settings icon
share icon
ප්‍රශ්නය

භාවනාශීලි අධ්‍යාත්මිකතාවය යනු කුමක්ද?

පිළිතුර


භාවනාශීලි අධ්‍යාත්මිකතාවය වනාහි දෙවියන්වහන්සේව මධ්‍යස්ථ කොට ගත් හෝ දේව වචනයට අනුකූලව ජීවත් වන්නට ආශා කරන්නාවූ පුද්ගලයන්ට අතීශයින් භයානක දෙයකි. මෙය සාමුහික වශයෙන් සහභාගිකම් දරන්නේ ව්‍යාජ ඉගැන්වීම් වලින් හෙබි මතුවන්නාවූ සභා සංචලනය හා සමගිනි. එය බොහෝ වශයෙන් භාවිතා කරනු ලබන්නේ කිතුණු ආගම සමග කිසිඳු හෝ කුඩා හෝ සම්බන්ධතාවයක් ඇති බොහෝ විවිධ කණ්ඩායම් මගිනි. සිරිත් පරිදි භාවනාශීලි අධ්‍යාත්මිකතාවය දේවවචනය හා සම්බන්ධ දෘෂ්ධිකෝණයකින් යුතුවූ භාවනාවක් නොවූවත් මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ භාවනාව මතයග යොෂුවා 1: 8 වැනි පාඨයන් තුළින් අපට මෙනෙහි කිරීමට දිරිගන්වනු ලබයි “මේ වHවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.”භාවනාවේ කේන්ද්‍ර විය යුත්තේ කුමක්ද යන්න සැලකිල්ලට ගත යුතුය, එනම් දේව වචනයයි. වචනානුසාරයෙන්ම කිවහොත් භාවනාශීලි අධ්‍යාත්මිකතාවය ප්‍රේරණය කොටගත් භාවනාව කිසිවක් කේන්ද්‍ර කොට නොගනියි. පරිවායකයකු දිරි ගැන්වී ඇත්තේ සම්පූර්ණයෙන්ම ඔහුගේ හෝ ඇයගේ මනස හිස් කොට ඒ හේතුකොටගෙන නිකරුණේ පැවැතීමටය. සිතූ පරිදිම මෙය යම් කෙනෙකුට ඉමහත් අධ්‍යාත්මික අත්දැකීමකට විවෘත වීමට උපකාරවේ. කෙසේ නමුත් අපව දිරිගැන්වී ඇත්තේ අපගේ මනස ක්‍රිස්තුස්වහන්සේ පරිදී පරිණාමනය කරගැනීමටය එනම් උන්වහන්සේගේ මනස ඇති කර ගැනීමටය. අපගේ මනස හිස් කරගැනීම එවැනි ක්‍රියාශිලී සචේතන පරිණාමනයකට ප්‍රතිවිරුද්ධවේ.

භාවනාශීලි අධ්‍යාත්මිකතාවය දෙවියන්වහන්සේ හා සමග ගූඨ අත්දැකීමක් පරිශීලනය කර ගැනීමට අනුබලදෙයි. ගූඨවාදය වනාහී දෙවියන්වහන්සේ පිළිබද දැනුමල අධ්‍යාත්මික සත්‍යතාවය සහ පර්යන්ත යථාර්ථය විෂයාත්මක අත්දැකීමක් තුළින් අත්පත් කරගත හැකිය යන විශ්වාසයයි. මෙම අනුභූතිමය දැනුම පිළිබද අවධාරණය ශුද්ධ ලියවිල්ලේ ආධිපත්‍යය නැති කර දමයි. අප දෙවියන්වහන්සේව දැනගෙන ඇත්තේ දේව වචනයට අනුරූපවය. “දෙවියන්වහන්සේගේ මනුෂ්යයා සම්පූර්ණව, සියලු යහපත් කs%යා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්දීමටත් ප%යෝජනවත්ව තිබේ.” 2 තිමොති 3:16–17– දේව වචනය පරිපූර්ණය. දෙවියන්වහන්සේ විසින් දේව වචනයට ගූඨ අත්දැකීම් තුළින් අතිරේක ඉගැන්වීම් හෝ සත්‍යතාවයන් එකතු කරනු ලබන බව විශ්වාස කිරීමට කිසිඳු හේතුවක් නොමැත. ඒවෙනුවට අපගේ ඇදහිල්ල සහ අප දෙවියන්වහන්සේ පිළිබදව දන්නාවූ දේ පදනම් වී ඇත්තේ කාරුණු මතය.

භාවනාශීලි අධ්‍යාත්මිකතා මධ්‍යස්ථානය පිළිබදව ඇති වෙබ් අඩවිය ඉතා හොදින් මෙසේ ලූහුඩින් දක්වයි, අප පැවත එන්නේ විවිධ ලෝකායත්ත සහ ආගමික පසුබිම් වලිනි, අප සෑම කෙනෙකුම අපගේ ගමන වඩාත් සඵල කර ගන්නේ අධ්‍යාත්මික පෙරහුරුව සහ ලෝකයේ බලවත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමෙන්ය. සියළු මැවිල්ල ව්‍යාප්ත කරන්නාවූ සහ සියළු ජීවින් කෙරෙහි අනුපම්පාව දැක්වීමට අපව පොළඹවනු ලබන ආදරණීය ආත්මයට වඩාත් ලංවීමට අපේක්ෂා කරමු. ,එවන් ඉලක්ක පිළිබද උදක්ම දේව වචනය හා බැඳුනු කිසිවක් නොමැත. ලෝකයේ අධ්‍යාත්මික සම්ප්‍රදායන් හැදෑරීම නිෂ්ඵලභාවය පිළිබද අභ්‍යාසයකි මන්දයත් ක්‍රිස්තුස්වහන්සේව උසස් නොකරන්නාවූ අනෙකුත් සෑම අධ්‍යාත්මික සම්ප්‍රදායක්ම ව්‍යාජයකි. දෙවියන්වහන්සේට ලගාවීමට ඇති එකම ක්‍රියාමාර්ගය නම් උන්වහන්සේ විසින් නියම කරනු ලැබූ මාර්ගයයි – යේසුස්ක්‍රිස්තුස්වහන්සේ සහ දේව වචනයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භාවනාශීලි අධ්‍යාත්මිකතාවය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries