settings icon
share icon
ප්‍රශ්නය

හෘද සාක්ෂ්‍යය නම් කුමක්ද?

පිළිතුර


හෘද සාක්ෂ්‍යය නිර්වචනය කරනු ලබන්නේ අප එය උල්ලංඝනය කළ විට අපගේ මනුෂ්‍යය මනස විසින් මානසික සංවේගය සහ සාවද්‍යතා හැගීම් පොළඹවන විට සහ සන්තුෂ්ටිමත් හැගීම් මෙන්ම යහපැවැත්ම අපගේ ක්‍රියාවන්ල සිතුවිලි සහ වචන අපගේ වටිනාකම් පද්ධතියට අනුකූල වූ විටය. නව ගිවිසුමේ සදහන් “හෘද සාක්ෂ්‍යය” ලෙස පරිවර්තනය කොට ඇති “සුනෙයිඩෙසිස්” යන ග්‍රීක වචනයෙහි අර්ථය “සදාචාරාත්මක දැනුවත්භාවය” නොහොත් “සදාචාර විඥානය” යන්නය. හෘද සාක්ෂ්‍යය ප්‍රතිචාර දක්වනු ලබන්නේ යම් කෙනෙකුගේ ක්‍රියාවන්ල සිතුවිලි සහ වචන හරි වැරදි පිළිබද සම්මතයට අනුකූල හෝ ඊට පටහැනි වූ විටය.

නව ගිවිසුමේ “සුනෙයිඩෙසිස්” යන්නට සමාන වූ හෙබ්‍රව් පදයක් පැරණි ගිවිසුමේ නොමැත. “හෘද සාක්ෂ්‍යය” යන්නට හෙබ්‍රව් වචනයක් හිගව පැවතීම සමහර විට පුද්ගලයෙකුට වඩා වාර්ගික භේදයක් ඇති යුදෙව් ලෝක දර්ශනය නිසා විය හැක. හෙබ්‍රව් ජාතිකයා පුද්ගලයෙකුට වඩා දෙවියන් වහන්සේ හා ඔහුගේ නීති සමග සම්බන්ධ වූ ගිවිසුමේ ප්‍රජාවක් ලෙස තමන් සැලකුවේය. වෙනත් වචන වලින් කිවහොත් හෙබ්‍රව් ජාතිකයා දෙවියන්වහන්සේ ඉදිරියේ තමාගේ තත්වය පිළිබදව නිශ්චිත වූයේ මුළු හෙබ්‍රව් ජාතියම සමස්තයක් ලෙස උන්වහන්සේ හා සමග යහපත් මිත්ත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබුණහොත්ය. නව ගිවිසුමේ හෘද සාක්ෂ්‍යය යන සංකල්පය පුද්ගලයෙකුගේ ස්වභාවය ගන්නා අතර ප්‍රධාන සත්‍යයන් තුනක් අන්තර්ගතවේ. පළමුව, හෘද සාක්ෂ්‍යය වූ කලී ස්වයං ඇගයීම පුහුණු වීම සදහා දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ සාමර්ථයකි. පාවුළු කිහිප වතාවක්ම තමන්ගේ හෘද සාක්ෂ්‍යය “යහපත්” හෝ “පැහැදිලි” යනුවෙන් හඳුන්වනු ලබයි (ක්‍රියා 23:1; 24:16; 1 කොරින්ති 4:4). පාවුළු ස්ව වචන සහ ක්‍රියාවන් පරීක්ෂා කොට බලා ඒවා තමන්ගේ සදාචාරය සහ වටිනාකම් පද්ධතිය හා අනුකූල බවත්ල සැබවින්ම දෙවියන්වහන්සේගේ සම්මතයන් මත පදනම් වූවන් බවත් ඒත්තු ගත්තේය. ඔහුගේ හෘද සාක්ෂ්‍යය ඔහුගේ හදවතේ නිර්ව්‍යාජභාවය තහවුරු කළේය.

දෙවනුව, නව ගිවිසුම මගින් හෘද සාක්ෂ්‍යය යම් දෙයකට සාක්ෂ්‍යයක් ලෙස නිරූපණය කරනු ලබයි. පාවුළු විසින් ප්‍රකාශ කරනු ලබන්නේ අන්‍ය ජාතීන්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතිබුනත් දෙවියන්වහ්නසේගේ ව්‍යවස්ථාවට අවනත වීම නමැති හෘද සාක්ෂ්‍යය ඔවුන්ගේ හදවත් වල ලියැවී තිබෙන බවය (රෝම 2:14–15). ඔහු තමාගේ හෘද සාක්ෂ්‍යයට ආයාචනය කරනු ලබන්නේ සැබෑව පවසනු ලබන සාක්ෂ්‍යයකරුවකු ලෙසත් (රෝම 9:1) මනුෂ්‍යයන් හා සමග කටයුතු කිරීමේදී තමන් ශුද්ධකමින් සහ අවංකකමින් මෙහෙයවනු ලැබූ බවත්ය (2 කොරින්ති 1:12). ඔහු තවදුරටත් ප්‍රකාශ කරනු ලබන්නේ ඔහුගේ හෘද සාක්ෂ්‍යය ඔහුට පවසනු ලබන්නේ ඔහුගේ ක්‍රියාවන් දෙවියන්වහන්සේට ඉතා පැහැදිලිව පෙනෙනු ලබන බවත් අනෙකුත් මනුෂ්‍යයන්ගේ හෘද සාක්ෂ්‍යයන් වලට සාක්ෂිකාරයෙකු වන බවත්ය (2 කොරින්ති 5:11).

තෙවනුවල හෘද සාක්ෂ්‍යය වනාහි යම් පුද්ගලයෙකුගේ වටිනා පද්ධතියෙහි සේවකයෙකු බවය. නොමේරු හෝ දුර්වල වටිනාකම් පද්ධතියක් දුර්වල හෘද සාක්ෂ්‍යයක් උපදවනු ලබන අතරල සම්පූර්ණ තොරතුරු පද්ධතියක් හරි වැරුද්ද පිළිබදව ප්‍රබල හැගීමක් උපදවයිග කිතුණු ජීවිතයේ යම් කෙනෙකුගේ හෘද සාක්ෂ්‍යය ශුද්ධ ලියවිල්ගේ සත්‍යයන් පිළිබදව අප්‍රමාණවත් අවබෝධයකින් මෙහෙයවනු ලැබිය හැකි අතර සාවද්‍යය සහ ලජ්ජා සහගත හැගීම් ගැටළු වලට ප්‍රමාණුකූල නොවන විසඳුම් ගෙන දිය හැක. ඇදහිල්ලෙන් පරිණත වීම තුළින් හෘද සාක්ෂ්‍යය ශක්තිමත් කරනු ලබයි.

හෘද සාක්ෂ්‍යය පිළිබද අවසාන කාර්‍යය නම් පාවුළු තමාගේ උපදෙස් තුළින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ දේවතා රූප වලට පුදනු ලැබූ ආහාර අනුභව කිරීම පිළිබදවය. ඔහු විසින් සදහන් කරනු ලබන්නේ දේවතා රූප සැබෑ දෙවිවරුන් නොවන හෙයින් ඔවුන්ට ආහාර පුද කරනු ලැබුවාද නැද්ද යන්නෙහි කිසිඳු වෙනසක් නොමැති බවය. එනමුත් කොරින්ති සභාවේ අන් සමහර පුද්ගලයන් ඔවුන්ගේ අවබෝධයෙන් දුර්වල වී සිටි හෙයින් එවන් දෙවිවරුන් සැබවින්ම පැවතුනු බවට විශ්වාස කරනු ලැබූහ. මෙම නොමේරු ඇදහිලිවන්තයින් දේවතා රූප වලට පුදනු ලැබූ ආහාර අනුභව කිරීම පිළිබදව සිතුවිල්ල කෙරෙහි තැති ගනු ලැබුවේ ඔවුන්ගේ හෘද සාක්ෂ්‍යයන්ට දැනුම් දෙනු ලැබුවේ දෝෂ සහගත අගතියන් සහ මිථ්‍යාමතයන්ගෙන් වූ හෙයිනි. එසේ හෙයින් පාවුළු තමන්ගේ අවබෝධයන්ගෙන් පරිණතවූවන්ව ධෛර්‍යයමත් කරනු ලබන්නේ ඔවුන්ගේ දුර්වල සහෝදරයන් ඔවුන්ගේ ක්‍රියාවන් හෙළා දකිනු ලැබේ නම් ඒවා අනුභව කිරීම තුළින් ඔවුන්ගේ නිදහස භාවිතා නොකරනු ලබන ලෙසය. මෙහිදී අපට ලබා ගත හැකි පාඩම නම් පරිණත විශ්වාසය සහ අවබෝධය කරණකොටගෙන අපගේ හෘද සාක්ෂ්‍යය පැහැදිලි නම් ප්‍රබල හෘද සාක්ෂ්‍යයක් තුළින් ලැබෙන්නාවූ නිදහස අප විසින් භාවිතා නොකළ යුත්තේ දුර්වල හෘද සාක්ෂ්‍යයක් ඇති අයව එතුළින් පැකිලීමට පත් නොකරනු පිණිසය.

නව ගිවිසුමේ ඇති සාක්ෂ්‍යය පිළිබදව තවත් නිර්දේශයක් නම් කර්කශ බවට පමුණුවනු ලැබූ හෝ හැගීම් විරහිත වූ එනම් උණුසුම් යකඩයක දාහක මගින් පුළුස්සනු ලැබූ හෘද සාක්ෂ්‍යයක් ලෙසය (1 තිමොති 4:1–2). එවන් හෘද සාක්ෂ්‍යයක් වනාහි දැඩි හෝ අනුකම්පා විරහිත තවදුරටත් කිසිඳු හැගීමක් නොමැති වූවක් බවය. කර්කශ හෘද සාක්ෂ්‍යයක් ඇත්තෙකු තවදුරටත් එහි පෙළඹවීම් කෙරෙහි ඇහුම්කන් නොදෙනු ලබන අතර ඔහුට සිතු මනාප සේ පව් කරමින් ඔහුගේ ප්‍රාණය පිළිබද සියල්ලම යහපත් බව සිතමින් මුළාවී සංවේදී නොවී සහ අනුකම්පා රහිතව අන් අයට සැළකිය හැක.

කිතුණුවන් ලෙස අප අපගේ හෘද සාක්ෂ්‍යය පැහැදිලිව තබා ගත යුත්තේ දෙවියන් වහන්සේට කීකරු වෙමින් සහ උන්වහන්සේ හා සමග අපගේ සම්බන්ධතාවය ස්ථාවර ලෙස තබා ගැනීමෙනි. අපට මෙය කළ හැක්කේ උන්වහන්සේගේ වචනය ආදේශ කර ගැනීමෙන් සහ අපගේ හදවත් නිරන්තරයෙන් මෘදු කර ගැනීමෙනි. දුර්වල හෘද සාක්ෂ්‍යයක් ඇත්තවුන් පිළිබදව අප සලකා බලන්නේ ඔවුන්ට කිතුණු ප්‍රේමයෙන් සහ අනුකම්පාවකින් සැලකීම තුළිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

හෘද සාක්ෂ්‍යය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries