settings icon
share icon
ප්‍රශ්නය

කොන්ෆියුෂියානුවාදය නම් කුමක්ද?

පිළිතුර


කොන්ෆියුෂියානුවාදය එනමි සුභවාදී මානවවාදීන්ගේ ආගමක් වන අතර චීනයේ ජීවය, සමාජමය ව්‍යූහය සහ දේශපාලන චින්තනය කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කරනු ලැබීය. මෙම ආගමෙහි ආරමිභය ක්‍රි. පූ. 500 වර්ෂයේ උපත ලැබූ කොන්ෆියුසියස් ලෙස හඳුන්වනු ලැබූ මිනිසෙකු කරා පිටුපසටම දිවයයි. කොන්ෆියුෂියානුවාදය මූලික වශයෙන් කටයුතු කරනු ලබන්නේ සදාචාර හැසිරීම සහ ආචාරධර්මීව ජීවත් වීම පිළිබදව වන අතර බොහෝ වශයෙන් වර්ගීකරණය කොට ඇත්තේ ආගමකටත් වඩා ආචාරධර්ම පද්ධතියක් ලෙසය. එමගින් අවධාරණය කරනු ලබන්නේ මේ පොළොව පිළිබද දේ විනා ස්වර්ගික දේ නොවේ. කොන්ෆියුෂියානුවාදයේ ඉගැන්වීම් කේන්ද්‍රස්ථාන කරනු ලබන්නේ:

1. මුතුන් මිත්තන්ට නමස්කාර කිරීම – මියැදුන මුතුන් මිත්තන්ට ප්‍රණාමය පුද කරනු ලබන්නේ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ වස්තු සම්භාරය පාලනය කරනු ලබන්නේ එය මියැදුනුවන්ගේ ආත්මය බව යන විශ්වාසය හේතුකොටගෙනය.

2. භක්තිවන්තකම – පවුලේ වැඩිමහල්ලන්ට තරුණ සාමාජිකයන්ගේ බලවත් ඇල්ම සහ කීකරුකම මෙන්ම මහත් ගෞරවයක් දැක්වීමේ.

කොන්ෆියුෂියානුවාදයේ ප්‍රමුඛතම මූලධර්ම නම්:
1. ජෙන් – රන් නියමය
2. චුන් – ටායි – ආචාරශ්‍රීලි ගුණවත් මිනිසා
3. චෙන් – මින්ග් – සමාජයේ භූමිකාවන් නිසි ලෙස ඉටු කිරීම
4. ටෙ – ගුණධර්මයේ බලය
5. ලි – හැසිරීමෙි පරිපූර්ණ ප්‍රමිතීන්
6. වෙන් – සාමකාමී කලා ශිල්ප (සංගීතයල කාව්‍යයන්, යනාදිය).

කොන්ෆියුෂියානුවාදයේ ආචාරධර්ම පද්ධතිය ප්‍රශංසා කිරීමට බොහෝ දේ ඇත්තේ තනි පුද්ගලයෙකු තුළ හෝ සමාජය තුළ ගුණවත්කම සෑම විටම අතීශයින්ම ප්‍රිය කරනු ලබන්නක් හෙයිනි. කෙසේ නමුත් කොන්ෆියුෂියස් විසින් ආරක්ෂා කර ගනු ලැබූ ආචාරධර්ම දර්ශනවාදය වනාහී ස්ව උත්සාහය කරණකොටගෙන වූ අතර දෙවියන්වහන්සේට කිසිඳු අවකාශයක් නොහොත් අවශ්‍යතාවයක් ඉතිරි නොකරනු ලැබීය. කොන්ෆියුෂියස් විසින් උගන්වනු ලැබූයේ මනුෂ්‍යයාට තමන්ගේ දිවිපෙවෙත වැඩි දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වන සියල්ලම කර ගැනීමට හැකියාවක් තිබෙන්නේ එය ඉෂ්ට කර ගැනීම සදහා තමා තුළ ඇති ගුණාංග මත රදා පවතින හෙයිනි. දේවවචනානුකූල කිතුණු ධර්මය කෙසේ නමුදු උගන්වනු ලබන්නේ තත්වාකාරයෙන්ම ඊට මුළුමනින්ම විරුද්ධ වූවකි. මනුෂ්‍යයා "තමන්ගේ ක්‍රියාව පිරිසිදු කර ගැනීමට" සමර්ථ නොවනවා පමණක් නොව ඔහුට කිසිම ආකාරයකින් දෙවියන්වහන්වහන්සේව ප්‍රසන්න කිරීමට හෝ ස්වර්ගයේ සදාකාල ජීවනය ලබා ගැනීමට හැකි නොවේ.

දේව වචනයෙහි අපට උගන්වනු ලබන්නේ මනුෂ්‍යයා උපතේ සිටම සහජයෙන්ම පව්කාරයන් මෙන්ම (යෙරමියා 17:9) ශුද්ධවූ හා පරිපූර්ණ ධර්මිෂ්ඨ වූ දෙවියන්වහන්සේට ඔහුව පිළිගත හැකි ආකාරයට ප්‍රමාණවත් වන යහපත් ක්‍රියා කිරීමට අපොහොසත් බවය. "කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ කරනු නොලබන්නේය" (රෝම 3:20). සරලවම කිවහොත් එසේ කිරීමට මනුෂ්‍යයාට ගැළවුම්කරුවාණන් කෙනෙකු පිළිබද ඇති දැඩි අවශ්‍යතාවයක් මතුවේ. අපගේ පාපයේ කුලිය ගෙවනු සදහා කුරුසිය මත දිවි පුදා දෙවියන්වහන්සේ ඉදිරියේ අපව පිළිගත හැකි ආකාරයට පත් කිරීමට දෙවියන්වහන්සේ විසින් එම ගැළවුම්කරුවාණන්ව අප හට දෙනු ලැබූ සේක. උන්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය අප වැනි පව්කරුවන් වෙනුවෙන් හුවමාරු කර ගනු ලැබූ සේක. "අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන්වහන්සේ) සැලැස්සූ සේක" (2 කොරින්ති 5:21).

කොන්ෆියුෂියානුවාදය අනෙකුත් ව්‍යාජ ආගමි මෙන්ම මනුෂ්‍යයාගේ ක්‍රියාවන් සහ හැකියාවන් මත රදා පවතියිග කිතුණු ධර්මය හුදෙකලාවම පිළිගනු ලබන්නේ "මක්නිසාද සියල්ලෝම පවිකොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති" :රෝම 3ථ23– බවත් එහි අනුගාමිකයින් අසහාය ලෙසම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරහි රදා පවතිනු ලබන්නේ උන්වහන්සෙගේ් කුරුසි පූජාව කරණකොටගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු ලබන්නන්ට ගැළවීම ලබා දී ඇති හෙයින් මෙන්ම ඔවුන්ගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි පමණක් තබා ඇති හෙයිනිග

English



නැවතත් සිංහල මුල් පිටුවට

කොන්ෆියුෂියානුවාදය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries