භාවනාශීලී යාච්ඤා යනු කුමක්ද?



ප්‍රශ්නය: භාවනාශීලී යාච්ඤා යනු කුමක්ද?

පිළිතුර:
භාවනාශීලී යාච්දෘව නිර්වචනය කිරීම වැදගත්වේ. භාවනාශීලී යාච්ඤාව යනු හුදෙක් “මෙනෙහි කරමින් කරන්නාවූ යාච්දෘවක්” නොවේ. දේව වචනයේ අපට උපදෙස් දෙනු ලබන්නේ සිහි කල්පනාවෙන් යාච්ඤා කරන ලෙසයි. (1 කොරින්ති 14:15) එසේ හෙයින් පැහැදිලිවම යාච්ඤාවෙහි ඒකාග්‍රතාවය අන්තර්ගතවේත. කෙසේ නමුත් භාවනාශීලී යාච්ඤාව යන්නෙහි අදහස හුදෙක් සිහි කල්පනාවෙන් යාච්ඤා කිරීම නොවේ. මතුවන්නාවූ සභා සංචලනයේ (එනම් ශුද්ධ ලියවිල්ලට පටහැනි වූ අදහස් සහ භාවිතයන් වැළද ගන්නාවූ සංචලනයකි) පිබිදීමත් සමගම භාවනාශීලී යාච්ඤාව කෙමෙන් එහි භාවිතය සහ ජනප්‍රියභාවය වැඩි වෙමින් පවතියි. භාවනාශීලී යාච්ඤාව යනු එවන් භාවිතයකි.

කේන්ද්‍රගත යාච්ඤාව ලෙසද හැදින්වෙන භාවනාශීලී යාච්ඤාව වනාහී භාවනාමය භාවිතයක් වන අතර පරිවායකයා එක් වචනයක් කේන්ද්‍රගත කොටගෙන ව්‍යායාම කාලමාත්‍රාව තුළ එය නැවත නැවතත් කීමයි. භාවනාශීලී යාච්ඤාව භාවිතා කරන කණ්ඩායම් මගින් විවිධ ක්‍රම යොදා ගත්තත් එහි සමානත්වයන් ඇත. දෙවියන්ගේ අභිමුඛය සහ ක්‍රියාකාරිත්වය අනුමත කරන්නාවූ ඔබගේ අභිප්‍රායේ සංකේතයක් ලෙස පූජනීය වචනයක් තෝරා ගැනීම භාවනාශීලී යාච්ඤාවෙහි අඩංගුවේ. භාවනාශීලී යාච්ඤාවට ඇතුලත් වන්නේ දෙනෙත් පියාගෙන පහසුවෙන් හිදගෙන සැකවින් සහ නිශ්චලව තැන්පත්වී පූජනීය වචනය හඳුන්වා දීමය. භාවනාශීලීව යාච්ඤා කරන්නකු සිතුවිලි පිළිබද පරික්ෂාකාරි වූ විට ඔහු හෝ ඇය ඉතා මෘදු ලෙස පූජනීය වචනය වෙත නැවත පැමිණිය යුතුවේ.

මෙය ඉතා අහිංසක අභ්‍යාසයක් ලෙස හැගුනත් මෙවන් යාච්ඤාවන්ට කෙසේ හෝ ශුද්ධ ලියවිල්ල හා බැඳුනු සහයෝගීතාවයන් නැත. මෙය වූ කලී යාච්ඤාව දේව වචනයේ නිර්වචනය කොට ඇති ආකාරයට ප්‍රතිවිරුද්ධ වූවකි. “නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතාල සියල්ලෙහිදි ස්තුති දීම සමග යාච්දෘවෙන්ද කන්නලවිවෙන්ද නුඹලාගේ ඉල්ලීමි දෙවියන්වහන්සේට දන්වාපල්ලා” (පිලිප්පි 4:6). (ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැතග සැබවක් සැබවක් නුඹලාට කියමි) පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලූවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙන සේක. මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලූවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලාපල්ලා, එවිට නුඹලාට ලැබෙන්නේය (යොහාන් 16:23–24) ඉහත පද සහ අනෙකුත් ඒවායින් පැහැදිලිව නිරූපණය කරන්නේ යාච්ඤාව ගූඨ, රහස්‍ය භාවනාවක් නොව එය දෙවියන්වහන්සේ හා සමග කරන්නාවූ වටහා ගත හැකි සන්නිවේදන ක්‍රමයකි.

භාවනාශීලී යාච්ඤාවෙහි රටාව යොමු වන්නේ දෙවියන්වහන්සේ හා සමග ගූඨ අත්දැකීමක් ලබා ගැනීම කෙරෙහිය. කෙසේ නමුත් ගූඨවාදය හුදෙක් විෂයාත්මක වන අතර එය සත්‍යය සහ කරුණු මත රදා නොපවතියි. එසේ වුවද දේව වචනය අපට දී ඇති අරමුණ නම් අපගේ ඇදහිල්ල සහ ජීවිතය සත්‍යය මත රදා පැවතීම පිණිසයි. (2 තිමොති 3:16–17) අප දෙවියන්වහන්සේ ගැන දන්නාවූ දේ පදනම් වී ඇත්තේ කරුණු මතයත බයිබලය හා සම්බන්ධ වාර්ථා වලට ඉහතින් අත්දැකීම් පාදක කොටගත් දැනුම කෙරෙහි විශ්වාස තැබීම මගින් සම්මත බයිබලයෙන් පිටතට පුද්ගලයකු ගෙන යයි.

භාවනාශීලී යාච්ඤාව පූර්ව ආගම් සහ නව යුගයේ භාවිතා කරන්නාවූ භාවනාමය ව්‍යායාම් හා සමග වෙනස් නොවේ. ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන් පමණක් බවට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කර තිබුණත් (යොහාන් 14:6) බොහෝ වාචික ආධාරකයන් සියළු ආගමික භක්තිකයන් අතරින් විවෘත අධ්‍යාත්මිකතාවය වැළද ගන්නේ ගැළවීම විවිධ මාර්ග වලින් අත්පත් කර ගත හැකි බවට අනුබල දීමෙන්ය. භාවනාශීලී යාච්ඤාව නවීන යාච්ඤා සංචලනයෙහි භාවිතා කරන ආකාරයට බයිබලය හා සම්බන්ධ ක්‍රිස්තියානි ආගමට ප්‍රතිවිරුද්ධ වන අතර ඉඳුරාම මග හැරිය යුතුය.



නැවතත් සිංහල මුල් පිටුවට



භාවනාශීලී යාච්ඤා යනු කුමක්ද?