settings icon
share icon
ප්‍රශ්නය

සමකාලීන දේව ධර්මය නම් කුමක්ද?

පිළිතුර


සමකාලීන දේව ධර්මය සාමාන්‍යයෙන් අර්ථ දක්වනුයේ පළමුවන ලෝක සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා දේව ධර්මයේ සහ දේව ධර්මීය ප්‍රවණතා පිළිබද අධ්‍යයනයක් වශයෙනි. විසිවන ශත වර්ෂයේ සිට වර්තමානය දක්වා දළ වශයෙන් ආවරණය වන පරිදි සමකාලීන දේව ධර්මය මගින් නියමානුකූලව ආමන්ත්‍රණය කරනු ලබන ප්‍රධාන කාණ්ඩ තුළ අන්තර්ගත වනුයේ මූලධර්මවාදයල නව සාධර්ම් කතාවල පෙන්තකොස්තවාදය, එවැන්ජලිස්තවාදය, නව ලිබරල්වාදය, පශ්චාත් වතිකානු 11 වන කතෝලික ධර්මය, විසිවන ශත වර්ෂයේ පෙරදිග සාධර්මික දේව ධර්මය සහ ජනතාන්ත සංවිධානය ආදිය වේ.

මෙම විශාල ප්‍රභේදයන්ට අමතරව සමකාලීන දේව ධර්මය, විමුක්ති දේව ධර්මය, ස්ත්‍රීවාදී දේව ධර්මය සහ විවිධවූ ජනවාර්ගික දේව ධර්මය වැනි විශේෂිත ක්ෂේත්‍ර හා සමගද කටයුතු කරනු ලබයි. විවිධාකාර ආදර්ශ පාඨ නිමග්න වී තිබියදී සමකාලීන දේව ධර්මයේ "ප්‍රවීණයන්" ලෙස සේවය කරන බව විද්වතුන් ස්වල්ප දෙනෙකු ප්‍රකාශ කර සිටිති. ඒ වෙනුවට ප්‍රවණතාවය වන්නේ සමකාලීන දේව ධර්ම පර්යේෂණ ක්ෂේත්‍රයන්හී එක් හෝ වැඩි ගණනක විශේෂ සාමාර්ථයක් ලබා ගැනීමය.

සමකාලීන දේව ධර්මයේ වඩාත් මෑත ශාඛාවක් වනුයේ අන්තර් ආගමික සංවාදය අධ්‍යයනය කිරීමවේ. ඓතිහාසික ක්‍රිස්තියානි දේව ධර්මය විවිධ ආගම් අතර සංවාදයේ පදනම ලෙස කිතුණු නොවන විශ්වාස පද්ධති වල විශ්ව දර්ශනය හා සමග සැසදේ. "ආබ්‍රහමීය ඇදහිල්ල" (යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම) හෝ පෙරදිග ආගම් වන (හින්දු ආගම, බෞද්ධාගම සහ භූගත චීන සභාව වැනි ක්‍රිස්තියානි ව්‍යාපාර ආදී) විශ්වාසයන් දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති හවුල් සාරධර්ම කෙරෙහි මෑත කාලීන පරිශ්‍රීලනයන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

සමකාලීන දේව ධර්මයවූ කලී මූලික වශයෙන් ශාස්ත්‍රීය ශිෂ්‍යත්ව ක්ෂේත්‍රයකි. එසේ හෙයින් එය විද්‍යාව, සමාජමය ගැටළු සහ ආගමික වත්පිළිවෙත් ඇතුළු දේව ධර්මය මුහුණ දෙනු ලබන බුද්ධිමත් අභියෝගයන් ආමන්ත්‍රණය කරනු ලබයි. බොහෝ සමකාලීන දේව ධර්මවාදීන් ක්‍රිස්තියානි උරුමයක් හවුලේ බුක්ති විදිමින් සිටියද සියල්ලන්ම එසේ නොකරති. සැබවින්ම බොහෝ අඥේයවාදීන් සහ අදේවවාදී විද්වතුන්ද මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇති අතර සමකාලීන සමාජය කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය පිළිබදව ඔවුන්ගේ අදහස් උගන්වමින් සිටිති.

දේව වචනය විශ්වාස කරනු ලබන කිතුණුවන්ට සමකාලීන දේව ධර්මය වැදගත් වනුයේ එය මෑත ඉතිහාසයේ විශ්වාසයන් වර්ධනය වන ආකාරය පෙන්නුම් කරනු ලබන හෙයිනි. කෙසේ නමුත් සමකාලීන දේව ධර්මය බොහෝ විට සාම්ප්‍රදායික ක්‍රිස්තියානි දේව ධර්මයෙන් බැහැර වනුයේ විවිධ සමාජ ව්‍යාපාර පෙළ යෙදුම තුළ හෝ වෙනත් විශ්වාස පද්ධති සමග සැසදීමේදී විශ්වාසය ඇගයීමට ලක් කරන විටදීය. දේව වචනානුකුළ විශ්ව දර්ශනයකට අනුගත වීම සාමාන්‍යයෙන් අභිමතාර්ථය නොවේ.

වර්තමානයේ වැදගත් මාතෘකා පිළිබදව දෙවියන්වහන්සේගේ වචනයෙහි උගන්වනු ලබන දේ අවබෝධ කර ගැනීමට කැමති අයට විවිධාකාරවූ සමකාලීන දේව ධර්මීය කරුණු වලින් ප්‍රයෝජනවත් තොරතුරු සොයාගත හැකිවේ. කෙසේ වෙතත් දේව වචනය වූ කලී වෙනස් නොවන්නකි. එය අදටත් සදහටත් ඇදහිලිවන්තයාට සත්‍යයේ සම්මතයකි (2 තිමොති 3:16-17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමකාලීන දේව ධර්මය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries