සංස්කෘතියට අනුවර්‍තනය කරන ආකාරයයි. මේ සඳහා බොහෝ උදාහරණ ඇත, නමුත් සමහර විට හොඳම ඒවා 1 කොරින්ති 11 4-7 දක්වා ඇත. පාවුල්ගේ ඉගැන්වීම සම්බන්ධ වන්නේ හිස ආවරණය කිරීම සම්බන්ධයෙනි. එම සංස්කෘතියේ කාන්තාවක් හිස ආවරණය නොකිරීම කිසිසේත් සිතා ගත නොහැකි දෙයක් විය. විශ්වාසවන්ත කොරින්ති ජාතික බිරිඳගේ හිස ආවරණය කිරීම හෝ ආවරණය කිරීම තුළින් පෙන්නුම් කළේ ඇය තම ස්වාමිපුරුෂයාගේ අධිකාරය යටතේ සිටින බවත් එම නිසා දෙවියන් වහන්සේට යටත් වූ බවත්ය.කොරින්ති සංස්කෘතියේදී කාන්තාවන් සාමාන්‍යයෙන් හිස වසාගෙන සිටියේ තම ස්වාමිපුරුෂයාට යටත් වීමේ සංකේතයක් වශයෙනි. පාවුල් තහවුරු කරන්නේ එම සංස්කෘතික පුථම ලේඛනය අනුගමනය කිරීමේ නිවැරදි භාවයයි - කාන්තාවන්ගේ හිස් ආවරණය ඉවත් කිරීම සංස්කෘතියට මුළුමනින්ම වැරදි සංඥාවක් ලබා දෙනු ඇත. ඇත්ත වශයෙන්ම, පාවුල් පවසන්නේ, ක්‍රිස්තියානි කාන්තාවක් හිස ආවරණය කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ඇගේ හිස කෙස් කැපීමට පවා ඉඩ ඇති බවයි - එය ලැජ්ජාවක් ගෙන දෙන ක්‍රියාවක් (6 පදය). එම සංස්කෘතියේ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ කාන්තාවක් මූලික වශයෙන් කියා සිටියේ “මම දෙවියන් වහන්සේගේ නියෝගයට යටත් වීම ප්‍රතික්ෂේප කරමි” කියා ය. ප්‍රේරිත පාවුල්ගේ ඉගැන්වීම නම්, කාන්තාව විසින් “ආවරණයක්” පැළඳීම දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ ස්ථාපිත අධිකාරියට යටත් වීමේ හෘද ආකල්පයේ බාහිර ඇඟවීමක් බවයි. එම ඉගැන්වීම වෙනත් විවිධ සංස්කෘතීන්ට අනුවර්තනය කිරීම සන්දර්භානුගත දේවධර්ම විෂය යටතේ වැටේ.

පැහැදිලිවම, බයිබලයේ ඉගැන්වීම් සමහර විට සංස්කෘතියේ සන්දර්භානුගතය තුළ අර්ථ නිරූපණය කිරීමට සිදු වේ. එසේවුවද, දේවවචනයේ මූලික මූලධර්ම අදටත් ඒවා ලියන විට තිබූ ඒවාම වේ. 1 කොරින්ති ඡේදයේ ඇති මූලධර්මය නම් ක්‍රිස්තුස්වහන්සේ ශරීරෙයේ හිස සැමියා බිරිඳට හිසින් සිටිය යුතු අතර ඔහුට යටත් විය යුතු අතර සංස්කෘතිකමය වශයෙන් සුදුසු ආකාරයෙන් ඇයගේ යටත් බව පෙන්විය යුතු බවයි.

සන්දර්භානුගත දේවධර්මය බයිබලයේ ප්‍රතිපත්ති භාවිතා කරන නමුත් සමකාලීන යොමු ලක්ෂ්‍ය මඟින් එය පෙරීම කරයි. එවැනි දේවධර්ම පද්ධතියක් සැකසීමේදී යමෙකු භාෂාමය, සමාජ-දේශපාලන, සංස්කෘතික හා මතවාදී කරුණු සලකා බැලිය යුතුය. එහි ප්‍රතිඵලය සමහර විට විශ්වාසයන්ගේ සමකාලීන සංකේතයකි. එක් සංස්කෘතියක් හා සන්දර්භානුගත තුළ “යේසුස් වහන්සේ අනුගමනය කිරීම” ලෝකයේ අනෙක් පැත්තේ වෙනත් සංස්කෘතියක “යේසුස්වහන්සේ අනුගමනය කිරීම” ට වඩා බෙහෙවින් වෙනස් විය හැකි අතර එය කිසිසේත් ක්‍රිස්තියානි ආගමට සමාන නොවේ. පැහැදිලිවම, සන්දර්භානුගත දේවධර්මය ප්‍රවේශමෙන් යෙදිය යුතුය. සත්‍යයක් සංස්කෘතියකට අනුගත වීමේදී සත්‍යයට හානි සිදු වී පරිවර්‍තනයෙන් ශුභාරංචිය නැති වීමේ අවදානමක් සෑම විටම පවතී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සන්දර්භානුගත දේවවේදය (දේවධර්මය) යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries