සන්දර්භය තුළ බයිබලය අධ්‍යනය කිරීම වැදගත් වන්නේ ඇයි? සන්දර්භය තුළින් පදයන් පිටතට ගැනිමේ වරද කුමක්ද?



ප්‍රශ්නය: සන්දර්භය තුළ බයිබලය අධ්‍යනය කිරීම වැදගත් වන්නේ ඇයි? සන්දර්භය තුළින් පදයන් පිටතට ගැනිමේ වරද කුමක්ද?

පිළිතුර:
බයිබලයේ කොටස් සහ කතන්දර එම සන්දර්භයන් තුළ අධ්‍යනය කිරීම ඉතා වැදගත් වේ. සන්දර්භය තුළින් පදයන් පිටතට ගැනීම සියලු ආකාරයේ වැරදි පරිවර්තනයන්ට හේතුවේ. සන්දර්භය වටහා ගැනීම ප්‍රධාන ප්‍රතිපත්ති හතරක් මත ආරම්භ වේ. පදගත අර්ථය (එය කියන්නේ කුමක්ද), ඓතිහාසික පසුබිම (කතන්දරයේ සිදුවීම් මොනවාද, එය ආමන්ත්‍රණය කරණු ලැබුවේ කාටද සහ එකල්හී අය, එය වටහා ගනු ලැබුවේ කෙසේද යන්න). ව්‍යාකරණ (සාන්දෘෂ්ඨික වාක්‍යක හෝ ජේදයක් තුළ වචනයක් හෝ වාක්‍යාංශයක් සොයා ගනු ලැබුවේ නම්) සහසංකලනය ( ලියවිල්ලෙහි අනෙක් කොටස් සමඟ සසැඳීම). සන්දර්භය බයිබල් අර්ථ විවරණය සඳහා ඉතා වැදගත් වේ. කොටසක / ජේදයක පද ගතාර්ථ, ඓතිහාසික, ව්‍යාකරණ ස්වභාවයන් වශයෙන් සළකා බැලීමකින් පසුව, පොතෙහි සැකිල්ල පිළිබඳව අවධානය යොමුකොට, ඉන් පසුව පරිච්ජේදයද ඊටත් පසුව ජේදය කෙරෙහිද අවධානය යොමු කිරීම කළ යුතු වේ. මේ සියල්ල සන්දර්ශය තුළ ඇතුළත් වේ. එය පැහැදිලි කිරීම පිණිස, මෙම සිදුවීම, ගුගල් සිතියමකින් ලෝක සිතියම දෙස බලා ඉන් පසුව ටිකෙන් ටික එක නිවසක් කරා සුමකරණය කිරීමක් ලෙසවේ.

සන්දර්භය තුළින් වාක්‍යාංශයක් හෝ පදයක් ගැනීම බොහෝවිට වැරදි මඟ පෙන්විමකට මං පෙන්විමක් විය හැක. උදාහරණයක් ලෙස "දෙවියන් වහන්සේ ප්‍රේමයයි" (1 යොහාන් 4:7-16) යන වාක්‍යාංශය සන්දර්භයෙන් පිටතට ගත් කල්හි, ශෘංගාර අධික ලැදි කමකින් යුතු ප්‍රේමයකින් අපගේ දෙවියන් වහන්සේ සෑම දෙයකට හා සෑම කෙනෙකුටම සෑම වෙලාවකම ප්‍රේම කරන කෙනෙක් ලෙස සිතිය හැක. නුමුත් පද ගතාර්ථ හා ව්‍යාකරණ සන්දර්භයට අනුව "ප්‍රේමය" මෙතැන්හිදී යොමු කරනු ලබන්නේ අගාපේ ප්‍රේමයටය, එහි හරය නම් අනෙකෙකුගේ යහපත උදෙසා කරන්නාවූ පූජාවීම හැර රසාත්මක හෝ ශෘංගාරාත්මක හැඟීමක් නොවේය. ඓතිහාසික සන්දර්භය වැදගත් වන්නේ, මන්දයත් යොහාන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ පළවෙනි ශත වර්ෂයෙහි සභාවෙහි ඇදහිලිවතුන්ට වන අතර, උපදෙස් දෙනු ලැබුවේ දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ගැන නොව බොරු මහාචාර්යවරුන් ගෙන් සැබෑ ඇදහිලිවතුන් හදුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. සැබෑ ප්‍රේමය- පූජාවීමේ හා ඵලදායී ප්‍රේමය සැබෑ ඇදහිලිවන්තයෙකුගේ සළකුණයි (පදය 7). ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේට අයිති නැත (පදය 8). අප දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළ සේක (පදයන් 9-10) සහ එබැවින් අපද එකිනෙකාට ප්‍රේම කළ යුතු වන අතර එමඟින්, අප එතුමන්ගේ බවට තහවුරු කළ යුතුව ඇත (පදය11-12).

"දෙවියන් වහන්සේ ප්‍රේමයයි" යන වාක්‍යාංශය තව දුරටත් සළකා බැලීමේදී මුළු ලියවිල්ලෙහි සන්දර්භයෙහිදී (සංකලනය) දෙවියන් වහන්සේ ප්‍රේමය පමණක් බව හෝ එතුමන්ගේ අනෙකුත් සියලු ගුණාංගයන්ට වඩා ප්‍රේමය උතුම් යන පොදු සහ වැරදි නිගමනයන්ට පිවිසිමෙන් අප වළක්වනවා ඇත. තවත් බොහෝ ජේදයන් තුළින් දෙවියන් වහන්සේ ශුද්ධ හා ධර්මිෂ්ඨබවත් අවංක හා විශ්වාසවන්ත බවත්, අනුග්‍රහවන්ත හා දයාවන්ත බවත් කරුණාවන්ත හා අනුකම්පා සහගත බවත් සර්වබලධාරී, සර්වස්ථාන සහ සර්වඥ සහ තවත් බොහෝ ගුණාංගයන් අපි දැන ගන්නෙමුව. තව දුරටත් අනෙකුත් පරිච්ජේදයන් හරහා දෙවියන් වහන්සේ ප්‍රේමය පමණක් නොවන බවත් ද්වේශකරණ බවත් දැන ගන්නෙමුව (ගීතාවලිය 11:5).

බයිබලය දෙවියන් වහන්සේගේ වචනය වන අතර පද ගතාර්ථයට අනුව "දෙවියන් වහන්සේගේ හුස්ම" (2 තිමොති 3:16) සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්විමත් පැහැදිලි කිරිමත් සමඟින් අපට අණකර ඇත්තේ හොඳ බයිබල් අධ්‍යන ක්‍රමත් සමඟ කියවා, අධ්‍යනය කර වටහා ගන්නා ලෙසය (1 කොරින්ති 2:14). අපගේ අධ්‍යනයන් විශාල වශයෙන් පුළුල් වනු ලබන්නේ සන්දර්භය තුළ රඳවා ගන්නා උත්සාහයයි. ලියවිල්ලෙහි වෙනත් ජේදයන්ට විරුද්ධ වන ස්ථාන පෙන්වා දීමට අපහසුවක් නොවන අතර, එහි සන්දර්භය දෙස සුපරික්‍ෂාකාරීව නෙත් යොමු කර, ලියවිල්ලෙහි සාකල්‍යය යොමු කිරීමක් ලෙස යොදා ගත්තේ නම් ජේදය වටහා ගන්නවා පමණක් නොව විරුද්ධ වන දෙයද දැකීමට හැකිය. "සන්දර්භය රජය" යන්නෙහි අරුතවන්නේ සන්දර්භය සැමවිට වාක්‍යාංශයන් පළවා හරියි. සන්දර්භය නොසළකා හැරීම අප අපට අති විශාල පාඩුවකට / අනර්ථයකට තල්ලු කර ගැනීමක්ය.





නැවතත් සිංහල මුල් පිටුවට



සන්දර්භය තුළ බයිබලය අධ්‍යනය කිරීම වැදගත් වන්නේ ඇයි? සන්දර්භය තුළින් පදයන් පිටතට ගැනිමේ වරද කුමක්ද?